leader s

ස්විට්සර්ලන්තයේ ආපාන ශාලාවක ඊයේ (1) හටගත් ගින්නෙන් පිලිස්සී මිය ගිය පිරිස් හඳුනාගැනීමේ විමර්ශන ආරම්භ කර තිබේ.

ක්‍රාන්ස් - මොන්ටානා (Crans-Montana) නගරයේ ඇල්පයින් (Alpine ) සංචාරක නිකේතනයේ, ලෙ කොන්ස්ටෙලේශන් (Le Constellation) ආපන ශාලාවේ හටගත් එම ගින්නෙන් පුද්ගලයින් 40 දෙනකු ජීවිතක්ෂයට පත්ව 115ක් තුවාළ ලැබූහ.

දැඩි ලෙස ගින්නට හසු වීමෙන්, මළ  සිරුරු හඳුනා ගැනීම දුෂ්කර ව ඇතැයි ද, ඊට දින කිහිපයක් ගතවනු ඇතැයි ද, බලධාරීහු පවසති. පිළිස්සුම් තුවාළ ලත් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ.

 

නව වසර උඋදාව සැමරීමට විදේශිකයින් ඇතුළු තරුණ පිරිස් රැසක් එහි රැස්ව සිටියහ. ගින්නට හසු ව මිය ගිය සිය තරුණ දරුවන් පිලිබඳ තොරතුරක් ලබා දෙන ලෙස, ඔවුන්ගේ දෙමාපියන් විසින් ඉල්ලා සිටීමත් සමග, එරට විදෙස් තානාපති කාර්යාල, එම අවස්ථාවේ එහි සිටි, එම රටවලට අයත් පුද්ගලයින් සොයා විශේෂ සෝදිසි ආරම්භ කර ඇත.    

පවතින ප්‍රධාන සහ ප්‍රමුඛතම කාර්යය වන්නේ මිය ගිය පුද්ගලයින් හඳුනාගැනීම බව, ක්‍රාන්ස් - මොන්ටානා නගරාධිපති, නිකොලස් ෆෙරෝඩ් පැවසීය. ඒ සඳහා දන්ත සහ DNA පරික්ෂා සිදු කෙරේ. මියගිය අයවලුන් පිලිබඳ තහවුරු තොරතුරු ලබා දිය හැක්කේ, එම පරික්ෂා කිරීම් වලින් අනතුරුව පමණක් බව, ස්විට්සර්ලන්ත බලධාරීහු පවසති.

 


ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත. සිද්ධිය වූ අවස්ථාවේ, එහි පිපිරීමක් සිදු වූ බවට මුල් වාර්තා පල විය. එය ත්‍රස්ත ප්‍රහාරයක් නොව අනතුරක් යැයි, අනුමාන කරන බව, බලධාරීහු කියා සිටිති.

නව වසර උදාවේ දල්වන ලද ඉටි පන්දම්, ආපාන ශාලා බිම් මහලේ සිවිලිමට ඉතා ආසන්නව එසවීම ගින්නට හේතුව විය හැකි බවට සමාජ මාධ්‍යයේ පලවී තිබේ.

ක්‍රාන්ස් මොන්ටානා නගරය අයිස් මත ලිස්සා යාමේ සහ ගොල්ෆ් ක්‍රීඩා සඳහා අතිශය ජනප්‍රිය නගරයකි. ඊයේ රාත්‍රී, සිද්ධිය වූ ස්ථානය වෙත රැස්වූ නගර වාසීහු, අනතුරින් මිය ගිය පිරිස් සිහි කර මල් කළඹ තබා, ඉටි පහන් දල්වා ශෝකය පල කළහ.

 

swiss fire 1
ඊයේ රාත්‍රිය  වන විටත් සිද්ධිය වූ ස්ථානයේ ඇතැම් තැනෙක මළ සිරුරු දක්නට ලැබිණි. එම සිරුරු හඳුනා ගැනීමට බලධාරීහු දිවා රාත්‍රී නොතකා කටයුතු කරමින් සිටිති.

ගින්න සැණින් පැතිරී ගිය බව, අනතුරින් දිවි බේරා ගත්  අය කියා සිටියහ. නව වසර උදාවේ සිය මව, තමාට එහි යාමට කිසි සේත් ඉඩ නොදෙන බව පැවසීමෙන්, සැමරුමට සහභාගී වීමට නොහැකි වූ බවත්, එහෙයින්ම දිවි බේරා ගැනීමට හැකි වූ බවත්, 17 හැවිරිදි එලිසා සූසා කියා සිටියාය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

සබැඳි පුවත් :

ස්විට්සර්ලන්ත ගින්නෙන් 40ක් මරුට: 100කට වැඩි පිරිසකට බරපතලයි

ස්විස් අනතුරින් ගුවන් කලාපයකුත් වැසේ

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්