‘‘ඉතිං බං එදා මොකද්ද උණේ කියල මං දන්නවයැ... අනික උඹල කවුරුවත් මට එදා උණේ මොකද්ද කියල කිව්ව ද... ඔක්කොම හරියට කෂාය බීපු

ගොළුවො වගේ නෙ හිටියෙ. හිටියෙ විතරක් නෙවෙයි අදත් ඉන්නෙ එහෙම නෙ...’’ මා ද තරමක් ආවේගශීලි ලෙස පැවසී ය.


‘‘හරි... මං එහෙනං ඉස්සෙල්ලම උඹට කියන්නං එදා බ්‍රහස්පතින්ද මොකද උණේ කියල. හොඳට අහගනිං ආ...’’

 

jkslමෙතෙක් දිනක් කිසිවක් ම නොදන්නා සේ හැසිරුණ ද සිදු වූ සියල්ල කෙසේ වුව ද එහි අත්‍යවශ්‍ය ම සාරය කුමක් ද යන්න දුලීකා දැන සිටින බව මට දැන් පැහැදිලි ය. මේ මොහොතේ කළ යුතු සුදුසු ම දේ වන්නේ ඇගේ හඬ පතුරවාලිමට ඉඩ හැරීම ය. මා දැන් එයට සුදානම් විය යුතු ය.

‘‘හරි හරි... උඹ කියපංකො... මං අහගෙන ඉන්නං...’’

‘‘ඒක මෙහෙම කියන්න බෑ... මං දැං මේ ඉන්නෙ උඹලගෙ ගෙවල් ළඟ. තව විනාඩි පහකිං මම ඔතනට එනව. මාව පිළිගන්න ලේස්ති වෙලා හිටපං... ආ තව එකක්... මං දැං උඹලයි ගෙදර එන විත්තිය කවුරුවත් දන්නෙ නෑ... අඩුම ගානෙ උඹවත් දන්නෙ නෑ හරි ද...’’

එම වදන් කිහිපය මගේ සවන් තුළට රිංගා අවසන් වීමටත් ප්‍රථම දුලීකා අත තිබූ දුරකතනය නිහඬ විය. ඇය ව්‍යංගයෙන් පැවසුවේ ඇය එන බව මා දන්නා බවක් නොහඟවන ලෙස ය. ගැටලුවක් වන්නේ ඇය මෙහි පැමිණීමට ප්‍රථම අම්මා පැමිණියහොත් පමණි.


******

දුලීකා පැවසූ සේ ම විනාඩි පහක් ඉක්ම යාමට මත්තෙන් ඇය මගේ කාමරයට ම පැමිණියා ය. කමලාවතී නැන්දා දුලීකා කෙරෙහි දැක්වූ ප්‍රතිචාරය කෙබඳු ද යන්න පවා මා දැන නොසිටියේ ය. කමලාවති නැන්දා වෙනදා මෙන් ම ‘ටක් ටක් ටක්...’ හඬින් තෙවතාවක් දොරට තට්ටු කර ‘‘බේබී... බේබි... දොර අරින්න... දුලී මිස් ඇවිල්ල...’’ යැයි පැවසුවා ය. මා දොර විවර කරන විට ද කමලාවති නැන්දා පෙනෙන්නට නොසිටියා ය.

 

දුලීකා කාමරයට පැමිණි විගස ම දොර වසා දැමූ මා අනෙක් පස හැරී ඇය බදා වැලඳගත්තේ ‘දැන් මගේ එකම ගැලවුම්කාරි උඹයි දුලී’ යැයි සිතන අතර ය. එහෙත් ඇය මගේ ප්‍රතිචාරය එතරම් මායිම් නොකර ම ‘‘හරි හරි... බොරුවට මාව බදාගෙන ඉඹින්න ඕන නෑ. කියපං... අද නැන්ද එන්න ලේට් වෙනව නේද...?’’ යැයි විමසී ය. නමුදු මා ඒ සම්බන්ධයෙන් කිසිවක් ම දැන නොසිටියේ ය.


