බංගලාදේශ අරගලයෙන් උපන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ජාතික පුරවැසි පක්ෂය, එරට ජමාතේ ඉස්ලාමීය පක්ෂය හා මැතිවරණ අරමුණින් සන්ධාන ගත වේ. බංග්ලාදේශ මැතිවරණය එන වසරේ පෙබරවාරි 12 දා පැවැත්වීමට නියමිතය.
ඉකුත් වසරේ ජන අරගලයෙන් පසු ජාතික පුරවැසි පක්ෂය, ඥාති සංග්‍රහයට සහ ද්වී-පක්ෂ බලාධිකාරයට විකල්ප වශයෙන් මධ්‍යස්ථ, ප්‍රතිසංස්කරණවාදී පක්ෂයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත්, මැතිවරණය ලඟා වත්ම එය, වීදියේ බලය, ඡන්ද දායක සහාය බවට පත් කර ගැනීමේ අරගලයට ද යොමු වී සිටී.
වඩා එකග්‍රාහී මැතිවරණ ව්‍යාපාරයක් උදෙසා සාර්ථක සන්ධාන ගතවීමකට එළැඹි බව, එම පක්ෂයේ ප්‍රධානී නහිඩ් ඉස්ලාම් පැවසීය. එහි මැතිවරණාපේක්ෂක අවසන් නාම ලේඛනය අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ශිෂ්‍ය ක්‍රියාකාරී පක්ෂයේ නව සන්ධාන ගතවීම හේතුවෙන් අභ්‍යන්තර අර්බුදයක් ද හට ගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේ වෛද්‍ය වෘත්තීය අතහැර, බංග්ලාදේශ අරගලයට එක්ව, පක්ෂ නායිකාවක ලෙස එහි සාමාජිකත්වයට ඇතුළු වූ, තස්නීම් ජාරා, සෙනසුරාදා (27) එම සාමාජිකත්වයෙන් ඉවත් වූවාය. ස්වාධීන අපේක්ෂිකාවක ලෙස මැතිවරණයට ඉදිරිපත් වන බව, ඇය කියා සිටී.
ජමාතේ ඉස්ලාමීය පක්ෂය එදා සිට බංග්ලාදේශය, පාකිස්ථානයෙන් වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් සේ පිළිගැනීමට පටහැණිව ක්‍රියාත්මකය. ඒ හේතුවෙන් ද, නව සන්ධානය ගැටළු ගතව පවතී. 1971 සිදු කෙරුණු යුද අපරාධ සම්බන්ධයෙන් ද පක්ෂය චෝදනාවට ලක්විය. ඒ පිලිබඳ වසර ගණනක අධිකරණ නඩු විභාග පැවැත්විණි. පක්ෂ නායකත්වය ද දිගු කාලීන තහනමට ලක් විය. ඒ හේතුවෙන් එය, ආන්තීය භාවයට පත් විය. එබැවින්ම, එය ලද ජනතා සහාය ද සීමා සහිත විය.
ජාතික පුරවැසි පක්ෂයේ නව සන්ධානගත වීම එහි සංස්ථාපිත මූලධර්ම උල්ලංඝනය කරන්නකැයි දේශපාලන විචාරක මතයයි. මතවාදී ඝට්ටන හේතුවෙන් එම පක්ෂය පිලිබඳ පැවති ජනතා විශ්වාසය බිඳී ඇති බව, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දැන් පවසති.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Bangladesh's student-led party allies with Islamists ahead of election







