leader s

‘‘සයිවර් කඩේ කොහේ ද තියෙන්නෙ... ඔහේ දන්නවයි කඩේ තියෙන තැන...?’’


‘‘හම්ම්ම්... යංකො’’ කියල මගේ අතින් අල්ලගත්තු සුසන්ත පාර දෙපැත්ත බලල ඉක්මනට ම පාරෙ අනිත් පැත්තට මාරු වුණා.

එහෙම පාර මාරුවෙද්දි තමයි මම දැක්කෙ පාර මට්ටමේ ඉඳල අඩි ගාණක් උඩට වෙන්න පාර හරහා වයර් වගයක් ඇදල ඒ වයර්වල ලයිට් වගයක් එල්ලලා තියෙනවා. ඒ ලයිට්: රතුපාටින්, කහ පාටින් වගේ ම කොළ පාටින් පත්තු වෙනව. මම ඒක දිහා බලාගෙන යද්දි සුසන්ත ‘‘ඒ තමයි සිග්නල් ලයිට්’’ කියල කිව්ව. එහෙම කිව්වට මට ඒක ඒ තරම්ම තේරුණේ නෑ. මම කළේ ඔළුව ඉහළ පහළ වනපු එක විතරයි. ඒ එක්ක ම සුසන්ත මාවත් ඇදගෙන කඩයකට ඇතුළු වුණා.

 

හෝටලයක් ඇතුළ මට අමුතු නොවුනත් ඒ හොටලේ ඇතුළ දැනුණෙ හරිම වෙනස් විදියට. හැව්ලොක් එකේ වගේ නෙවෙයි; එක ම විදියෙ කහපාටයි කළු පාටයි කමිසයි සුදු සරමයි ඇඳපු දහයක් දොළහක් විතර කඩිමුඩියේ එහාට මෙහාට යනවා; ඒ යන්නෙත් නිකං නෙවෙයි. සමහර අය වතුර, අත හෝදන්න වතුර තියන කොප්පය වගේ ම පිඟන් අරගෙන හොටලේ පිටිපස්ස පැත්තෙ ඉඳල ඉස්සරහට එනවා. තවත් සමහර අය බන්දේසිවල තියාගෙන තේ අරගෙන ඇවිත් මේසවල තියාගෙන යනවා. තවත් සමහර අය කෙහෙල් කොළ උස්සගෙන එහෙට මෙහෙට යනවා. තවත් සමහර අය: සාම්බාර් හොදි, කිරි හොදි, සහ සම්බෝල තියන පුංචි බාල්දි ටික අරගෙන එහාට මෙහාට යනවා. මම ඒදිහා බලන අතරෙම සුසන්ත පුටුවක වාඩි වුනාට පස්සෙ මාත් වාඩි වුණා.


‘‘අයියෙ... අපිට ඉඳිආප්ප ගේන්න.’’

සුසන්ත එහෙම කිව්වෙ අපේ ළඟින් ම කඩේ ඉස්සරහ පැත්තට ගියපු: කළු, උස, මහත, දෙකෙළවරින් කරකවපු උඩු රැවුලක් තියෙන, කහපාටයි කළු පාටයි කමිසයයි සුදු සරමයි ඇඳපු කෙනකුට. ඒ මනුස්සය නැවතිලා අපි දිහා හැරිල බැලුවෙ අපි එයාට කරදරයක් කරන්න හදනව හිතල වගේ. ඒ බැල්මට බඩගින්න කොහොම වුනත් ගාල්ලෙදි යකෙකුටවත් බය නැතුව හිටපු මාව නිකං ගැස්සිලා ගියා. ඒ එක්ක ම වගේ ඒ මනුස්සයා දෙමළෙන් මොනවදෝ කියාගෙන ආපු ගමන ගියා.

‘‘මක්කයි සුසා ඒ උණේ..., කවුද ඒ..., ඒ යකා ඒ දෙමළෙන් අපිට බැන්නයි...?’’

සුසන්ත මා දිහා බැලුවෙ නිකං සමච්චලයට වගේ. මට මං ගැන ම ලැජ්ජා හිතුණ.

‘‘ඒ තමයි මෙව්වයි වේටර්ලගෙ හැටි. හැබැයි ඒ අපිට බැන්න නං නෙවෙයි. ඒ, ඒකා අපි දෙන්නට ඉදි ආප්ප ඕඩර් කරා. ඔය යන්නැත්තෙ බිලක් ගෙවන්න වෙන්නැති.’’

