චීනය අද (29) තායිවානය අවට නාවුක, ගුවන්, පාබල සහ කාලතුවක්කු හමුදා ස්ථාන ගත කරමින් යුද අභ්‍යාසයක් ආරම්භ කළේය.
එය, "යුක්තියේ මෙහෙයුම 2025" ලෙස නම් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනු වස්, චීනයේ ප්‍රතිරෝධය නොතකා තායිවානය ද හමුදා පෙරහුරු ඇරඹීය.

ජීව උණ්ඩ යොදා ගැනෙන චීන හමුදා අභ්‍යාස හෙට (30) ආරම්භ වීමට නියමිතය. තායිවානයේ කලාප පහක් ආවරණය වන පරිදි එම අභ්‍යාස පැවැත්වේ. එරට වේලාවෙන්. හෙට පෙ.ව.8.00 සිට පැය 10ක කාලයක් එම කලාපයන්හි සාගර අභ්‍යන්තරයේ සහ ගුවන් කලාපයේ විශේෂ සීමා පනවා තිබේ.
2022 වසරේ ඇරඹි ප්‍රධාන චීන යුද අභ්‍යාස මාලාවේ පස්වැන්න මෙය වේ. තායිවානය ට එරෙහි කිනම් යුදවාදී ක්‍රියාවකදී වුව, ඊට එරෙහි හමුදාමය ප්‍රතිචාර දැක්වීමට ජපානය සූදානම් බව, ජපාන අග්‍රාමාත්‍ය, සනේ තකෙචි පසුගිය ද ප්‍රකාශ කිරීමත් සමග, අර්බුදය වඩාත් උත්සන්න විය.

කලාපයේ චීන යුද අභ්‍යාස, සීමාව ඉක්මවා ගොස් ඇතැයි විචාරකයෝ පවසති. එය ප්‍රතිවිරෝධී රටවලට එරෙහි යුද පසුබිමක් සකසමින් ඇතැයි ද, ඔවුහු පෙන්වා දෙති.
තායිවානය අවට චීන යුද අභ්‍යාස පිණිස යුද ගුවන් යානා, බෝම්බ ප්‍රහාරක යානා, නියමුවන් රහිත යානා සහ දිගු දුර මිසයිල මුදා හැර ඇතැයි, එම හමුදා පැවසූහ. එමගින්, ජංගම සහ භූමියේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ යුද අභ්‍යාස සිදු කෙරේ.
තායිවාන රජය විසින් චීන යුද අභ්‍යාස හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ. උද්ගත වෙමින් පවතින තත්ත්වය පිලිබඳ වැරදි විනිශ්චයේ පසු නොවන ලෙසත්, කලාපීය සාමයට තර්ජන එල්ල නොකරන ලෙසත් එමගින්, චීනය වෙත වැඩි දුරටත් දන්වා ඇත.

මෙවර චීන හමුදා අභ්‍යාස පැවැත්වෙන්නේ, එක්සත් ජනපදය විසින් තායිවානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 11.1 ක අවි ගනුදෙනු අනුමත කර දින 11ක අවෑමෙනි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
China launches war games around Taiwan as island vows to defend democracy







