පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් යැයි කියමින් මුලතිව් කුරුන්දි විහාරයට හා ත්‍රිකුණාමලය

තිරියාය විහාරයට අක්කර 5000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කොට වාර්තා කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති වික්‍රමසිංහතීරණය කර තිබේ.

මුලතිව් කුරුන්දි විහාරයට අක්කර 3000ක භූමි ප්‍රමාණයක් ද ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 2000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා තිබේ.



වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ඉඩම් දෙපාර්තමේන්තුවට හා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම් වලින් මේසා විශාල ඉඩම් ප්‍රමාණයක් පුරා විද්‍යා භූමි බව කියමින් ඉල්ලා සිටීමේ පදනම කුමක්දැයි වහාම සොයා බලන ලෙස ජනාධිපතිවරයා අදාල අංශ වෙත නියෝග කර ඇත.


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂජනාධිපති ධූරය දරන කාලයේ පිහිටුවන ලද පුරාවිද්‍යා ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් මෙම භූමි ප්‍රමාණය වෙන් කර ඇති අතර ඒ භූමි ප්‍රමාණය පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන්කළ යුතු බවට කාර්ය සාධක බලකාය මගින් නිගමනය කර තිබේ.

බෞද්ධ මුලස්ථානය ලෙස සැලකෙන අනුරාධපුර මහා විහාරයට හෝ ජල උද්‍යාන වැව් පොකුණු සහිත සුවිශේෂී ශිෂ්ටාචාරයකට උරුමකම් කියන සීගිරියටවත් නැති ඉඩම් ප්‍රමාණයක් මෙලෙස කුරුන්දි විහාරයට හා තිරියාය විහාරයට ඉල්ලා සිටින්නේ මන්දැයි විද්‍යානුකූල දත්ත, සාක්ෂි සහිතව සොයා බැලීමට ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කරනු ඇත.



කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නොමැති බවට ජනාධිපති ලේකම්වරයා විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිළි කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

 

සබැඳි ලිපි :

රනිල්ගේ ඉතිහාස පංතිය - (චින්තන ධර්මදාස)

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් පවරා දීමට තීන්දුවක් ගෙන නැහැ - ජනපති ලේකම් සමන් ඒකනායක

කුරුන්දි විහාර අර්බුදය : විහාරාධිපති හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම !

පුරාවිද්‍යාව වාර්ගික ප්‍රශ්නවලට ඈද ගන්න එපා ! - එජාප උප නායක

ජනපතිගේ ‘ඉතිහාස පන්තියට’ මුල්තැන දී යටපත් වුනු උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වුනේ ඇයි ?

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්