 

‘‘ඒ තමයි මෙව්වයි වේටර්ලගෙ හැටි. හැබැයි ඒ අපිට බැන්න නං නෙවෙයි. ඒ, ඒකා අපි දෙන්නට ඉදි ආප්ප ඕඩර් කරා. ඔය යන්නැත්තෙ බිලක් ගෙවන්න වෙන්නැති.’’

සුසන්ත එහෙම කිව්වට පස්සෙ තමයි මගේ හිතට සැනසිල්ලක් දැනුණෙ. ඒ එක්ක ම වගේ බඩගින්නත් ආයෙ දැනුණා.

‘‘මෙහ්... දැං ඔයැයි ළග සල්ලි කොච්චරක් තියෙයි...?’’

සුසන්ත එහෙම ඇහුවෙ මගේ කන ගාවට ම එයාගෙ කට ළං කරලා; වෙන කාටවත් ඇහෙන්නෙ නැති විදියට.

‘‘ඒ මක්කටෙයි...?’’

මමත් ඒ එක්ක ම ඒ විදියට ම ඇහුවා.

‘‘නිකමට ඇහුවෙ... කියනවකො... කීයක් විතර තියෙයි?’’

මම සල්ලි දාල තිබුණෙ බෑග් එකේ තියෙන කලිසම් සාක්කුවක. ඒක මෙතන අදින්නත් බෑ වගේ. ඒත් මම කඩේ ඉන්න අනෙක් අයට නොදැනෙන්න බෑග් එකට අත දාලා, සල්ලි තිබුණ කලිසම් සාක්කුවත් හොයාගෙන කොහොම හරි සල්ලි ටික අතට ගත්තා. ඒ එක්ක ම වගේ වේටර් අපේ මෙසෙ උඩින් වතුර විදුරු දෙකයි, කෙහෙල් කොළ දෙකයි, අත හෝදන්න කොප්පෙකුයි ගෙනත් තියල ඒ සැණින් ම ආයෙත් ගියා. මිනිහ ගියපු ගමන් ම මම සල්ලි ටික ගණන් කරා.

 

මිනිහ ගියපු ගමන් ම මම සල්ලි ටික ගණන් කරා.

‘‘අටසිය අනූවක් තියෙනවා...’’

‘‘අප්පට සිරි අටසිය අනූවක් තියෙයි...!’’

සුසන්ත එහෙම ඇහුවෙ ටිකක් පුදුමයෙන් වගේ. මිනිහගෙ ඇස් දෙකත් ලොකු වුණා. හැබැයි ඒ පුදුමය වැඩි වෙලාවක් තිබුණෙ නෑ.

‘‘මල්ලිලට වඩේ ඕනෙ ද...?’’ කියල අහන අතර ම වේටර් අපේ කෙහෙල්කොළවලට ඉඳිආප්ප දැම්මා; ඒ සැණින් ම කිරි හොදිත් වත් කරලා සම්බෝලත් දැම්මා. ඒ එක්ක ම සුසන්ත ‘‘ගේන්න අයියෙ ගේන්න... උලුදු වඩේ ගේන්න...’’ කියල කිව්වෙ මට වඩේ ඕනෙ ද එපා ද කියල අහන්නෙත් නැතුව.


වේටර් අපේ කෙහෙල්කොළවලට ඉඳිආප්ප දැම්මා; ඒ සැණින් ම කිරි හොදිත් වත් කරලා සම්බෝලත් දැම්මා
මම පළවෙනි ඉදිආප්ප කට කන්නත් ඉස්සරවෙලා වේටර්: උලුඳු වඩේ දෙකක්, මසාල වඩේ දෙකක්, අල බෝල දෙකක් දාපු පිඟානක් අපි ඉස්සරහින් තියලත් ඉවරයි. මම වඩේ එකක් ගන්නත් කලින් කිරි හොදිත් එක්ක අනපු ඉදිආප්ප කටක් කෑවා.

‘‘ඒයි... මේ හොද්ද මාර රහයිනෙ...’’

මං සුසන්තට එහෙම කිව්වම එයා කන එකත් නවත්තල මගේ දිහා තත්පර කීපයක් බලාගෙන ඉඳල ‘‘මක්කයි කිව්වෙ...?’’ කියල ඇහුවෙ හරියට මම කියපු දේ තේරුණේ නෑ වගේ.

‘‘නෑ මං කිව්වෙ... අපේ පැවිලියන් හොටලෙ කිරි හොද්දට වඩා මාර රහයිනෙ කියල...’’