‘‘අම්ම...! ලේට් වෙනව...!! කවුද උඹට එහෙම කිව්වෙ...?’’ යැයි මා විමසුවේ ඇගේ දෙවුරෙන් අල්ලා සොලවන අතර ය. මගේ දෑත් ගසා දැමූ දුලීකා පාඩම් මේසයේ දෙපස තබා ඇති එක් අසුනක අසුන් ගත්තේ ‘‘මට කවුරුවත් කිව්වෙ නෑ බං... ඒ උනාට අද කලාප කාර්යාලෙ ප්‍රින්සිපල්ලගෙ මිට්න් එකක් තියෙනව. මං අද ඔෆිස් එකට ගිය වෙලාවෙ ටිචර්ස්ල ඒ ගැන කතා වෙනව ඇහුණ. එහෙම එකක් තියෙනව නං ඉතිං අනිවාර්යයෙං ම නැන්ද ඒකට යනව ම නෙ... ඒකයි මං උඹට පොඩි සප්‍රයිස් එකක් දෙන්නත් එක්ක ම ආවෙ.’’


ඇය එම වදන් මුදා හරින්නටත් ප්‍රථම කිසිවකු දොරට තට්ටු කරන හඬ ඇසුණු බැවින් අපි දෙදෙනා ම සතුටු සයුරෙන් බිය මුසු ශෝක සයුරට ගසාගෙන ගියේ ය.


‘‘බේබී... බේබී... දොර අරින්න... තේ ගෙනාවා.’’


තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරන කමලාවති නැන්දා අඬගෑවා ය. මා ගොස් දොර විවර කළ සැණින් තේ බන්දේසිය අත දරා සිටි කමලාවති නැන්දා සුපුරුදු සිනාමුසු උවන පා ‘‘මේ වෙලාවට ඉතිං බේබි කිරි කෝපි බොන්න ආසයි නෙ... ඒ හිංද මං දෙන්නට ම කිරි කෝපි හැදුව,’’ යැයි පැවසුවේ ඇගේ ස්නේවන්ත භාවය විදා දක්වමිනි.

cup


‘‘තැන්කියු නැන්දෙ තැන්කියු...’’


ඇයට ස්තුති කළ මා තේ බන්දේසිය ද රැගෙන කඩිනමින් ම කාමරයට ඇතුළු වී දොර වසා දැමුවේ හැකි ඉක්මනින් කමලාවතී නැන්දා පිටත් කර හැරිය යුතු බැවිනි. වැරදීමකින් හෝ ඇගේ දෙනෙතට යළි දුලීකාගේ රුව හසුවූයේ නම් ඇයට ගැලවීමක් නොලැබෙන බව මා දැන සිටි බැවිනි.

 

මා තේ බන්දේසිය රැගෙන මේසය අසලට යන්නටත් පෙර ම දුලීකා බන්දේසිය මේසය මත තැබීමට අවැසි ඉඩ ප්‍රමාණය සකසා තිබුණා ය. මා, බන්දේසිය මේසය මත තබන අතර ම ‘‘ඉතිං ඉතිං... දැං එහෙනං තේකක් බොන අතර ම කියපංකො මොකද වෙලා තියෙන්නෙ වගේම වෙන්නෙ මොනවද කියල,’’ යැයි පවසමින් තේ බන්දේසිය මේසය මත තබා අසුන් ගත්තේ ය.


තේ කෝප්පයක් අතට ගෙන එයින් උගුරක් පානය කළ දුලීකා ‘‘ම්ම්ම්... හරි... මට කියපං... උඹට මතක ද එදා උඹ ෆේන්ට් වෙන්න ටිකකට ඉස්සෙල්ල අයෝද්‍ය සර් මොනවද කිව්වෙ කියල...?’’

 

ඒ නිමේෂය යනු සිහිපත් කිරීමට අකමැති ම නිමේෂක් වුව ද මේ මොහොතේ ඒ පිළිබඳ ආවර්ජනය කළ යුතු ම නොවේදැයි මට සිතිණ.


‘‘ම්ම්ම්... මතකයි මතකයි... ඇයි උඹ දැං ඒක ඇහුවෙ...?’’ සිද්ධිය සිහිපත් කිරීමට පෙර මා යළි දුලීකාගෙන් විමසී ය.


