leader s

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ රැඳවුම් නියෝග යටතේ සිටිම සහ ඔහුගේ නිදහස් කිරීම සම්බන්ධයෙන් නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

යටතේ විමර්ෂණය කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියි.

අමාත්‍ය චමල් රාජපක්ෂ එබව කියා සිටියේ, පාර්ලිමේන්තු අද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

රියාජ් බදුර්දීන් ගේ අත්අඩංගුවට ගැනීම සහ ඊට සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුකළ ප්‍රකාශයන් ගැනද විමර්ශනය කරන බව ඇමතිවරයා කියා සිටියේය.

රියාජ් බදුර්දීන් සහ පාස්කු බෝම්බකරුවෙක් වන ඉන්ශාෆ් අහමඩ් අතර දුරකථන ඇමතුම් ගැන සිදුකළ විමර්ශන වලදී ඔහු එම ත්‍රස්ත ක්‍රියාවකට හෝ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට හෙළිවී නැහැ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් සිදුකරන විමර්ශන හා පරීක්ෂණ සම්බන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පසුගිය දින කිහිපයේ දීම සැක මතු කර තිබිණ.

එම  ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රඳවා ගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රියාද් බදියුදීන් හිටි හැටියේ නිදහස් කර ඇති ආකාරය බලවත් සේ සැකකටයුතු බව උන්වහන්සේ පැවසුවේ පසුගිය 03දා පැවති මාධ්‍ය හමුවක දී පැවසුහ. 

එසේම, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය 01 දා වවුනියාවේ පැවති  උත්සවයකට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහභාගී කරවා ගනිමින් ඔහුට ඉහලම පිළිගැනීමක් ලබාදීම ආණ්ඩුවේ 'ජාතිකවාදී' බලවේගවල  බලවත් විරෝධයට හේතුවී තිබිණ.


සබැඳි පුවත් :

ජනපති, CID ලොක්කා මාරු කර වරද නිවැරදි කරයි! : 'මේක බයිකොප් එකක් වගේ' -සජිත්

රිෂාඩ්ගේ සොයුරා නිදහස් කළ ආකාරය ගැන කාදිනල් හිමිට සැකයක් ! (VIDEO)

ජාතික සංවිධාන ජනපතිව බිත්තියටම හේත්තු කරයි: රිෂාඩ්ලා සමග 'ඩීල්' නැතැයි කියයි!

රිෂාඩ් ආණ්ඩුවට ගන්නේ නැහැ - ඇමති චමල් ගෙන් ෆේස් බුක් පණිවිඩයක්

රිෂාඩ් ආණ්ඩුවට ගත්තොත් අත්වන ඉරණම ජාතික සංවිධාන පෙන්වාදෙයි

බැසිල්ගේ තවත් උත්සහයකට 'බාල්දියක්' ! - ''අපි හදපු ආණ්ඩුවට රිෂාඩ්ව ගන්න ඉඩදෙන්නේ නැහැ ''– විමල් කියයි 

රිෂාඩ්, ආණ්ඩුවට සෙට් වෙයි ද? - විස්ස ගැන සලකාබලන බව කියයි (Photos)

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්