‘‘ආ...’’ කියල කියපු සුසන්ත වඩේ එකක් අරගෙන ඒකෙන් කැල්ලක් කඩල ඉඳිආප්පත් එක්ක අනන ගමන් ම මොනව හරි මතක් වුණා වගේ ‘‘ඒ කියන්නෙ ඔහේ පැවිලියන් එකෙත් වැඩ කරයි...?’’ කියල ඇහුවා.

 

thoseමම පැවිලියන් එකට ගිහින් තෝසෙ, ඉඳිආප්ප, වඩේ, චපාති එහෙම කෑවා

එතකොට මට මතක් වුණා මම හැව්ලොක් එකේ වැඩ කරන දවස්වල ඉස්සෙල්ලා ම පැවිලියන් එකට ගිහින් තෝසෙ කාපු දවස. මම ඒ වෙද්දි තෝසෙ කාල තිබුණෙ ම නෑ. දවසක් බතික් අංකල් තමයි මාව පැවිලියන් එකට එක්කරගෙන ගිහින් මට තෝසෙ අරගෙන දුන්නෙ. එදා ඉඳල මාසෙකට දවසක් දෙකක් මම පැවිලියන් එකට ගිහින් තෝසෙ, ඉඳිආප්ප, වඩේ, චපාති එහෙම කෑවා. හැබැයි එක දවසක්වත් මට සුසන්තත් එක්ක එහෙම යන්න බැරි වුණා. අපි දෙන්නට ඉතිං නිවාඩුවක් ලැබුණ ගමන් ගියේ පිචර් එකක් බලන්න නෙ.

‘‘න්... නෑ නෑ... මං ඔය ඉඳල හිටල පැවිලියන් එකට ගිහින් කාල තියෙනව.’’

‘‘ආ... ඒක මිසක්ක... මං හිතුවෙ ඔයැයි ඒකෙත් වැඩ කරා කියල...’’ කියපු සුසන්ත තව ඉදිආප්ප පහක් කෙහෙල් කොළයට දාගන්න ගමන් ‘‘යසේ... අපි අද දහයයි තිහේ ෂෝ එක බලමු ද...?’’ කියල ඇහුවා. මම එහෙම එකක් කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ.


‘‘පිචර් එකක්...!’’

ඇත්තට ම මං එහෙම ඇහුවෙ පුදුමයෙන්.

‘‘ඔවු...’’

සුසන්ත උත්තර දුන්නෙ කිසිම කලබලයක් නැතුව.

‘‘ඉතිං හෝල් එකක් කිට්ටුව තියෙයි...?’’

 

f 50 x 50 cm carre d artistes 50x50 defaut front 0‘‘මල්ලිලා මොනාද බොන්න ගේන්නෙ... ටී ද, ප්ලේන්ටි ද...?’

මං එහෙම අහද්දි ම සුසන්ත අපිට කෑම ගෙනාපු වේටර් අපේ ළගට ඇවිත් ‘‘මල්ලිලා මොනාද බොන්න ගේන්නෙ... ටී ද, ප්ලේන්ටි ද...?’

සුසන්ත මගේ මූණ දිහා බලල ‘‘අයියෙ... අපිට කිරි කාල් දෙකක් ගේන්නකො...’’ කියල ආයෙ මගේ දිහා බලල ‘‘මෙතන එළකිරි කාල මරු... ආයෙ වතුර ඩිංගක්කත් කලවං නෑ.’’ කියල කිව්වෙ මීට කලින් මේ හෝටලෙන් හොඳට කාපු බීපු කෙනෙක් වගේ.


‘‘ඔයැයි මීට කලිං මේ හෝටලෙන් කාල තියනවයි...?’’

‘‘නැතුව නැතුව...’’ කියපු සුසන්ත අත හෝද ගෙන ඒ වෙද්දි මේසෙ උඩ තිබුණ කිරි වීදුරු දෙකෙන් එකක් අරගෙන බොන ගමන් ‘‘යංද පිචර් එක බලන්න...?’’ කියල ආයෙත් ඇහුවා.

‘‘මේ කිට්ටුව හෝල් එකක් තියෙයි...?’’

