මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර

දින හයක් නිමා වන විට පුද්ගලයන් හය දෙනකුගේ අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.

සැප්තැම්බර් 12 වැනි දා කැනීම් කටයුතු නිමා විමෙන් පසුව, සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ අගහරුවාදා දිනයේද පුද්ගලයෙකුට අයත් අස්ථි ගොඩ ගත් බවයි.

"අද මිනිස් සිරුරක් සම්පූර්ණයෙන් ගොඩ ගත්තා. ඊයේ කැණීම් කටයුතු වල ඉතුරුවෙලා තිබුන කොටස් ටිකත් ගත්තා. අද කැණීමේදී අපජලය පිරිපහදු කරලා බොන රුසියාවේ නිශ්පාදනය කරපු උපකරණයක් සොයා ගෙන තියනවා."

යුද්ධයෙන් වැඩිම හානියට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි හිදී මාස දෙකකට ඉහත මතුවූ සමූහ මිනීවලේ කැනීම් කටයුතු අධිකරණ නියෝග මත සැප්තැම්බර් 6 වැනිදා උදෑසන සිට යළි ආරම්භ කර තිබුනි.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

 

සබැඳි පුවත් :

කොක්කුතොඩුවායි සමූහ මිනී වලෙන් තවත් ඇටසැකිලි, පතුරම් මතුවේ

දෙමසක් ඇනහිට තිබු කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ වැඩ ඇරඹේ !

වන්නියේ සමූහ සුසානය ගැන මැදිහත් වෙන නීතිඥයන්ට බියවැද්දීම්

කොක්කුතුඩුවායි සමූහ සුසානයේ කැනීම්වලට බාලගිරි දෝෂය

කොක්කුතුඩුවායි සමූහ සුසානයේ කැනීම් පිළිබද තීන්දුව අද

යාපනයේ තවත් සමූහ මිනී වලක් ගැන මැතිසබේ හෙළිදරව්වක්

අලුත්ම සමූහ මිනීවල හාරන ආකාරය ගැන දෙමළ පිරිස් නොසතුටින්

අලුත්ම සමූහ මිනීවලේ කැනීම් සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

ඇටකටු හමුවූ මුලතිව් සමූහ සුසානයේ කැනීම් 6 දා ඇරඹීමට නියෝග

වන්නියෙන් ඇටසැකිලි මතුවුයේ සමූහ සුසානයකින්දැයි සැකයක්

තොග පිටින් වලලන්න දක්ෂ රටේ ගොඩගන්න අදක්ෂකම හෙළිවන වාර්තාවක්

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්