ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් 'අරගලයට දින දීම' පැහැදිලිවම අරගලකරුවන් අනතුරට ඇදදැමීමක් බවත්, එය අරගලයට එරෙහි කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක් පමණක් බවත් අරගලයේ පාර්ශ්වකාර

සංවිධානයක් වන 'සර්වපාක්ෂික අරගලකරුවෝ' අවධාරණය කර සිටියි.

එබැවින් පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයක් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත පොදුජන අරගලය පණගන්වන තෙක් ඔබේ පාලකයා දෙස විමසිලිමත්ව බලා හිඳින ලෙසත්, ව්‍යාජ පෙළඹවීම්වලට හසු වී අරගලය පිළිබඳ ඔබ තුළ පවතින විශ්වාසය පළුදු කර නොගන්නා ලෙසත් එම සංවිධානය සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

'සර්වපාක්ෂික අරගලකරුවෝ' එම ඉල්ලීම සිදුකර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

sf2022
මෙතෙක් දිනූ ජයග්‍රහණ සහ එහි ගෞරවය රැකගනිමින් අරගලයේ පළමු අදියර මේ මොහොතේ නිම කිරීමට සියලු අරගලකරුවන් උපක්‍රමික හා තාර්කික තීරණයක් ගත යුතුව ඇතැයි තම සංවිධානය විශ්වාස කරන බව 'සර්වපාක්ෂික අරගලකරුවෝ' සිය නිවේදනය මගින් කියා සිටියි.

'සර්වපාක්ෂික අරගලකරුවෝ' නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.



අරගලයේ ජයග්‍රහණ සහ අරගලකරුවන් රැකගනිමු...!!



ජයග්‍රාහී පොදුජන අරගලයක් හරහා පසුගිය තෙමසක් වැනි කාලයක් තුළ මෙරට ජනතාව අත්කරගත් ඓතිහාසික දේශපාලන ජයග්‍රහණ ලොව කිසිදු දේශපාලන ජයග්‍රහණයකට වඩා අතිශය වෙනස් හා පූර්ණත්වයට පත්වූවක් බව 'සර්වපාක්ෂික අරගලකරුවෝ' ලෙස අපි විශ්වාස කරමු.

එවන් සුවිශේෂී පොදු අරගලයක් හරහා අප සමාජය විසින් පෙරළා දැමීමට උත්සාහ කරන ලද අසාර්ථක පාලන ක්‍රමයම නැවත වටයකින් ගොඩනැගීමට පැවැති පාලන තන්ත්‍රය විසින්ම ක්‍රමිකව කටයුතු කරමින් ඇත.

නමුත් එකී යල් පැනගිය ක්‍රමය නැවත ස්ථාපිත කොට පවත්වාගෙන යෑමට මෙරට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, මේ දක්වා අරගලය තුළින් රට ඉල්ලූ වෙනස පාලකයන් විසින් අවබෝධ කරගෙන ඇති බවක් හෝ ඒ වෙනුවෙන් කැපවීමක් සිදු කරන බවක් අපට පෙනෙන්නට නැත.

ඒ සමගම අරගලයේ සැබෑ ඉල්ලීම් ඉටු කරනවා වෙනුවට අරගලකරුවන් ඉලක්ක කරගත් රාජ්‍ය මර්දනයක් දියත් වෙමින් පවතින අතර, අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට හුවා දැක්වීම සඳහා 'කුමන්ත්‍රණ භීතිය' තම  පංචායුධය කරගත් අවස්ථාවාදීන් බංකොළොත්, හිඟන දේශපාලන බත්බැලයන් කොන්ත්‍රාත් ක්‍රමයට කරළියට පැමිණ ඇති ආකාරයද හාස්‍යජනකය.




උත්තරීතර නීතිය අවභාවිත කරමින් අරගලකරුවන් වෙත සිදුකරන අනීතික බලපෑම් සහ නෛතික වැටලීම් වහා නවතන ලෙසද අපි ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් බලකර සිටිමු. තවද ව්‍යවස්ථාපිතව පුරවැසියන් වෙත හිමිව ඇති මූලික හා දේශපාලන අයිතීන් සීමා කිරීමට හා වැළැක්වීමට දරන උත්සාහයන්ද අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.



