අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති සහ එරට සංක්‍රමණ හා රේගු බලාත්මක කිරීමේ නියෝජිතායතනයේ ක්‍රියාකලාපයට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා සහ ජාතික වැඩවර්ජනයක් ආරම්භ වී තිබේ.
මේ යටතේ රැකියා සඳහා වාර්තා කිරීමෙන්, පාසල් යාමෙන් සහ වෙළෙඳ කටයුතුවලින් වැළකී ජනතාව සිය විරෝධය පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෑතකදී මිනියාපොලිස් නගරයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය වීම මෙම දැවැන්ත විරෝධතා රැල්ලට ආසන්නතම හේතුව වී තිබේ.
ඒ අනුව, මේ වනවිට අමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරා නගර 300 කට අධික සංඛ්‍යාවක විරෝධතා සංවිධාන කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
| hirunews
මුලාශ්‍ර :
US protesters hold nationwide strike against Trump’s immigration policies
Protesters close schools and stores during a nationwide strike against Trump’s immigration policies







