ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ තව දුරටත් ප්‍රහාර එල්ල කරති.
යුද ටැංකි සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඊයේ (4) කුඩා දරුවන් 7 දෙනකු ඇතුළු පලස්තීනුවන් 24ක් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සිව් මසක ගාසා සටන් විරාමය තව දුරටත් කඩාකප්පල් වෙමින් පවතී.
ඛාන් යුනිස් හි ඊශ්‍රායල ප්‍රහාර වලින් තුවාළ ලැබූවන්ට ප්‍රතිකාර පිණිස පිටත් වූ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයකුද මිය ගිය පිරිස අතර විය.
එක් පලස්තීන පවුලක් ඝාතනය ව තිබුණේ නිදි පැදුරේ සිටියදී ඊශ්‍රායල යුද ටැංකි එල්ල කළ ෂෙල් ප්‍රහාරයකිනි.
ගාසා තීරයේ සටන් විරාම රේඛාව උල්ලංඝනය කරමින් ඊශ්‍රායල හමුදා වෙත සන්නද්ධ පලතීන සාමාජිකයින් විසින් සිදු කළ වෙඩි තැබීමකට ප්‍රතිචාර ලෙස එම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පැවසූහ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Israeli strikes kill 24 in Gaza, health officials say







