leader s

සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ වෙත ඊයේ (09) අරලියගහ මන්දිරයේදී භාර දී තිබේ.

ඉන් ඉල්ලා ඇත්තේ රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

Pasku latter 2020.10.10
රියාජ් ගැන ඇමති චමල් පාර්ලිමේන්තුවේදී කියපු කතාව !

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙවැනි පෙත්සමක් බාරදී ඇත්තේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොයුරා නිදහස් කළේ ඇයි ? දැයි ඇමති චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී පසුගිය දා පැහැදිලව ප්‍රකාශ කර තිබිය දිය.

රියාජ් බදුර්දීන් සහ පාස්කු බෝම්බකරුවෙක් වන ඉන්ශාෆ් අහමඩ් අතර දුරකථන ඇමතුම් ගැන සිදුකළ විමර්ශන වලදී ඔහු එම ත්‍රස්ත ක්‍රියාවකට හෝ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට හෙළිවී නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ එබව කියා සිටියේ, පාර්ලිමේන්තු චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ රැඳවුම් නියෝග යටතේ සිටිම සහ ඔහුගේ නිදහස් කිරීම සම්බන්ධයෙන් නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ විමර්ෂණය කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර සිටියේය.


යකාගෙ නීතියක්!


කෙසේවුවද, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සියදෙනෙකුගේ ඉල්ලීම සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසූරිය මෙසේ පවසයි.

''මේක මාර කෙලියක් නෙ ශුඩේව. මන්ත්‍රීල 100ක් අත්සන් කරාම නැවත පරීක්‍ෂණ පවත්තන්න පුලුවන් ද? නිදහස් කරපු මිනිහෙක්ව ආයෙ අත්අඩංගුවට ගන්න පුලුවන් ද? යකාගෙ නීතියක්!

Screen Shot 2020 10 10 at 9.17.43 AM
121217932 10158411358199818 1123752912004318635 n

 

Screen Shot 2020 10 10 at 9.41.17 AM
සබැඳි පුවත් :
රිෂාඩ් බදුර්දීන්ගේ සොයුරා ගැන අලුත් විමර්ශනයක් - ඇමති චමල් 
රිෂාඩ්ගේ සොයුරා නිදහස් කළ ආකාරය ගැන කාදිනල් හිමිට සැකයක් ! (VIDEO)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්