තායිලන්ත සිරභාරයේ පසු වූ කැම්බෝඩියානු හමුදා භටයන් 18 දෙනෙක් නිදහස ලබති. පසුගිය සති අන්තයේ දෙරට අතර සටන් විරාමය යාවත්කාලීන කිරීමෙන් අනතුරුව ඔවුහු එසේ නිදහස ලදහ.
ඒ අනුව, පසුගිය සෙනසුරාදා (27) සිට ගැටුම් නතරව පවතී. මුල් සටන් විරාමය උල්ලංඝනය කරමින් දෙරට අතර දින 20ක් පුරා පැවති ගැටුමින් අවම වශයෙන් පුද්ගල ජීවිත 101ක් අහිමි විය.
කැම්බෝඩියානු හමුදා භටයන් සිය භාරයේ වූ කාලය තුළ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ එම මූලධර්ම ප්‍රකාරව කටයුතු කළ බව තායිලන්ත රජය පැවසීය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලශ්‍රය:
Thailand frees 18 Cambodian soldiers under new ceasefire deal







