leader s

එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා හෙට (6) පැවැත්වේ.


ඕමානයේදී එම සාකච්ඡා පැවැත්වීමට දෙරටේ එකඟතාව පල වී තිබේ.

 

ayrytr65අයතොල්ලා අලි ඛමෙනි

එම සාකච්ඡා අන්තර්ගතය ට  ටෙහෙරානයේ මිසයිල වැඩසටහන ඇතුළත් විය යුතු බවට වන එක්සත් ජනපද යෝජනාවට ඉරානය විරෝධතාව පළ කර සිටී. දෙරට අතර සාකච්ඡා ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ පමණක් බව එරට අවධාරණය කරයි.

මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද හමුදා බල ඇණි තවදුරටත් ශක්තිමත් කෙරෙමින් පවතී.

ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනිට පසුතැවිලි වීමට සිදු වේ දැයි, බදාදා (4)  මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, "අනිවාර්යයෙන් ම " යි, කියා සිටියේය.

 

ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන සහ මැද පෙරදිග වෙනත් සන්නද්ධ කණ්ඩායම් වෙත ඉරාන සහාය ලබා දීම සම්බන්ධයෙන් ද නියත වශයෙන් සාකච්ඡාවන්ට බඳුන් කරන බව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසීය.

න්‍යෂ්ටික ගැටලුව පිලිබඳ එක්සත් ජනපදය හා සාකච්ඡා කිරීමට ලද ඇරයුම සාදරයෙන් පිළිගත්තද, ඊට අන්‍ය කරුණු ඇතුළත් කිරීම මගින් හරවත් කතාබහ කඩාකප්පල් වීම නොවැලැක්විය හැකි කරුණක් බව ඉරාන රජය අවධාරණය කරයි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US and Iran agree to Friday talks in Oman but still at odds over agenda

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්