‘‘ඒකට හේතුවක් තියෙනව. මට කියපංකො සර් මොනවද කිව්වෙ කියල...’’ දුලීකා යළි පෙර ඉල්ලීම ම ඉල්ලා සිටියා ය.

 

‘‘ම්ම්ම්... මට මක විදියට නං සර් කිව්වෙ... මේ... ‘මේ විදියට ගියොත් නං අහිංසනා මට තීරණයක් ගන්න වෙනව. එහෙම නැත්නං ඔයා තීරණයක් ගන්න. එක්කො මං මේ ඉස්කොලෙන් අස්වෙලා යන්න ඕනෙ. එහෙම නැතිනං ඔයා මේ ඉස්කෝලෙන් අස් වෙලා යන්න ඕනෙ. එහෙම නොවුනොත් ඔයයි මමයි දෙන්න ම ලොකු අමාරුවක වැටෙනව.’ කියල නේ ද...?’’


මා පැවසූ දෑ සවන් වැකුණු සැණින් දෙනෙත් විසල් කර තත්ත්පර කිහිපයක් මා දෙස බලා සිටි දුලීකා ‘‘පිස්සු... උඹට නං ඇත්තට ම පිස්සු... ඒක තමයි එහෙනං මේ එදා උඹ තනිකර ම බුල් කෙළියෙ. සර් කොහෙද මෝඩියෙ එහෙම එකක් කිව්වෙ...? බලපං... උඹේ අවසිහිය නිසා වෙච්ච විනාසෙ...’’ යැයි පවසන අතර ම තේ කෝප්පය ද පසෙකට කර දෙඅත්ලෙන් ම හිස බදාගෙන, දෙවැළමිටි කරුවක් සේ මේසය මත තබා එය මත හිස හොවාගත්තා ය. එය මහා විපතක් වී ඇති සේයාවක් කියා පාන ඉරියව්වකි.

 

මා, ක්ෂණිකව ම කරුවක් සේ මේසය මත තබාගෙන සිටින දුලීකාගේ දැත් අල්ලා ගත්තේ අවසිහියෙන් මෙනි.


‘‘දුලී... ඇයි මේ... මොකද්ද සිද්ධ වෙලා තියෙන්නෙ... අනේ දුලී... වෙච්ච හරි වෙන්න තියෙන හරි මොකක් හරි මගුලක් අම්ම එන්න කලිං මට කියපං බං...
මොකද්ද මේ කරුමෙ... ඇයි අපි මෙහෙම විඳවන්නෙ...’’ දරාගත නොහැකි තරම් වේදනාවකින් පසු වූ මා තරමක් උස් හඬින් විමසී ය.


එසැණින් ම එතෙක් සිටි ඉරියව්ව වෙනස් කළ දුලීකා ‘‘යකෝ... හෙමිං කතා කරපං... කමල නැන්දට ඇහෙයි... ඊට පස්සෙ කඩාගෙන ඇවිත් දොරට ගහයි...’’
යැයි පවසන අතර ම ඇගේ එක් අතකින් මගේ මුව වසා, විසල් වූ දෙනෙත් තුළින් විහිදෙන වේගවත් මෙන් ම උණුසුම් කිරණ මගේ දෙනෙත් වෙත එල්ල කළා ය;

 

ඒ වන විට විසල් වූ මගේ දෙනෙත්වලින් ද වේගවත් මෙන් ම උණුසුම් කිරණ දහරක් දුලීකාගේ දෙනෙත් වෙත ගමන් කරමින් තිබිණ. දෙනොගේ දෙනෙත්වලින් විහිදෙන කිරණ අතර මගදී එකිනෙක ගැටිණ; එබැවින් දෙදෙනාගේ ම උවනත් මේසය මතට ලම්භක වූයේ දෙදෙනා ම නොදැනුවත්ව ම ය. තත්පර කිහිපයක් ම දෙදෙනා නිහඩ ව්‍රතයක රැඳී සිටියහ; පළමුව හඬ අවදි කළේ දුලීකා ය. මා ඒවන විටත් සිටියේ උවන මේසය මතට ලම්භක කළ ඉරියවවේ ම ය.


