leader s

‘එක රටක් එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ඊයේ (ජූනි 29) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී තිබේ.


ශ්‍රී ලංකාව තුළ "එක රටක් - එක නීතියක්" යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා සිය බලතල ප්‍රකාරව ‘එක රටක් එක නීතියක්’ සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය 2021 ඔක්තෝබර් 26 සහ 2021 නොවැම්බර් 06 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදන මගින් පිහිටවනු ලැබීය.

මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වීරවර්ධනලාගේ සුමේධ මංජුල, වෛද්‍ය එන්.ජී. සුජීව පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ ඩබ්.පී.ජේ.එම්.ආර්. සංජය බණ්ඩාර මාරඹේ, ආර්.ඒ. එරන්ද කුමාර නවරත්න, පානි වෑවල, මවුලවි එම්. ඒ.එස්. මොහොමඩ් (බාරි), යෝගේශ්වරී පත්ගුනරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා යන මහත්ම මහත්මීහු කාර්ය සාධක බළකායේ සෙසු සාමාජිකයෝ වූහ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක බළකායේ ලේකම් ලෙස කටයුතු කළාය.

වෘත්තිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, ආගමික කණ්ඩායම්, විවිධ ජන කොටස්, විශ්වවිද්‍යාල ප්‍රජාව, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි 1,200කට අධික පිරිසකගේ සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව නිර්දේශ 43ක් සහිත පරිච්ඡේද 8කින් සහ ඇමුණුම් කාණ්ඩ 2කින් සමන්විත වාර්තාව සකස් වී තිබේ.

මෙම වාර්තාව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති විසින් උපදෙස් දී ඇත.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටියහ.


WhatsApp Image 2022 06 29 at 12.51.03 PM
නිර්දේශ මෙන්න

ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු සාමාජිකයන් ජනාධිපතිවරයා වෙත භාර අවසන් වාර්තාවේ පහත සඳහා සඳහන් නිර්දේශ ඇතුලත් බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු පැවසිය.

one country 2022.07.30



සබැඳි පුවත් :
LTTE සිරකරුවන් නිදහස් කරන්නයි ජනාධිපති කොමිසමකින් නිර්දේශයක් !

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

LTTE සැකකරුවන්ට 'අනිවාර්යයෙන් නිදහස දීම වැදගත්' - ඥානසාර හිමි  

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්