leader s

චීන තායිවාන ප්‍රදේශය යොදා ගෙන චීනය මර්දනය කිරීමට ඇමරිකාව දරන උත්සාහය නිෂ්ඵල බව චීනය පවසනවා. ඇමරිකානු ඩොලර් බිලියන 11ක වටිනාකමින් යුත් අවි තොගයක් චීනයේ තායිවාන ප්‍රදේශයට අලෙවි කිරීමේ ඇමරිකාවේ සූදානමට ප්‍රතිචාර වශයෙන් මේ බව සඳහන් කර තිබෙනවා.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun ඊයේ (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියාසිටියේ තායිවානය යොදා ගෙන චීනය මර්දනය කිරීමට ඇමරිකාව දරන උත්සාහය කිසිවිටෙකත් සාර්ථක නොවන බවයි. ඇමරිකාවේ එවැනි ක්‍රියා එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන උල්ලංඝනය කිරීමක්‍ බවයි චීනය පවසන්නේ.  

මෙම ක්‍රියාවෙන් ඇමරිකාව තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥාවක් ද නිකුත් කර තිබෙනවා. ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට සිදු කරන එම අවි අලෙවියට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවත්, ඇමරිකාවේ එම ක්‍රියාව තරයේ හෙළා දකින බවත්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්