leader s

1986 ලෝක කුසලානයේ ඓතිහාසික 'දේව හස්තය' හා 'ශතකයේ ගෝලය' වාර්තා කළ අඩිඩාස් පාපන්දුව ඇමරිකාවේදී වෙන්දේසි වෙයි.


දශක තුනකට වැඩි කාලයක් විනිසුරු සතුව තිබූ මැරඩෝනාගේ මතක සටහන අපේක්ෂිත මුදලට වඩා අඩුවෙන් අලෙවි වූ හැටි.



ආජන්ටිනාවේ පාපන්දු ලෙජන්ඩ් ඩිඒගෝ මැරඩෝනා 1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ඔහුගේ ජනප්‍රිය ‘දේව හස්තය’ ගෝලය ලබා ගත් පාපන්දුව ඩොලර් මිලියන 3.3කට වෙන්දේසියේ අලෙවි වුණා.

එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ට එරෙහිව ආජන්ටිනාව ලබා ගත් ගෝල් 2-1ක ජයග්‍රහණයේදී මැරඩෝනා ගෝල්රකින පීටර් ෂිල්ටන් පසුකර පන්දුව දැල තුළට යැවුවේ එයට මුෂ්ටි පහරක් එල්ල කරමින්.

තරගයෙන් පසුව මැරඩෝනා වාර්තාකරුවන් අමතමින්, එම ගෝලය වාර්තා වුනේ “මැරඩෝනාගේ හිසෙන් පොඩ්ඩකුයි දෙවියන්ගේ අතෙන් ටිකකුයි” සමග බව කියා තිබුණා.

මැරඩෝනා පසුව එම තරගයේ ම එංගලන්ත ක්‍රීඩකයින් පස් දෙනෙකු අභිභවා යමින් අවසානයේදී ෂිල්ටන් පසුකර පන්දුව දැල තුළට යවමින් ‘ශතකයේ ගෝලය’ වාර්තා කළා.

 

maradona 1
ඒ පාපන්දුව අමෙරිකාවේ හෙරිටේජ් වෙන්දේසියේ ඩෙලර් මිලියන 3.3කට අලෙවි වූව ද, එය ඩොලර් මිලියන 10කට ආසන්න මුදලකට විකිණෙනු ඇතැයි අපේක්ෂා කර තිබුණා.

1986 වසරේදී එම තරගය විනිශ්චය කළ ටියුනීසියාවේ අලි බින් නසර් (Ali Bin Nasser) තරගය අවසන් වීමෙන් පසුව ඒ අඩිඩාස් ඇස්ටෙකා (Adidas Azteca) පාපන්දුව රැගෙන දශක තුනකට වැඩි කාලයක් ඔහු සතුව තබා ගත්තා.

2023 වසරේදී ඔහු එම බෝලය ඒ තරගයේ පාවිච්චි කළ එකම පාපන්දුව බවට සහතික කරමින් ලිපියක් අත්සන් කළ අතර එය ස්වාධීන පරීක්ෂණවලින් ද තවදුරටත් සත්‍ය බවට සහතික කෙරුණා.

බින් නසර් 2022 වසරේදී ඩොලර් මිලියන 2.37කට ඒ බෝලය විකුණා දැමුවා. එහි අලුත් අයිතිකරු නැවත එය 2023 වසරේදී වෙන්දේසියට තැබූව ද, එහි ලංසු අවම වටිනාකමට නොපැමිණි බැවින් අලෙවි වුනේ නැහැ.

මැරඩෝනා ඒ තරගයේ ම පැළඳි කමිසය පවුම් මිලියන 7.1කට 2022 වසරේ වෙන්දේසියකදී අලෙවි වුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි පුවතක් :

මැරඩෝනාගේ ‘දේව හස්තය’ බෝලය වෙන්දේසියට: ආරම්භක ලංසුව ඩොලර් මිලියන 2.5 යි

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්