තත්පර දෙකක් තුළ පැයට කිලෝ මීටර් 700 ක වේගයක් ලබා ගනිමින් චීන දුම්රියක් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.
චීනයේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස චීනය මෙම නව ලෝක වාර්තාව පිහිටුවා තිබේ.
සුපිරි සන්නායක විද්‍යුත් මැග්ලෙව් පද්ධතියක් භාවිත කරන දුම්රියක් තත්පර දෙකක් තුළ පැයට කිලෝ මීටර 700 ක වේගයක් ළඟා කරගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
මීටර් 400 ක මැග්ලෙව් දුම්රිය මාර්ගයක් භාවිත කරමින් චීනයේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලය මෙම පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී කිලෝ දහසක් බර දුම්රියක් තත්පර දෙකක් තුළදී පැයට කිලෝ මීටර් 0 සිට 700 දක්වා වේගයක් ළඟා කරගෙන ඇත.
පැයට කිලෝ මීටර් 700 වේගයක් ළඟා කරගැනීමෙන් අනතුරව එම දුම්රිය ආරක්ෂිතව නවත්වා ගැනීමටද පර්යේෂකයන් කණ්ඩායමට හැකියාව ලැබී තිබේ.
ඒ පිළිබඳව අන්තර්ජාලයට උඩුගත කර ඇති වීඩියෝවේ එම දුම්රිය අකුණක වේගයෙන් ගමන් ගන්නා ආකාරය පෙන්නුම් කරයි.
(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)
මුලාශ්‍ර :
700 kmph in 2 seconds: China sets world record with high-speed maglev train - watch video
China sets a world record in maglev technology
China’s high-speed rail network surpasses 50,000 kilometres
China’s record-smashing maglev achieves 0-700km/h acceleration in less than 2 seconds







