චින්තන ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරන ලද අභිසාරි චිත්‍රපටය සඳහා රැගුම් පාලක මණ්ඩලය විසින් X සහතිකයක් නිකුත් කර ඇත.
පවුලේ සැමට U වශයෙන්ද, වැඩිහිටියන්ට වඩාත් සුදුසු නම් A වශයෙන්ද, අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් නම් X වශයෙන්ද රැගුම් පාලක මණ්ඩලයේ සිනමා වර්ගීකරණය සිදුවෙයි. ඒ අනුව අභිසාරී චිත්‍රපටය වර්ග කර ඇත්තේ අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් ප්‍රදර්ශනය විය යුතු චිත්‍රපටයක් වශයෙනි.
විශේෂිතම කාරණය වන්නේ X සහතිකයක් යටතේ මෙසේ චිත්‍රපටයක් මුදාහැරෙන්නේ ඉතා දීර්ඝ කාලයකට පසුව වීමයි. බොහෝ චිත්‍රපට පවුලේ සැමට වශයෙන් ප්‍රදර්ශනය කෙරෙන අතර ඉඳහිට චිත්‍රපටයක් වැඩිහිටියන්ට වඩාත් සුදුසු යැයි සහතික ලබයි. නමුත් වැඩිහිටියන්ට පමණක්ම හැටියෙන් සහතිකයක් ලබාදීම දුර්ලභ කාරණයක් වෙයි.

මේ චිත්‍රපටය ඒ තරම් නිරුවත් දර්ශනවලින් පිරී ඇති එකක්ද යන්න දැනගැනීමට මේ නිසා ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයා පසුවන්නේ කුතුහලයකිනි. ඒ ගැන චිත්‍රපට අධ්‍යක්ෂ චින්තන ධර්මදාස විසින් දැමූ පෝස්ටුවකට පළවු කමෙන්ට් බොහෝ ගණනක් අතර බොහෝ දෙනෙක් විමසා තිබූ කාරණය මෙයයි.
පබෝධා සංදීපනී, අකලංක ප්‍රභාෂ්වර, ජැනට් ඇන්තනි, ශ්‍යාම් ප්‍රනාන්දු රංගනයේ යෙදෙන ‘අභිසාරි’ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ ‘ස්ටෑන්ඩ්අප් මුමන්ට් ලංකා’ ආයතනය වෙනුවෙන් අශිලා දන්දෙණියයි. චිත්‍රපටයේ දිගහැරෙන්නේ ලිංගික ශ්‍රමිකයෙකුගේ ජීවිතය පිළිබඳ කතාවක් බව සැලයි.
සබැඳි ලිපි :
'අභිසාරි' : චින්තා යම් තාක් දුරට චින්තනමය හාදුව චිත්‍රපටියට දිලා | Lakshika Rathnayake
'අභිසාරි' වටලන්න වසන්තගෙන් නියෝග




