පසුගිය සති තුන තුළදී කොරෝනා වසංගතය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ලාංකික ශ්‍රමිකයන් 12 දෙනෙකු මියගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති

කාර්යාංශය පවසා තිබේ.

ජුනි 19 වන විට මැද පෙරදිග රටවල සේවය කරමින් සිටි ලාංකිකයන් විසිතුන් දෙනෙක් කොරෝනා වසංගතය හේතුවෙන් මිය ගොස් තිබුණි. 

එක්සත් අරාබි එමීර් රාජ්යය, සවුදි අරාබිය, කුවේට්, කටාර්, ඕමාන් සහ ලෙබනනය යන රටවලින් මෙම මරණ වාර්තා වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශක මංගල රන්දෙනියා පවසයි. මෙම මිය ගිය 35 දෙනා අතරින් දෙදෙනෙක් කාන්තාවන් වන අතර ඉතිරි සියලු දෙනා පිරිමින් වේ.

මෙම මියගිය ලාංකික ශ්‍රමිකයන් 35 දෙනාගේ අවසන් කටයුතු එම රටවලදීම සිදුකර තිබේ.

කොරෝනා වසංගතය ගල්ෆ් කලාපයේ රටවල යාමත් සමඟ ලාංකික ශ්‍රමිකයන් විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටියි. මෙම කොරෝනා මරණවලට අමතරව මානසික පීඩනය දරාගත නොහැකිව ඇතැම් ශ්‍රමිකයන් සියදිවි නසාගන්නා බව එම රටවලින් ලැබෙන වාර්තා පෙන්වා දෙයි. 

නමුත් ආණ්ඩුවට ඔවුන් ගෙන්වා ගැනීමට තබා එම ශ්‍රමිකයන්ගේ ගැටලු විසඳීමට අදාළව තානාපති කාර්යාල මට්ටමෙන් හෝ වැඩපිළිවෙලක් නොමැත. 


(lankaviews.com)


සබැඳි පුවත් :

මැදපෙරදිග සේවය කල ශ්‍රී ලාංකික කම්කරුවන් 23 ක් වසංගතයෙන් මියගිහින්!

සවුදියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියදිවි නසාගන්න තත්වයක! 

කුවේට්හි සිටින ශ්‍රී ලාංකියින් පිරිසක් අන්ත අසරණවෙලා! - 'කන්න බොන්නවත් නැහැ' (වීඩියෝ) 

"අතේ සතේ නෑ. උදේට කෑවොත් දවල්ට නෑ" - කුවේට්හි ශ්‍රී ලාංකිකයෝ (වීඩියෝ) 

කොරෝනාසාදිතයන්ට “කුවේට් බෝම්බ” කී මහින්දානන්දට සඟරුවනේ විරෝධය 

'රට විරුවන්' කුවේටයේ අන්ත අසරණ වෙලා! - සජිත්, කුවේට් තානාපති හමුවෙයි (වීඩියෝ)  

නැවත මෙරටට පැමිණීම ගැන සිතා බලන්න - විදේශ ලේකම් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට කියයි  

රට තුලට වැඩියෙන්ම රට සල්ලි ගෙනාවේ රටට එපාවූ 'රට විරුවන්' 

ආණ්ඩුව 'රටවිරුවන්' ගෙන්වීම පමා කරමින් වසංගතයට ගොදුරුවීමට ඉඩහරියි!  

ආණ්ඩුව විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අත්හරී! - ජනපතිගේ 'නව යාන්ත්‍රනය' තවමත් නැහැ!! 

මැද පෙරදිග ශ්‍රමිකයන් වෙනුවෙන් යුතුකම් ඉටු නොකරන ආණ්ඩුවට විරෝධය 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්