leader s

බල්ගේරියාව, එරට 'ලෙව්' මුදල් ඒකකයට සමු දීමට සැරසේ. ඒ අනුව, දිගු කාලීන අපේක්ෂාවක් මල් ඵල ගන්වමින් එළැඹෙන ජනවාරි 1 දා සිට එරට, 'යුරෝ' මුදල් ඒකකය වෙත මාරු වේ.


බල්ගේරියාව, යුරෝපා සංගමයේ අග්නිදිග පෙරමුණේ, කළු මුහුදේ පිහිටි රාජ්‍යයකි. යුරෝ මුදල් කලාපයට එක්  වන 21 වන රට එය වේ. එරට, ඊට මූලික සුදුසුකම් සපුරාලූයේ මෙම වසරේදීය.

මීට පෙර 2023 දී, ක්‍රොඒෂියාව යුරෝ භාවිතයට එක් විය. මේ වන විට යුරෝපියානුවෝ මිලියන 350කට අධික පිරිසක් එම මුදල් ඒකකයට හුරුව සිටිති. යුරෝ කලාප සාමාජිකත්වයට පත්වන රටකට, යුරෝපීය මහ බැංකුවේ අනුපාත නීර්ණ පාලන කවුන්සිලයේ අසුනක් ද හිමි වේ.

2007 වසරේදී, බල්ගේරියාව යුරෝපීය සංගමයට එක් විය. මේ වන විට, එරට ජනගහනය මිලියන 6.7කි. නව මුදල් ඒකකය වැළඳ ගැනීම පිළිබඳව එරට ජනතාව මිශ්‍ර මත පල කරති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Bulgaria prepares for the euro amid excitement and scepticism

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්