leader s

කොළඹ නගරයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක ශිෂ්‍යයෙකු වීඩියෝ ඇමතුම් ලබාගෙන ගුරුවරියන් සිව් දෙනෙකු සමග ලිංගික ක්‍රියාවල නිරතවූ බව කියන සිද්ධියක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතී.


ඇතැම් පිරිස් එම සිදුවීමට මුහුණ දුන් බව කියන ශිෂ්‍යයාගේ මෙන් ම ගුරුවරියන්ගේ ඡායාරූප ද පළ කර ඇති අතර තවත් පිරිසක් ඊට අදාළ වීඩියෝ දර්ශන ඇතුළත් බව කියන සබැඳි ද සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිමින් සිටිති.

මෙසේ පෞද්ගලිගත්වයට සමාජ මාධ්‍ය මගින් සිදු කරන හානිය ඇතැම් සමාජ විචාරකයින්ගේ බරපතල විවෙචය ලක්ව ඇත.  

මේ අනුව පෞද්ගලික දත්තවල ආරක්‍ෂාව මෙන්ම සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද අලුත් සංවාදයක් නිර්මාණය වී තිබේ. ඒ සමගම මාර්ගගත ආරක්‍ෂණ පනත සම්බන්ධයෙන් ද කතාබහක් මතුව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙසේ අදහස් දක්වා තිබේ.



ඉතා අසංවේදී ප්‍රකාශයක් - චින්තන ධර්මදාස

අමාත්‍ය නලින්ද ජයතිස්සගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන සමාජ ක්‍රියාකාරික චින්තන ධර්මදාස පවසන්නේ, අමාත්‍යවරයා විසින් පාසැල් සිසුවෙක් සහ ගුරුවරියන් සම්බන්ධ සිදුවීම ගැන කරන ප්‍රකාශය ඉතා අසංවේදී බවයි.

තවදුරටත් ඔහු මෙසේද කියා සිටියි.

ලිංගික නිදහස මනුෂ්‍යත්වය ගැන ලොකු දේශනා කරමින් බලයට පැමිනි රජයක් මෙවන් විටක ක්‍රියා කළ යුත්තේ ඔය පරිද්දෙන්ද යන ප්‍රශ්නය කෙනෙකුට ඇතිවිය යුතුය.

මේ ප්‍රශ්නයේ වින්දිතයන් බවට පත්ව ඇති මිනිසුන් ආරක්ෂා කරගැනීම වෙනුවට අධ්‍යාපනයේ සදාචාරය ගැන අගතිගාමී සාම්ප්‍රදායික කතා කියමින් ඇමතිවරයා ගින්නට පිදුරු දමන්නේය.

ඔන්ලයින් ආරක්ෂක පණත මෙන්ම අසාර්ථක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට මේ සිදුවීම යොදාගැනීමට සැරසෙන්නේය. මෙය තමන්ගේ දේශපාලන උවමනා වෙනුවෙන් අහිංසක මිනිස් ජීවිත බිල්ලට ගැනීමක් නොවන්නේ කෙසේද?

ඉස්කෝලෙ කතාව ඇත්ත පසුබිම මොකක්ද?

මිනිස් ජීවිත නැති කරනවා නම් ඒක මනුස්ස සදාචාරයක් වෙන්නෙ කොහොමද?

කල්පනා කරන්න වටින කරුණු ගොඩක් දැනගන්න මතු පලවෙන වීඩියෝවෙන් පුළුවන්.



සබැඳි ලිපි :

නාලන්දා හුටපටය ; ලිංගිකත්වය ඇත්තේ යථාර්තයේ නොව එය ඇත්තේ වර්චුවල් ' virtual'- ලෝකයේය | Samabima Party

පාසැල් අනුරාගයේ රමණීය ෆැන්ටසිය

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්