මාධ්‍ය මෙහෙයුම් හා හමුදා සහ පොලිස් බලය යොදවමින් මහජන මතය නමැති රබර් බෝලය යට ගැසීමට දරන උත්සාහයන් අප මාතෘ භූමිය තවත් අඳුරු යුගයකට ඇද දැමීමට පෙරමං සකසන්නකි.

එමනිසා පාලකයන් අරගලයේ සැබෑ උවමනාවන් වෙත තම අවධානය යොමු කරනවා මිස, එය මර්දනය කිරීමට කටයුතු නොකළ යුතු අතර, එවැනි මර්දනයන් සඳහා දරන සියලු උත්සාහයන් පරාජය කිරීමට ගත හැකි නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමටද සර්වපාක්ෂික අරගලකරුවෝ ලෙස අපි සක්‍රියව කටයුතු කරමින් සිටිමු.

තවද අරගලකරුවන් ඉලක්ක කරමින් සිදුකරන මර්දනය අතරතුර ගෝල්ෆේස් අරගල භූමියත්, අරගලයේ යාන්ත්‍රණයත් විවිධ පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින අතර, අරගල බිම ආණ්ඩුවේ මර්දනකාරී කුමන්ත්‍රණ හස්තයන්ට තවදුරටත් නතුවීමටද පැහැදිලි ඉඩකඩක් පවතින බවද අප විසින් නිරීක්ෂණය කර තිබේ.




එම තත්ත්වයන් පිළිබඳ ගැඹුරින් සිතා බලා මෙතෙක් දිනූ ජයග්‍රහණ සහ එහි ගෞරවය රැකගනිමින් අරගලයේ පළමු අදියර මේ මොහොතේ නිම කිරීමට සියලු අරගලකරුවන් උපක්‍රමික හා තාර්කික තීරණයක් ගත යුතුව ඇතැයි අපි විශ්වාස කරමු.



අප සියලු දෙනා කැපවූ පොදුජන අරගලයේ සැබෑ පරමාර්ථය සාක්ෂාත් කරගැනීමට නම් පුළුල් ජනතා එකමුතුවක් ගොඩනැගීම හරහා ජනතාව දිනවන ප්‍රජාතන්ත්‍රවාදීව බලයක් නිර්මාණය කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයකින් මේ මොහොතේ රටට පිළිගත හැකි අවසන් ප්‍රතිඵලයක් උදාකරගත නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු.

එමෙන්ම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් 'අරගලයට දින දීම'ද එම ආණ්ඩු කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක් පමණි. එය පැහැදිලිවම අරගලකරුවන් අනතුරට ඇදදැමීමකි.

එබැවින් පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයක් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත පොදුජන අරගලය පණගන්වන තෙක් ඔබේ පාලකයා දෙස විමසිලිමත්ව බලා හිඳින ලෙසත්, ව්‍යාජ පෙළඹවීම්වලට හසු වී අරගලය පිළිබඳ ඔබ තුළ පවතින විශ්වාසය පළුදු කර නොගන්නා ලෙසත් අපි සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම නුදුරේදීම අළු මතින් නැගිටින ෆීනික්ස් කුරුල්ලන් මෙන් නැවත පොදුජන අරගලය පණ නංවා, යහපත් සමාජයක් ගොඩනැගීමට තබන පියවර සමඟ අත්වැල් බැඳගන්නා ලෙසද අපි ඔබට ආයාචනා කරමු.

(සර්වපාක්ෂික අරගලකරුවෝ)


Sarawa 2022.07.29

සබැඳි පුවත් :


'ලිබරල් සහෝදරත්වය' අරගල බිමෙන් ඉවත්වේ

'Black Cap' අරගල භූමියෙන් ඉවත්වේ : 'අරගලය 4.0' අරඹයි!


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්