‘‘අහිංසනා... මේ අහපං... ඇත්තට ම උඹ එදා..., ඒ මොහොතෙ ඉඳල තියෙන්නෙ මේ ලෝකෙ නෙවෙයි. උඹ ඒ වෙලාවෙ ඉඳල තියෙන්නෙ උඹ ම පරිකල්පනය කරගත්තු ලෝකෙක... ඒකනෙ සර් කියපු දේවල් උඹට ඔය විදියට ඇහුණෙ. උඹ අර විදියට පිස්සු කියෙව්වෙ...’’


දුලිකා පැවසු වදන් අතුරෙන් අවන් වදන් පහ ක්ෂණයකින් මගේ මනසට විදුලි සැරයක් ඇතුළු කළේ ය.


‘‘පිස්සු කියෙව්ව...! මොනවද මං කියවල තියෙන පිස්සු...?’’ ඒ වදන් කිහිපය මගේ මුවෙන් විදාරණය වන මොහොතේ ද මා පසුවන්නට
ඇත්තේ උමතුවෙන් යැයි මට ම හැඟිණ.

‘‘කියවල තියෙන්නෙ ද... කියවල තියෙන්නෙ මොනවද කියන්න කලිං මේක අහපංකො...’’ යැයි පැවසූ දුලීකා තරමක් සන්සුන් ස්වරයෙන් මා ඇමතුවා ය.

 

‘‘මේ අහපං... දැං වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. හැබැයි ඉස්සරහටවත් මෙහෙම දේවල් නොවෙන විදියට වැඩ කරපං. මොකද අපි ජීවත් වෙන්නෙ බටහිර රටකවත් යුරෝපීය රටකවත් නෙවෙයි බං... අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක. මං කියන්නෙ මිනිස්සුන්ගෙ මානුෂික උවමනා එපාකම් බිංදුවක්කත් අඳුරන්නෙ නැති රටක; මිනිස්සුන්ගෙ හැඟීම් දැනීම් බිංදුවක්කත් අඳුරන්නෙ නැති රටක. අපි මොනතරං... අපි කියන්නෙ උඹයි, මමයි වගේ ම මේ රටේ ඉන්න තව කිපදෙනෙකුයි මිනිස්සුන්ගෙ හැඟිම් දැනීම් අවබෝධ කරගෙන වැඩ කරාට උගත්, බුද්ධිමත් කියන එවුන්වත් එහෙම වැඩ කරන්නෙ නෑ. ඒ නිසා මං මේ කියන දේ හොඳට අහගනිං.’’


කරාමය විවර කළ පයිප්පයකින් දිය ගලා එන්නා සේ දුලිකාගේ මුවෙන් ගලා ආ වදන් තුළ ගැබ්ව තිබූ ගැඹුරු අදහස් අවසිහියෙන් සිටි මගේ මනසට ඇතුළු වූයේ පිපාසයෙන් සිටි පුද්ගලයෙකුගේ මුව තුළට හළාගන්නා සිසිල් දිය බිඳක් මෙන් සහනයක් සලසමිනි.


‘‘ඔවු මචං... කියපං... උඹ දන්න හැම දෙයක් ම කියපං... වෙච්ච දේවලුයි, වෙයි කියල හිතෙන දේවලුයි ඔක්කොම කියපං. මං මේ දැන් ඉඳල ඒ හැම දෙයක්ම අහගෙන ඉන්නෙ හොඳ සිහියෙං... ඔවු... හොඳ සිහියෙං...’’ මා පවසන සියල්ල අසා සිටින අතර ම මා දෙස ආදරණීය බැල්මක් හෙළූ දුලීකා එක් අතකින් මගේ හිස පිරිමිදින අතර ම අනෙක් අතින් මගේ අතක් අල්ලාගත්තා ය.


