උතුරේ ඉඩම් ගැටළු සම්බන්ධයෙන් ජනපති ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ තොරතුරු

පටලවාගෙන ඇති බවට මාධ්‍යයට චෝදනා කරන ජනාධිපති කාර්යාලය "පුරා විද්‍යා චක්‍රවර්තී" හිමිනමක් නැගූ පැනයකට පටලැවිලි සහගත පිළිතුරක් සපයා තිබේ.

එල්ලාවල මේධානන්ද හිමියන් වෙත ජුනි 15 වැනිදා ලිපියක් යොමු කරන ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක දැනුම් දී ඇත්තේ මුලතිව්, කුරුන්තුර්මලේ විහාරයට අයත් "රජයේ ඉඩම්" වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නොමැති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අත්අකුරින් ලියා ජුනි 13 වැනිදා යොමුකළ ලිපියක් මගින් එල්ලාවල මේධානන්ද නාහිමියන් විමසා තිබුනේ කුරුන්තුර්මලේ විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් නොව "කුරුන්තුර්මලේ විහාරයට අයති නැති ඉඩම්" මහජනතාවට පවරා දීම සම්බන්ධයෙනි.

"කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් මහජනතාවට පවරාදීම සදහා නියමයක් කර ඇති බව මාධ්‍ය වලින් දැනගතිමි. කුරුන්දි විහාරය අවට බොහෝ තැන් වල විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් විසිර තිබේ. එබැවින් මේ ඉඩම් ආවා ගියාට බෙදා දීම සුදුසු නැත."

මතබේදයට ලක්ව ඇති මුලතිව්, කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමිය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් හඳුන්වා ඇත්තේ "කුරුන්දි විහාරය" ලෙසිනි.



දෙමළ ජනතා නියෝජිතයන් හා මේ වන විට සිය ධුරයෙන් ඉල්ලා අස් වු හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සමග පැවැති සාකච්ඡාවකදී මුලතිව් කුරුන්තුර්මලේ තන්නිමුරිප්පුහි අතීතයේ තිබී ඇත්තේ දෙමළ බෞද්ධ විහාරයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කර තිබුනි.



"2023.06.08 දින පැවැති රැස්වීමේදී කුරුන්දි විහාරය මෙන්ම තිරියාය ප්‍රදේශයේ නටඹුන් පිළිබදව ද සාකච්ඡා කළ අතර මාධ්‍ය මගින් විකාශනය කිරීමේදී මෙම කරුණු පටලවාගෙන ඇති බව පෙනේ," යනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය පැවසුවද මාධ්‍ය මගින් පටලවා ගත්  "මෙම  කරුණු” මොනවාදැයි එම ලිපියේ පැහැදිලි කර නැත.

බොහෝ මාධ්‍ය 2023.06.08 දින පැවැති රැස්වීමට අදාල ප්‍රවෘත්තිය සාකච්ඡාවෙන් දින හතරකට පසුව  2023.06.12 වැනි දින වාර්තා කර තිබුනේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වු විනාඩි 06 ට සීමා වු සංස්කරණය කළ වීඩියෝ පටයක් ආශ්‍රයෙනි.

සතියක් ගත වී ඇතත්, සංස්කරණය නොකළ දර්ශන හෝ එළඹි තීන්දු ජනමාධ්‍ය වෙත ලබා දී “මාධ්‍ය මගින් පටලවා ගත් කරුණු” නිරවුල් කරන්නට ආණ්ඩුව හෝ දෙමළ ජාතික සන්ධානය පියවර ගෙන නැත.

 

සබැඳි ලිපි :

කුරුන්දි ඉඩම් හබය විසඳන්න විශේෂඥ කමිටුවක් !

රනිල්ගේ ඉතිහාස පංතිය - (චින්තන ධර්මදාස)

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් පවරා දීමට තීන්දුවක් ගෙන නැහැ - ජනපති ලේකම් සමන් ඒකනායක

කුරුන්දි විහාර අර්බුදය : විහාරාධිපති හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම !

පුරාවිද්‍යාව වාර්ගික ප්‍රශ්නවලට ඈද ගන්න එපා ! - එජාප උප නායක

ජනපතිගේ ‘ඉතිහාස පන්තියට’ මුල්තැන දී යටපත් වුනු උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වුනේ ඇයි ?

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්