මම ආයෙත් එහෙම ඇහුවෙ ස්කෝලෙ යන කාලෙ අධ්‍යාපන චාරිකාවකට කොළඹ ආවට පස්සෙ මේ කොළඹ ආපු පළවෙනි වතාව නිසා. හැබැයි සුසන්ත එහෙම නෙවෙයි. එයා මේ වෙද්දිත් හොඳට කොළඹ ගැන දන්න කෙනෙක්.

images paintingසුසන්ත මගේ මූණ දිහා බලල ‘‘අයියෙ... අපිට කිරි කාල් දෙකක් ගේන්නකො...’’ කියල ආයෙ මගේ දිහා බලල ‘‘මෙතන එළකිරි කාල මරු... ආයෙ වතුර ඩිංගක්කත් කලවං නෑ.’’

 

‘‘හෝල් එකක්...? හෝල් එක තියෙන්නෙ යසේ පාරෙන් එහා පැත්තෙ... ඒකට කියන්නෙ මැජෙස්ටික් කියල. ඒකට වැඩිපුර ම එන්නෙ ඉන්ග්ලිෂ් ෆිල්ම්. ඔයැයි දන්නවයි... මේ සයිවර් කඩේට කියන්නෙත් මැජෙස්ටික් කියල. මේක හරි ප්‍රසිද්ධයි; හෝල් එක වගේම.’’


සුසන්ත කියවගෙන ගියේ ගිරවෙක් වගේ.

සුසන්ත

අපි කාල ඉවරවෙලා එළියට බහිද්දි හතයි හතළිහට විතර ඇති. හෝල් එක අරින්නෙත් දහයට විතර. අපි හෝල් එක ළඟට ගිහින් බලමු කියල මම යසේට යෝජනා කළා.

 ‘‘යසේ... දැං වෙලාව කිය ද?’’

මගේ අතේ ඔරලෝසුවක් නොතිබුණාට යසේ අතේ මොන්ඩියා වර්ගයෙ ඔරලෝසුවක් තිබුණා. ඒ ඔරලෝසුවෙ කතාවත් වෙනම එකක්. දැන් ඒක කියන්න වෙලාවක් නෑ.

‘‘අටට දහයයි සුසා...’’

‘‘හරි යං...’’ කියපු මම කලින් වගේ පාර පනින්නෙ නැතුව සුසත් එක්ක සිග්නල් වයර් තියෙන තැනට ම ආවා.

‘‘මේ මොකක්ද සුසා...?’’

යසේ ඒ වෙද්දි සිගනල් වයර් ගැන දැනගෙන හිටියෙ නෑ. මම ඒ විස්තර කියන ගමන් ම කහ ඉරෙන් පාර පැනල හෝල් එක ළඟට ම ආවා.

H20806 L229120264එයා ඉන්න පිචර්වල ෆයිට් වගේ ම කොමඩිත් තිබුණ

 

මැජෙස්ටික් එකේ තිබුණෙ හොඳ පිචර් එකක්. මම ඒ නළුව ඉන්න පිචර් බලල තිබුණ. එයාගෙ නම බඩ් ස්පෙන්සර් (Bud Spencer) එයා ඉන්න පිචර්වල ෆයිට් වගේ ම කොමඩිත් තිබුණ. ඒ නළුවා ප්‍රසිද්ධ වෙන්න එයාගෙ ඇඟපතේ ප්‍රමාණයත් හේතුවක්.  පිචර් එකේ නම ‘ද ෆයිව් මෑන් ආර්මි’ මම අහල තිබුණ විදියට ඒ පිචර් එක ඇවිත් තියෙන්නෙ එක්දහස් නමසිය හැට ගණන්වලලු.


‘‘මේක මරු ෆිල්ම් එකක් යසේ...’’

‘‘හරි එහෙනං බලමු... හැබැයි තව වෙලා තියෙයි නේද... එතකං මක්කයි කරන්නෙ...?’’

යසේ කියපු කතාව ඇත්ත. තවම හෝල් එක ඇතුළට යන්න ගේට්ටුවවත් ඇරල නෑ. ටිකට් දෙන්නෙ දහයට වුනාට සාමාන්‍යයෙන් නමය හමාරට විතර ගේට්ටුව අරිනවා. හැබැයි ඒකටත් තව පැය එකහමාරක් විතර ඉන්න ඕනෙ.

සතියකින් හමුවෙමු...

සටහන :

jayasiri 04 e1619629387941
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024/12/07



ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

ගෙන්දගම් පොළොව 02 : 'ඌ ගිහින් තියෙන්නෙ යට තට්ටුවත් උස්සගෙන'

ගෙන්දගම් පොළොව 01 : 'අපිට ඇඩ්‍රස් නෑ අක්කෙ' -

ගෙන්දගම් පොළොව - (ජයසිරිගේ අලුත් වැඩක් )

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්