leader s

2021 වසරේදී නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය හමුදා කුමන්ත්‍රණයකින්

පෙරළා දැමීමෙන් පසු මියන්මාරයේ පැවැත්වෙන පළමු මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම මේවනවිට අවසන් වී තිබේ.

දැඩි මර්දනයක් සහ සීමා මධ්‍යයේ පැවති මෙම මැතිවරණය, අද (28) උදෑසන 6 ට ආරම්භ වුණු අතර සවස 4 ට අවසන් විය.

මියන්මාරයේ සිවිල් යුද ගැටුම් පවතින අතර, එම පළාත්වල මැතිවරණ පැවැත්වීම සිදුවූයේ නැත.

සිවිල් යුද ගැටුම් හේතුවෙන් බොහෝ ප්‍රදේශ හමුදා පාලනයට නතු නොවීම නිසා, නගර 330න් ඡන්දය විමසුම පැවැත්වූයේ තුනෙන් එකක පමණ ප්‍රමාණයක් යැයි පැවැසිණි.

ආරක්ෂක හේතූන් මත ප්‍රදේශ 65ක ඡන්ද විමසීම සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මේ හේතුවෙන් එරට ජනගහනයෙන් අවම වශයෙන් සියයට 20කට පමණ තම තමන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරීමට අවස්ථාව අහිමි වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අඩු මට්ටමක පැවති බව වාර්තා වේ. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ තුනෙන් එකක පමණ පිරිසක් බව ද මැතිවරණ නිලධාරීන් ඇස්තමේන්තු ගතකර ඇත.

මැතිවරණයට ඉදිරිපත් වීම වළක්වන ලද විපක්ෂ කණ්ඩායම් සහ ජාත්‍යන්තර සංවිධාන පවසා ඇත්තේ මෙම මැතිවරණ‍ය, හමුදා පාලනය නීත්‍යානුකූල කර ගැනීම සඳහා පවත්වන සංදර්ශනයක් පමණක් බවය.

මැතිවරණයේ මීළඟ අදියර ලබන ජනවාරි 11 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතය.

(lankadeepa)


මුලාශ්‍රය :

Polls close on first day of Myanmar's widely criticised 'sham' election

Weak turnout seen in Myanmar's phased election, first since 2021 coup


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්