ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියදී, මෙරට අත්අඩංගුවේ පවතින ඉන්දීය ධිවර යාත්‍රා සීයකට අධික ප්‍රමාණයක් වෙන්දේසියේ විකුණා රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් සොයා
ගැනීමට ආණ්ඩුව සමත්ව තිබේ.

 ඉන්දීය ධිවරයන්ගේ ට්‍රෝලර් යාත්‍රා 135 ක් පෙබරවාරි 7 වැනි සදුදා කරෙයිනගර් ධීවර වරායේදී වෙන්දේසියේ විකිනීමට ක්‍රියා කර ඇත්තේ දකුණු ඉන්දියාවේ මෙන්ම උතුරුදිග ලංකාවේද දේශපාලන නායකයන්ගේ විරෝධය මැදය.

තමිල්නාඩුවේ හා උතුරේ දෙමළ ජනයා අතර සුහදතාවය රැක ගැනීම වෙනුවෙන් ඉන්දීය ධීවරයන්ගේ බෝට්ටු වෙන්දේසියේ විකිණීම වහා නතර කළ යුතු බවට උතුරේ දේශපාලන පක්‍ෂයක් කර තිබු ඉල්ලීමද බැහැර කරමිනි.

''තමිල්නාඩු ධීවරයෝ අපේ මුහුදේ මසුන් මරන්න ඇති. ඒක නීති විරෝධී වෙන්න පුළුවන්. ඒත් තමිල්නාඩුව කියන්නේ ලංකාවේ දෙමළ ජනයාට තියෙන එකම ආරක්‍ෂිත ප්‍රදේශය. ඒක ලංකාවේ දෙමළ ජනයාට ශක්තියක්. අදත් උතුරුකරයේ දෙමළ ජනයා තමිල්නාඩුවේ රැඳී ඉන්නවා. අල්ලා ගත්තු ඔවුන්ගේ බෝට්ටු වෙන්දේසියේ විකිණීම ප්‍රශ්නයට පිළියමක් නොවේ, අවුස්සන වැඩක්,'' යැයි ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සදහන් කළේ පසුගියදා යාපනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.



අධිකරණය විසින් මුදාහරින ලද ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසිය නීති විරෝධී බව පෙන්වා දෙමින් එය වැලැක්වීමට වහාම මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමැති එම් කේ ස්ටාලින් ඉකුත්දා එරට අගමැතිවරයාට ලිපියක්ද යවා තිබුණි.




පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ කොළඹ සිට පැමිණි ධිවර දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ අද උදෑසන 9 සිට පස්වරු 2 දක්වා ඉන්දීය ධීවරයන්ගේ බෝට්ටු වෙන්දෙසිය ක්‍රියාත්මක වු බවයි.

ඒ සදහා රුපියල් දහස බැගින් ගෙවා සාමාජිකත්වය ලබා ගත් ගැනුම්කරුවන් 68 දෙනෙක් සහභාගී වු බව යාපනයේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 වෙන්දේසියේදී එක ටෝලර් යාත්‍රාවක් පමණක් රුපියල් ලක්ෂ දහ තුනකට අලෙවි වී ඇති අතර බෝට්ටු 50 ට වැඩි ප්‍රමාණයක් වෙන්දේසි වී ඇත්තේ රුපියල් 1,20,000 ක් බැගින් වු මිලකටය.

 තවත් බෝට්ටු කිහිපයක් රුපියල් 50000 බැගින් වු මිලකට වෙන්දේසි වී තිබේ.

 ධිවර දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් උතුරේ වාර්තාකරුවන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ  ධිවර යාත්‍රා 135 වෙන්දේසි කිරීමෙන් උපයා ගත් මුදල රුපියල් පනස් නම ලක්ෂ පනස් දහස් පන්සීයක් බවයි.


102
103

ජී ඇල් ඉන්දියාවේ



දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකාවේ  විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී තිබේ.

 ඔවුන්  දෙදෙනා ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වා ඇත්තේ දිල්ලියේ පිහිටි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ය.

 මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරන්නේ මෙහිදී ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළව විදේශ ආමත්‍යවරුන් දෙදෙනා අතර පුළුල් ලෙස කරුණු සාකච්ඡා වී ඇති බවයි.

 ඉන්දීය ධිවරයන් මසුන් මැරීම සදහා මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීමත්, නාවික හමුදාව ඊට එරෙහිව බලය යෙදවීමත් නිසා උතුරේත්, තමිල්නාඩුවේත් ඇති වී තිබෙන නොසන්සුන්තාවය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කාරනු ඇතැයි අපේක්ෂා කෙරුණත් ඒ ගැන කතාබහ කළ බවක් තවමත් දැනගන්නට නැත.

 අධිකරණ ඇමැති අලි සබ්රි පසුගියදා පවසා තිබුනේ ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නයට දෙරට අතර රාජතාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් මිස නීති සංශෝධන මගින් විසදුම් සෙවිය නොහැකි බවයි.

 ධීවර අමාත්‍යංශය විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසියේ විකිනීමට ගත් තීරණය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිති සම්මේලනය ද පසුගියදා සිය ප්‍රසාදය පළ කර තිබුනි.
 

 


Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්