ඉරානය වෙත එක්සත් ජනපද ප්‍රහාරයක් එල්ල වුවහොත්, මහජන කැළඹීම් යලි උද්ගත විය හැකි බවට එරට නායකත්වය අනතුරු අඟවයි.
රාජ්‍ය මර්ධනය හමුවේ නොසැලුණු, රජයට එරෙහි මහජන විරෝධතා මේ වන විට යම් තාක් යටපත්ව පැවතියද, විදෙස් ප්‍රහාර හමුවේ ජනතාව මරණ බිය නොතකා යළි වීදි බසිනු ඇතැයි, ඉහළ පෙළ සාකච්ඡා කිහිපයකදීම ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි වෙත දන්වා තිබේ.
එහිදී, බහුතර ඉරාන ජනතාව, ආරක්ෂක හමුදා හා ගැටෙනු ඇතැයි ද අනතුරු අඟවා තිබේ. විදෙස් ප්‍රහාරයක් සමග උද්ගත විය හැකි එවැනි තත්ත්වයක් දරා සිටීමට රජය අපොහොසත් වනු ඇතැයි ද ඉරාන බලධාරීන් විසින් දන්වා තිබේ.

ඉස්ලාමීය රාජ්‍යය බිඳ දැමීමට සතුරන් මාන බලමින් ඇතැයි ද, එවන් තත්ත්වයකදී පෙර නොවිඳි භීෂණයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද, උසස් ඉරාන නිලධාරෙයකු රොයිටර්ස් පුවත් සේවයට පැවසීය. විදෙස් ප්‍රහාරයක් සමග ඇතිවිය හැකි මහජන උද්ඝෝෂණ හමුවේ, පාලන තන්ත්‍රය බිඳ වැටෙනු ඇතැයි, ඔහු කියා සිටියේය.
විරෝධතාකරුවන් "උසි" ගැන්වීම පිණිස, ඉරාන නායකියින් සහ හමුදා ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට එක්සත් ජනපද නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් සකස් කරමින් ඇතැයි, විදෙස් ආරංචි මාර්ග කියයි. දැඩි මතධාරී සහ මූලධර්මවාදී ඉරාන පාලන තන්ත්‍රය මුළුමනින්ම බිඳ දැමීමට ගුවන් ප්‍රහාර පමණක් ප්‍රමාණවත් නොවන බව ඊශ්‍රායල සහ අන්‍ය අරාබි රටවල ද මතයයි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Exclusive: Iran fears US strike may reignite protests, imperil rule, sources say