‘‘උඹ ඔය කොච්චර කිව්වත් උඹ පිස්සු නොකෙළියි කියල මට විශ්වාස නෑ. ඒ උනාට උඹ මේ ටික දැනගන්න ඕන. ඒ නිසා කලබල නැතුව අහපං.’’ තේ කෝප්පයේ ඉතිරිව තිබූ තේ උගුරු කිහිපයක් ම එක වර උගුරෙන් පහළට යැවූ දුලිකා ‘‘හම්ම්ම්... මේ තේ ටිකත් බිල ම හිටහංකො,’’ යැයි පවසා පසෙකට කර තිබූ මගේ තේ කෝප්පය මා අසලට ළං කළා ය.


‘‘උඹ දැං කිව්ව නේද එදා අයෝද්‍ය සර් කිව්වෙ‘මේ විදියට ගියොත් නං අහිංසනා මට තීරණයක් ගන්න වෙනව. එහෙම නැත්නං ඔයා තීරණයක් ගන්න. එක්කො මං මේ ඉස්කොලෙන් අස්වෙලා යන්න ඕනෙ. එහෙම නැතිනං ඔයා මේ ඉස්කෝලෙන් අස් වෙලා යන්න ඕනෙ. එහෙම නොවුනොත් ඔයයි මමයි දෙන්න ම ලොකු අමාරුවක වැටෙනව.’ කියල.’’

 

‘‘මං දන්නෑ බං... එහෙමනං සර් වෙන මොකක් හරි කියන්න ඇති. මට ඇහුණෙ එහෙම තමයි. ඇත්තට ම සර් මොනවද කිව්වෙ...?’’ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළා යැයි විශ්වාස කළ හැකි තරමේ යමක් සිදුවි ඇති බව මට දැන් ප්‍රත්‍යක්ෂ ය. දැන් ඉතිරිව තිබෙන්නේ එම සිද්ධිය කුමක්දැයි නිවැරැදිව දැනගැනීම ය; අනතුරුව ඉදිරියේ දී සිහි බුද්ධියෙන් කටයුතු කිරීම ය.


‘‘ඇත්තට ම මචං එදා සර් කිව්වෙ එහෙම දෙයක් නෙවෙයි... සර් කිව්වෙ... මේ... ‘මොකද්ද අහිංසනා මේ වැඩේ තේරුම... මං මගේ උගුර ලේ රහ වෙනකං තමුසෙලට උගන්නනව. තමුසෙල ඔහේ බකංනිලාගෙන ඉඳල ගෙදර යනව... එහෙම කරන්න නං මොන කෙහෙල්මලට ද තමුසෙල ඉස්කෝලෙ එන්නෙ...?’ කියල. ඒකත් නෙවෙයි ප්‍රශ්නෙ. බරපතළම දේ උණේ උඹ ඊට පස්සෙ කියපු දේයි උඹට වෙච්ච දේයි.’’

 

Autumn Metamorphosis Oil Painting Chat 500x281


‘‘හරි හරි... සර් කිව්වෙ එහෙමයි කියමුකො... මං මොනවද කියල තියෙන්නෙ...?’’


මා ඒ නිමේෂයේ හැසිරී ඇත්තේ කෙසේ ද, පවසා ඇත්තේ මොනවා ද යන්න දැනගැනීමේ පිපාසයෙන් සිටි මා එසේ විමසුවේ දුලිකාගේ දෙවුරෙන් අල්ලා
සොලවන අතර ය.

 

කෝපය ද, ස්නේහය ද, කරුණාව ද මුසුවූ සිතුවමක් මෙන් උවන සකසා ගත් දුලීකා මා දෙස තියුණු බැල්මක් හෙළුවා ය.


‘‘උඹ කිව්වෙ ද...? ඔක්කොමත් හරි ඒ වෙලාවෙ උඹ කියපු දේ එක්ක ම උඹට වෙච්ච දේ තමයි මේ හැම දේකට ම මුල. උඹ කියපු දේ පංතියෙ හැමෝට
ම ඇහුණ නෙ... උඹට වෙච්ච දේ හැමෝ ම දැක්ක නෙ... ඉතිං ආයි කාට හංගන්න ද බං... සර් කියලත් මොනව කරන්න ද... ඒ මනුස්සයගෙත් මුළු
ආත්මෙ ම ඉවරයි.’’


