The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඇෆ්ගනිස්තානය ලකුණු 251කට කඩුලු 7ක් බිඳ වැටී පරාජය අභියස

T

The Leader Desk

February 5, 2024 • 7:31 AM

ඇෆ්ගනිස්තානය ලකුණු 251කට කඩුලු 7ක් බිඳ වැටී පරාජය අභියස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රභාත් ජයසූරියගේ දඟ පන්දු හමුවේ අසරණ වූ ඇෆ්ගනිස්තානය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මංගල ටෙස්ට් තරගයේ සිවුවැනි දින දිවා ආහාරය වන විට ලකුණු 251කට කඩුලු 7ක් දැවී පරාජය අභියසට පැමිණ සිටියා.
  • ඇෆ්ගනිස්තානයේ කඩුලු 6ක් ලකුණු 52කට අද උදය වරුවේ බිඳ වැටුනේ ඕවර 24ක් ඇතුළත.
  • 80 වැනි ඕවරය අවසානයේ ශ්‍රී ලංකාව දෙවැනි නව පන්දුව ලබා ගත්තා.
  • සිවුවැනි දින තරගයේ 6 වැනි ඕවරයේ නව පන්දුව ලබා ගන්නා විට ඇෆ්ගන් දෙවැනි ඉනිමේ මුළු ලකුණු ප්‍රමාණය 211ක් වී තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):


ජයසූරිය ලකුණු 83කට කඩුලු 4ක් ලබා ගැනීමට සමත්ව සිටි අතර අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු 2ක් ලබා ගෙන සිටියා.

ඇෆ්ගනිස්තානයේ කඩුලු 6ක් ලකුණු 52කට අද උදය වරුවේ බිඳ වැටුනේ ඕවර 24ක් ඇතුළත.

80 වැනි ඕවරය අවසානයේ ශ්‍රී ලංකාව දෙවැනි නව පන්දුව ලබා ගත්තා. සිවුවැනි දින තරගයේ 6 වැනි ඕවරයේ නව පන්දුව ලබා ගන්නා විට ඇෆ්ගන් දෙවැනි ඉනිමේ මුළු ලකුණු ප්‍රමාණය 211ක් වී තිබුනා.

 



නව පන්දුව ලබා ගෙන දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන් ම ඇෆ්ගනිස්තානයේ දෙවැනි කඩුල්ල බිඳ වැටුනා. කසුන් රාජිතගේ පන්දුවට කඩුලු රකින සදීර සමරවික්‍රම අතට උඩ පන්දුවක් දෙමින් අහමට් ෂා දැවී යාමත් සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිහිටුවා ගෙන ආ සබඳතාව ලකුණු 108කින් අවසන් වුනා. මේ සබඳතාව වෙනුවෙන් ෂා සහ ඉබ්‍රහිම් සඩ්රාන් පන්දු 231කට මුහුණ දුන්නා. පන්දු 119කට මුහුණ දීමෙන් පසුව ෂා ලකුණු 54කට දැවී ගියේ හතරේ පහර 5ක් සිය ඉනිමට ඇතුළත් කරගෙන. මේ අනුව පෙර දිනයේ ලකුණු 46ක් රැස්කර ගෙන සිටි රහමට් ෂා ට අද ලබා ගත හැකිවූයේ තවත් ලකුණු 8ක් පමණයි. දෙවැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු 214දී.

ඉබ්‍රහිම් සඩ්රාන් ලකුණු 109ක් රැස්කර ගෙන සිටියදී කසුන් රාජිතගේ පන්දුවට දුන් උඩ පන්දුවක් හතරේ සීමාව අසල රැක ගැනීමට දිනේෂ් චන්දිමාල් අසමත් වුනා. ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව වුනේ 225ක්.

ඇෆ්ගන් තෙවැනි කඩුල්ල ලෙසින් ආරම්භක පිතිකරු ඉබ්‍රහිම් සඩ්රාන් දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ දර්ශනීය වමත් දඟ පන්දුවකින්. පිත්ත පරදවා පන්දුව කෙළින් ම කඩුල්ලේ ගැටෙන විට සඩ්රාන් ලකුණු 114ක් රැස්කර ගෙන සිටියා. පන්දු 259ක ඔහුගේ ඉනිම හතරේ පහර 12කින් සමන්විතව තිබුනා. තෙවැනි කඩුල්ල 90 වැනි ඕවරයේ බිඳ වැටුනේ මුළු ලකුණු 237දී.

 

af 5

තරගයේ පළමු ඉනිමේ පරතරය වූ ලකුණු 241 ලබා ගෙන ඇෆ්ගනිස්තානය තරගයේ සම මට්ටමට පැමිණියේ 91 වැනි ඕවරයේ දී.

සිවුවැනි කඩුල්ල ලබා ගත්තේත් ජයසූරිය. මෙවර ඔහු ට ගොදුරු වූයේ ලකුණු 18ක් රැස්කර ගෙන සිටි හෂ්මතුල්ලා ෂාහිඩි. කඩුලු රකින සමරවික්‍රම අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේ මුළු ලකුණු 246දී. ඕවරය 94.

ඉන්පසුව ලකුණු 2ක් ඇතුළත කඩුලු 2ක් බිඳ වැටුනා. අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය මේ කඩුලු 2 ලබා ගත් අතර ඉක්රම් අලිඛිල් සහ කයිස් අහමඩ් යන දෙදෙනා ම දැවී ගියේ කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා යන ස්ලිප් ක්‍රීඩකයන් වෙත උඩ පන්දු ලබා දෙමින්.

මුළු ලකුණු 250දී හත්වැනි කඩුල්ල බිඳ වැටෙමින් සියා උර් රෙහ්මාන් දැවී ගියේ ජයසූරියගේ පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හැරීමෙන් පසුව එය කඩුල්ලේ වැදීමෙන්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත් :

ඉබ්‍රහිම් සඩ්රාන්ගෙන් මංගල ටෙස්ට් ශතකයක් ඇෆ්ගනිස්තානය දෙවැනි ඉනිමේ එක් කඩුල්ලක් දැවී ලකුණු 199

 

චාමික ගුණසේකර : මංගල ටෙස්ට් තරගයෙන් රෝහලට

 

ශ්‍රී ලංකාව 439ක් රැස්කර ගෙන ලකුණු 241ක් ඉදිරියෙන් - දිවා ආහාරයේදී ඇෆ්ගනිස්තානය කිසිවෙකු නොදැවී ලකුණු 35 යි

 

මැතිව්ස් හා චන්දිමාල් ශතකලාභීන්ගෙන් වාර්තාගත සබඳතාවක් 

 

ශ්‍රී ලංකාව සවස තේ පානයේදී කඩුලු 3 ට ලකුණු 287

 

දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව කඩුලු 3 ලකුණු 177 යි- දිමුත් 77කට දැවී යයි

 

ඇෆ්ගන් ඉනිම ලකුණු 198කින් නවතී - ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 80 යි

 

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන් මංගල ටෙස්ට් ගැටුම: සවස තේ පානයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 168 යි

 

මංගල ටෙස්ට් ගැටුමේ දිවා ආහාරයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 2 ට ලකුණු 90 යි

 

මංගල ටෙස්ට් ගැටුමට අලුත් නායකයෙක්

 

සුදු පන්දුවේ පෙරලිකාරයෝ හෙට පළමු වතාවට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග බිමේ 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...