leader s

ආදරය ගැන සුවිශේෂ පෝස්ටුවක් සමන් ආතවුදහෙට්ටි විසින් ‍සමාජ මාධ්‍යයේ පලකරලා තිබුන.

ඒ මෑත කතාබහට ලක්වුනු පාසැල් සිද්ධිය සම්බන්ධයෙන්.

එතනදි සමන් කියලා තිබුනෙ, තමන් ඒ ගුරුවරියකගේ සැමියෙක් නම් මේ අවස්ථාවෙ ඇය වෙනුවෙන් පෙනී ඉන්නවා සහ ඇය සමග හිටගන්නවා කියන එක. ඒක මේ අදාල මොහොතේදී ඉතාම මානුෂීය පෙනීසිටීමක්. ඒ වගේම සමන් ආතාවුදහෙට්ටි වගේ ප්‍රවීණයෙකුගෙන් සිදුවුනු රැඩිකල් මැදිහත්වීමක්.

saman adj
මේ ගැන සාකච්ඡාවෙදි අදාල ප්‍රකාශය ‘කකෝල්ඩින්’ ෆැන්‍‍ටසි කලාපයෙන් පැන නගින්නක් විදිහට ඇතැම් අය හාස්‍යමුසුව ඒ දිහා බැලුවා.

සිදුවීමේ ලිංගිකබරිත බව නිසාම අපිට බොහෝ විට ඊට සම්බන්ධ ලිංගික මානය ඉක්මවා යන දේවල් දකින්න බැරි වෙනවා. සියල්ල ලිංගිකත්වයට ඌනනය වෙන්න ගන්නවා.

ආදරය කියන්නෙ ලිංගිකත්වයට වඩා විශාල වූ පරාසයක්. සියල්ල ලිංගිකයි කියන ප්‍රවාදය අපි පිලිගන්නෙ ෆ්‍රොයිඩියානු අදහස් භක්තියෙන් පිලිගැනීම ඇතුලෙයි. ඒ වගේම සමන්ගෙ ප්‍රකාශය ඇතුලෙ තියෙන මෛත්‍රීසහගත බව කියන්නෙ ආශාවට ඔබ්බෙන් පවතින මිනිස් හැගීමක්. යම් විනාශකාරී තත්වයකදි අපි ඒ මෛත්‍රීසහගත බව කියන දැක්මට එළඹීම වැදගත්. හුදු ආශාව ඊර්ශ්‍යාව තහනම දණ්ඩනය ඉක්මවා ගිහින් මිනිස් හැගීමකින් අපිට ජීවිත දිහා බලන්න බලකරන්නෙ එතනදියි.

ෆෙටිෂයන්, බලය යෙදෙන ලිංගික ක්‍රියාවන් මේ සියල්ල පවතිනවා තමයි. නමුත් ආදරය, පැවැත්ම, අනෙකා ගැන සැලකිලිමත් වීම වගේ දේවලුත් මිනිස් ක්‍රියාකාරකම් විදිහට පවතිනවා.

මේ හින්ද සමන්ගෙ ප්‍රකාශය ඇතුලෙ මට ඇහෙන්නෙ මේ වගේ අදහසක්. මනෝවිද්‍යාවට පෙර මනුෂ්‍යත්වය දෙස බලන්න. ෆැන්‍ටසියට පෙර මෛත්‍රීසහගත වෙන්න. ආඛ්‍යාන තැනීමට පෙර ආදරය කරන්න.

 

dd54546464564555
අනෙක් අතට මේ ගැන තව දුරට කල්පනා කලොත් අපි ගැඹුරින් තේරුම් ගන්න උවමනා දෙයක් තමයි ‘මොනොගමි’ විවාහය හෝ ආදරය කියන සංකල්පය පවතින්නෙම සංකේතාත්මක කකෝල්ඩින්බවක් එක්ක තමයි කියන එක. හැම මොනොගමි ප්‍රේමියෙක්ම යටිපෙලකදී ක‍කෝල්ඩ් කෙනෙක් වෙනවා.

අපි විවාහ වී සිටින හෝ ප්‍රේම කරන අයට මීට කලින් පෙම්වතුන් පෙම්වතියන් සිටියා කියල අපි දන්නවා. අපේ බිරිඳ හෝ පෙම්වතිය දෙස තවත් අය ආශාවෙන් බලනවා කියල අපි දන්නවා. ඇය අන් අයගේ ආකර්ශනයට බඳුන් වෙන ආකාරයෙන් අඳින පළඳින විට අපි තෘප්තියක් ලබනවා. ඇය සම්පූර්ණයෙන්ම අපිට අයිති කරගන්න බැරි බවත්, ඇගේ ජීවිතයේ තවත් බොහෝ පැති ඇති බවත් අපි දන්නවා.

අපිට සම්පූර්ණයෙන් අයිති නැති බව දනිමින් ප්‍රේම කිරීම කියන්නෙ කකෝල්ඩින් ආකෘතිය තමයි. මේක අර සෙක්ෂුවල් ෆැන්ටසියෙ එන හියුමිලියේෂන් වගේ දේවල් එක්ක සම්බන්ධ නෑ තමයි. නමුත් අනෙකාගේ ප්‍රේමය ඉදිරියේ තමන් අසම්පූර්ණයි කියන හැගීම තමයි කකෝල්ඩින් කියන්නෙ.

 

cuckolding
මේ හින්ද කකෝල්ඩින් වගේ දෙයක් ගැන කතා කරද්දි අපි මතක තබා ගත යුතු දෙයක් තමයි,

ඔව්, වර්තමාන ආදරය ඇතුලෙ ඉන්න හැමෝම කකෝල්ඩින් තමයි.

නමුත් හැමෝම ඒක සෙක්ෂුවල් ෆැන්‍ටසියක් විදිහට ගත කරන්නෙ නෑ.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -facultyofsex.com)

සබැඳි ලිපි :

කොළඹ පාසල් සිසුවාගේ වීඩියෝව කුමන්ත්‍රණයක්ද?- (චින්තාගේ සහ වරුණගේ වීඩියෝවක්)

නාලන්දා හුටපටය ; ලිංගිකත්වය ඇත්තේ යථාර්තයේ නොව එය ඇත්තේ වර්චුවල් ' virtual'- ලෝකයේය | Samabima Party

පාසැල් අනුරාගයේ රමණීය ෆැන්ටසිය

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

නවතම පුවත්