leader s

බංග්ලාදේශයේ රෝහලක ප්‍රථිකාර ලබන එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා ශියාගේ (Khaleda Zia)

 තත්ත්වය බරපතළ බව ඇයගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

මේ වන විට 80 හැවිරිදි වියේ පසුවන ඇය ඩකාහි රෝහලක තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය නොවැම්බර් මස 23වනදා රෝහල් ගත කර කලීඩා ශියා දෙසැම්බර් මස 11වනදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් පසුවන බවද වාර්තා වේ.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන කලීඩා ශියා එරට පළමු කාන්තා අගමැතිවරියයි.

ලබන පෙබරවාරි මාසයේ පැවැත්වෙන බංග්ලාදේශයේ තීරණාත්මක මහ මැතිවරණයේදී අගමැති ධූරයට තරග කිරීම වෙනුවෙන් ඇයගේ පුත් තාරික් රහ්මන්ඩ් පසුගියදා බංග්ලාදේශය වෙත පැමිණ තිබුණේ වසර 17ක කාලයක් එංගලන්තයේ රැදී සිටීමෙන් අනතුරුවය.

මුලාශ්‍රය :

Bangladesh’s Khaleda Zia hospitalised in ‘very critical’ condition

Bangladesh's ex PM Khaleda Zia passing through ‘extremely critical phase,’ says doctor


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්