රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගනුදෙනුවක් සිය රජය ඇති කරගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

සිය ෆේස්බුක් පිටුව ඔස්සේ අවධාරණය කර තිබේ.

මෙතෙක් කල් ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන බවට ඔහු  ඉන් සහතික වෙයි.

බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවරැදි කිරීමට ද තමා කටයුතු කරන බව එහි වැඩිදුරටත් දැක්වේ.

 

ජාතික සංවිධානවල බලපෑම :

ජනාධිපතිගේ හා අගමැතිගේ වැඩිමල් සොයුරු අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය 01දා  වවුනියාවේ පැවති රාජ්‍ය උත්සවයකට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහභාගී කරවා ගනිමින් ඔහුට ඉහලම පිළිගැනීමක් ලබාදීමත්, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස 5කට වැඩි කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා ගෙන සිටි රිෂාද් බදියුදීන්ගේ සොයුරා හිටී හැටියේ නිදහස් කර තිබීමත් සමග රිෂාද් බදියුදීන් ආණ්ඩුවට එක්වන බවට සමාජයේ පැතිරෙන කථාබහ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා එම FB සටහන පළකර ඇතිබව පෙනේ.

සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් හෝ ඔහුගේ ගෝලයින් ආණ්ඩුව ඇතුළට ගත්තොත් ආණ්ඩුවේ ජනවරම අහෝසි වෙනවා පමණක් නොව, ආණ්ඩුවේ අවසානය ද ආරම්භ වන බව අවධාරණය කරමින් ආණ්ඩුවට පක්ෂපාති 'ජාතික සංවිධාන' පසුගිය දින දෙකෙහි පුළුල් මාධ්‍ය මෙහෙයුමක් දියත්කර තිබිණ,

''ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම අප විසින් බාර නොගන්නා බව ඉතා ගෞරවයෙන් සඳහන් කරමි. '' යයි විමල් විරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ අද අගමැතිවරයාට දැනුම් දී තිබිණ.

එවැනි පසුබිමක් යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත්කර ඇති  සම්පූර්ණ FB සටහනේ මෙසේ සඳහන් වේ.

GOtabaya HEජාතික ආරක්ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත.

මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තාවදයකට ඉඩ නොතබන අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බව සහතික වන්නෙමි.

2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට හේතු වූයේ ආරක්ෂක කේෂ්ත්‍රයේ සිදු වූ බරපතල කඩාවැටීමත්, ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩිදෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුල ගොඩනැගී තිබීමත්ය.

එබැවින් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත.

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් සිටී.

එම විභාග සහ පරීක්ෂණ වලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.

පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත්කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණ වලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටුකෙරෙනු ඇත.

''පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත්කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණවලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටුකෙරෙනු ඇත.''

අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද මම කටයුතු කරමි.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් (ඩීල් එකක්) අප රජය ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි.

මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බැව් ජනතාවට සහතික කරමි.

සබැඳි පුවත් :

වෙන්ඩ ජනාධිපතිගේ 'ඩීල්' දේශපාලනය කරළියට ඇවිත් - මහාචාර්ය නලින් ද සිල්වා  

ඇත්තටම රට මෙහෙයවන්නේ ගෝඨාභය ද ? බැසිල් ද ? 

බැසිල්ට එරෙහි විමල්ගේ 'ගේම' ප්‍රසිද්ධියේ කරලියට : තීරණාත්මක ලිපියක් !- අගමැති විස්ස හකුලා ගැනීමේ සුදානමක !!  

රිෂාඩ් ආණ්ඩුවට ගත්තොත් අත්වන ඉරණම ජාතික සංවිධාන පෙන්වාදෙයි 

බැසිල්ගේ තවත් උත්සහයකට 'බාල්දියක්' ! - ''අපි හදපු ආණ්ඩුවට රිෂාඩ්ව ගන්න ඉඩදෙන්නේ නැහැ ''– විමල් කියයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්