Breaking News• උණුසුම් පුවත්
Showing page 310 of 2915 (43,715 articles)

භික්ෂු ප්‍රතිරූපකයන් මැඬලීමට ‘කතිකාවත් පනත’ වහා ගෙන එන්න - කරු ජයසූරිය
නීතිවිරෝධී විෂ මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටි 22 දෙදෙනෙකුගෙන් සමන්විත පිරිසක් අත්අඩංගුවට පත්වීමේ පුවතින් තමන් දැඩි ලෙස කම්පනයට පත්ව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, දේශමාන්‍ය කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ප්‍රේමදාස ප්‍රතිපත්තිය රකිමින් මැයි රැළියෙන් වැළකෙන බවට එජාපයෙන් නිවේදනයක්
මෙවර මැයි පළමුවැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින් එදින දේශපාලන කටයුතුවලින් බැහැරව ආගමික වතාවත් සඳහා වෙන් කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතීඥ තලතා අතුකෝරල පවසයි.

ආණ්ඩුව විපක්ෂයේ විවාද යෝජනාව විසිකරයි.!
ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්දින පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙසට විපක්ෂයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් ආණ්ඩු පක්ෂය ඉවත දමා ඇත.

NSBM හරිත සරසවියේ 2026 මැයි උපාධි කණ්ඩායම සඳහා නව සිසුන් ලියාපදිංචිය ඇරඹුණා !
ඉකුත්දා අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිපල ලද සිසුන්ට වඩාත් ඉක්මනින් උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට අවකාශය ලබාදෙමින් NSBM හරිත සරසවියේ 2026 මැයි කණ්ඩායම සඳහා ලියාපදිංචිය මේ වනවිට ආරම්භ කර ඇත.

මහා සංඝරත්නය චීවර ධාරීන් සහ භික්ෂු ප්‍රතිරූපකයන් වෙන් කොට හඳුනා ගනිමු - සමාජ මානව විද්‍යාත්මක විමසුමක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
තායිලන්තයේ සංචාරයක නිරත වී මෙරටට පැමිණි, බෞද්ධ භික්ෂූන් වශයෙන් සැලකෙන පුද්ගලයන් 22 දෙදෙනකු ගුවන් මඟින් මෙරටට ගෙන ආ රුපියල් කෝටි 110කට (බිලියන 1.1කට) අධික වටිනාකමින් යුත් “කුෂ්” (Kush) සහ “හෑෂ්” (Hashish) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත.

ලලිත් රත්නායකගේ රිවර්ස්ටන් - 'නළුවන්ගෙ චමත්කාරය කියන්නෙ චිත්‍රපටයේ වෙනම සැපක්' | Chinthana Dharmadasa
ලලිත් රත්නායකගේ රිවර්ස්ටන් චිත්‍රපටය බලන්න ලැබුනා. ලලිත් රත්නායක කියන්නෙ වෙනම රූපමය හැඩයක්, සෞන්දර්යවේදයක් එක්ක තමන්ගේම වූ ගනුදෙනුවක් කරන අධ්‍යක්ෂවරයෙක්.

ආණ්ඩුවට විපක්ෂයෙන් විශ්වාසභංගයක් !
ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ විසිපහක ණය මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත් කිරීමේ සිද්ධිය මුල්කරගෙන විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි.

ශ්‍රී ලංකාවේ මුළු ආර්ථික දේහයම අනතුරක ! ; වහාම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කළ යුතුයි! - ෆයිසර් මුස්තාෆා
ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ මුහුණ දෙන දරුණුතම මූල්‍ය අර්බුදය හමුවේ, රටේ ජාතික ආරක්ෂාව සහ ආර්ථික ස්ථාවරත්වය දැඩි අවදානමකට ලක් කරමින් සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5 ක දැවැන්ත සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් රජය වහාම ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා අවධාරණය කර සිටියි.


මුදල් කාරක සභාව අද රැස්වෙයි - 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානයෙන් හර්ෂට අභියෝගයක් !
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් විසින් සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අද (28) දිනයේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසි විධායක සභා රැස්වීමක් ! - අද සියලුදෙනා ඉල්ලා අස්වේ !!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද (28) කැඳවා ඇති අතර එහිදී සියලු සාමාජිකයන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම හා ඉදිරි හදිසි ක්‍රිකට් නිලවරණයකට අවස්ථාව සැලසීම පිළිබඳ සාකච්ඡාවනු ඇතැයි රජයේ ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.

මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙකු මියයෑමේ සිදුවීමට දෙදෙනෙකු අත්අඩංගුවට
කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියකින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 37 හැවිරිදි රැදවියෙකු මියයෑම සම්බන්ධයෙන් බන්ධනාගාර ජේරල්වරයෙකු සහ සහ පාලිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

LSR Copa Simha යොවුන් පාපන්දු ශූරතාව Unity Through Football කණ්ඩායමට
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක හා ක්‍රීඩා-සංචාරක ආයතනය වන ලංකා ස්පෝට්රයිසන් (LSR – Lanka Sportreizen) ප්‍රථම වතාවට

ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක් - දැනටම 14දෙනෙකු ජිවිතක්ෂයට
ඉන්දුනීසියාවේ ඊයේ (27) දරුණු දුම්රිය අනතුරක් සිදු විය.

අයථා ගෙවීම සිදුවුණේ RDA එකෙන්ද ? බැංකුවෙන්ද ?
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිසිඳු ආකාරයකින් ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් ඊට සම්බන්ධ ගිණුමකින් සමාගමකට හෝ