මා පැවසුවේ මොනවා ද යන්න තව දුරටත් සඟවාගෙන සිටීමෙන් පලක් නොවන බැවින් ද එය කුමක් ද යන්න පැවසීමට මෙතරම් පසුබට වන්නේ ඇයි ද
යන්න පිළිබඳ මා තුළ පැන නැගි කුකුස හේතුවෙන් ම ස්වයං ක්‍රියව මෙන් මා ඉඳ සිටි අසුනෙන් නැගී සිටිණ. එසැණින් ම දුලිකා ද ඇය ඉඳ සිටි අසුනෙන් නැගි
සිටියා ය.

 

ඉඳ සිටි අසුන පසුපසට තල්ලු කළ මා සිටගෙන සිටි දුලිකාගේ දෙවුරෙන් අල්ලා තෙරපන අතර ම ‘‘අනේ බං මාව බාගෙට මරන්නැතුව කියපංකො ඉතිං
මං මොනවද කියල තියෙන්නෙ කියල,’’ යැයි පැවසුවේ වියරුවෙන් මෙනි. දුලිකා ඒත් නිහඬ ය; ඇගේ දෙනෙත් මගේ දෙනෙත් සමග අනිමිස ලෝචනයක ය. ඇය, ඇගේ දෙවුර මත තිබූ මගේ දෑත් මෘදුව අල්ලා පහත හෙළුවා ය. අනතුරුව ඇගේ දෑත් මගේ දෙවුර මත තබා මා ඇයගේ සිරුරට ආසන්න කරගත්තා ය.

 

මගේ හදවතේ ගැස්ම දෙගුණ තෙගුණ විය. මගේ දෙනෙත් මත අලවා තිබූ දුලීකාගේ දෙනෙත් එක්වර ම ඇදී ගියේ ඉහළ පහළ යන මගේ තුනුපළ යුවළ වෙත ය. ඒ දර්ශනය දුටු ඕනෑම කෙනෙකු මගේ හදවතේ රිද්මය හඳුනාගන්නා බව සක් සුදක් සේ පැහැදිලි ය. මොහොතක් මගේ තුනුපල යුවළ වෙත දෙනෙත් අලවාගෙන සිටි දුලීකා එක පැහැර ම මගේ දෙකිසිලි යටින් ඇගේ දෑත් යවා මා ඇගේ සිරුරට තෙරපා ගත්තා ය. ඒ තෙරපුම අතර ඇගේ තුනුපල යුවළ ද වේගයෙන් ඉහළ පහළ වන බව මට දැනිණ. ඒ අතර දුලීකා ඇගේ දෑතින් මගේ පිට පෙදෙස ඉතා මෘදු ලෙස පිරිමැද්දා ය.


‘‘අහිංසනා... මට උඹ ගැන දුකයි. සර් පවු...’’


දුලිකා රහස් හඬින් මිමිණුවා ය.


‘‘ඇයි දුලී... ඇත්තට ම දුලී මං එදා මොනවද කිව්වෙ...?’’


මා ද රහස් හඬින් ම ඇගෙන් විමසී ය.


ඇය, තව තවත් මා ඇගේ සිරුරට තෙරපා ගන්නා අතර ම ඇගේ මුව මගේ දකුණු සවනට ළං කළා ය. ඇගේ ලවන් පෙති මගේ සවනත ස්පර්ශ වන තරමට ම ආසන්න කර ‘‘උඹ...උඹ... එදා කිව්වෙ... ‘අනේ සර්... එහෙම කරන්නෙපා... එතකොට මට මොකද වෙන්නෙ සර්’ කියල,’’ යැයි තෙපළුවා ය.

 

එසැනින් ම යළි ‘‘එහෙම කියපු ගමන් උඹ ෆේන්ට් උණා... ඊට පස්සෙ... ඊට පස්සෙ... උඹ වගේ ම මමත් දන්න නොදන්න හුඟක් දේවල් සිද්දවෙලා අහිසනා...
ඔවු... තව හුඟක් දේවල් සිද්ද වෙලා...’’

 

ඉවර නෑ...

ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්තජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්

 

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා