මහපොළොවෙන් වැහිලා තියන ඉතිහාසය නිශ්ශබ්දව, නොවෙනස්ව තිබ්බට මහ පොළොව මතුපිට ලෝකය දවසෙන් දවස වෙනස් වෙනවා.

 තට්ටු ගණනක් යට ස්ථර හැටියට තිබ්බ නටබුන් එක් එක් ඓතිහාසික කාල පරිච්චේදවල එක් එක් අර්ථ ඒ කාලෙන් කාලෙට අරන් එනවා.

ඒ අනුව පොළොව යටට යන්න යන්න එක් එක් අර්ථයන් සහ නිර්වචන අරන් එන්න පුළුවන් උනත් අපේ සජීවී සමාජය ගැන සවිඥාණික වෙන්නේ නැතුව අපි අර නටබුන් ආවට ගියාට මතුපිටට ගේන්න ඕනි නැහැ.

මේක තමයි ලංකාවේ හිටිය විශිෂ්ඨම පුරාවිද්‍යාඥයෙක් වෙච්ච සිරාන් දැරණියගල මතය උනේ.

ඔහු කිවේ ඔය පොළොව යට තියන දේවල් තව සියවස් ගණනක් ගියත් මොකවත් වෙන්නේ නැහැ. ඒවා ඔහේ තියෙන්න අරින්න කියල. ඒක පුරාවස්තු ගොඩ දමනවට වඩා දේශපාලනික ප්‍රකාශයක්.

ඝනීභවනය වෙච්ච (static) බෞද්ධ ඉතිහාසයක් වෙනුවට රනිල් එදා පුරාවිද්‍යා ලොක්ක එක්ක කරපු කතාබහේදී කරන්නේ චලනය වෙන (dynamic) සහ වෙච්ච ඉතිහාසයක් ගැන වෙනස් ම අර්ථකතනයක් අරන් එන එක.

පන්සලක් ගැන විතරක් හිතාන අපි මැරෙන්න හැදුවට ඒ පන්සල් පාර පෙන්නලා තියනවා ඒ කාලෙ යාත්‍රිකයන්ට. නාවිකයින්ට. වෙළෙන්දන්ට. තපස්සු භල්ලුකලට. ඒවා ඒ ගෝලීය වෙළඳ ලෝකෙට හරියන විදියට ප්‍රයෝගික වෙලා තිබිල තියනවා. භාවනා විතරක් කරලා නැහැ. ලෞකික දේවල් වලට උපකාරී වෙලා තියනවා. ඕක තමයි ඈත පෙරදිග බුද්ධාගම කළේ.

ඉතිං ඕක තමයි රනිල් පෙන්නුව ඉතිහාස විසංයෝජනය.  



 

සබැඳි ලිපි :

රනිල්ගේ ඉතිහාස පංතිය - (චින්තන ධර්මදාස)

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)


සබැඳි පුවත් :

 

පුරාවිද්‍යාව වාර්ගික ප්‍රශ්නවලට ඈද ගන්න එපා ! - එජාප උප නායක

ජනපතිගේ ‘ඉතිහාස පන්තියට’ මුල්තැන දී යටපත් වුනු උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වුනේ ඇයි ?


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්