leader s


රාගම වෛද්‍ය පීඨයට අයුතු ලෙස ඇතුලු වී එහි වෛද්‍ය ශිෂ්‍යයන්ට පහරදුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයා ඇතුලූ සැකකරුවන් 09 දෙනකු ඇප මත මුදා හරින

ලෙස වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් අද (07) නියෝග කළේය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වෛද්‍ය පීඨ සිසුන් ඇතුළු සැකකරුවන් 09 දෙනාගෙන් 07 දෙනෙකු බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට අද ඉදිරිපත් කෙරිණ.

මෙම සැකකරුවන් ගෙන් දෙදෙනකු අද (07) හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු සාක්ෂිකරුවන් විසින් එම සැකකරුවන් හදුනාගනු ලැබ තිබිණී.

කෙසේවෙතත් එක් සැකකරුවෙකුට කොවිඩ් ආසාදනයවීම සහ තවත් සැකකරුවෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණ.

සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඉදිරිපත්ව ඇති බොහෝ චෝදනා සමථ මණ්ඩලයකට යොමුකර සමථයකට පත්විය හැකි චෝදනා බව පෙනී යන බවයි.

කොවිඩ් තත්ත්වය සහ සැකකරුවන් සියලුදෙනා තරුණ වයසේ පසුවන්නන් බව සලකා ඔවුන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කෙරින. ඒ අනුව මෙම සැකකරුවන් නව දෙනා ම ඇප මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබේ.



යලි ඇමතිකමේ දිවුරුම් දෙයි !



රාගම වෛද්‍ය පිඨයේ නේවාසිකාගාරයට කඩාවැදී එහි සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සිය පුත්‍රයාට එල්ලවූ චෝදනා මත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ ජනාධිපතිවරයා විසින් කල දැනුම්දීමකට අනුවය.

කෙසේවුවද අරුන්දික ප්‍රනාන්දු හෙට යලි රාජ්‍ය ඇමතිවරයකු ලෙස දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව ජනාධිපතිවරයාට හිතවත් නාහිමිවරුන් කිහිප නමක් විසින්ම පැසසුමට ලක්කර තිබිණ.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට යළි රාජ්‍ය ඇමතිකමක් නොදෙන්නැයි ද උන්වහන්සේලා ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටියේය.



සබැඳි පුවත් :
අරුන්දිකට යළි ඇමතිකමක් දෙන්න එපා ! - ජනාධිපතිට හිතවත් හිමිවරු කියති


ඇමති අරුන්දිකගේ පුත්‍රයා අත්අඩංගුවට : නවකවද කතාවකුත් පටලවාගෙන !


අරුන්දිකට ඇමතිකමෙන් අස්වෙන්නැයි ජනාධිපති ගෙන් දැනුම්දීමක් !

 

Leader Whats app

 

 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්