2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව එම වසරේ ම මැයි 01 දා, 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කළේය.

එම සංශෝධන ප්‍රකාරව යළි බලයට පත්වන ජනාධිපතිවරයෙකුට සීමා සහිත බලයක් හිමි වුණ ද රටේ ප්‍රධාන පක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂක ධුරය වෙනුවෙන් යුහුසුළු වන බවක් පෙනෙන්නට තිබේ.

එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ 'පොහොට්ටු' පක්ෂයට ගෝඨාභය රාජපක්ෂ හැර වෙනත් විකල්පයක් ඉදිරිපත් කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති නමුත්, එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර තිදෙනෙකුම ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සටනට එක්ව තිබේ. ඒ, රනිල් වික්‍රමසිංහ, කරු ජයසුරිය හා සජිත් ප්‍රේමදාස යි.

මේ සියල්ල අතරේ ප්‍රබල ව්‍යාපාරිකයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන් ම රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරීන් කිහිප දෙනෙක් ද මෙවර ජනාධිපතිවරණ සටනට තනිව මෙන් ම පොදු අපේක්ෂකයින් ලෙස ද ඉදිරිපත් වීමේ අරමුණකින් පසුවන ලකුණු පෙනෙන්නට තිබේ.

කුමන සන්ධාන හෝ පොදු අපේක්ෂකයින් පැමිණිය ද ඉතිහාසයේ අත්දැකීම් අනුව මහ ජනතාව කලකිරීමට පත්ව සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ අංශාධිපතිනී ආචාර්ය විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පවසා සිටියාය.

ඒ අනුව ඇය පෙන්වා දෙන්නේ පවතින දේශපාලන පක්ෂවලින් අනාගතයේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් කෙරෙහි විශ්වාසයක් ජනතාව තුළ නැති බවය.

vishaka 1

ජනතාව කළ යුත්තේ ඊනියා ජනාධිපති අපේක්ෂකයෙකු පසුපස දිවීම පසෙක ලා ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීම හරහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් බිහි කර ගැනීම බව ඇයගේ අදහස වී තිබේ.

"විධායක බලතල අඩු කළා කියන දේ විනා තිබුණේ මොන බලතල ද කියලවත් ජනතාව දන්නේ නෑ. නව ජනාධිපතිවරයාට නොවෙයි මීළඟට වැඩි බලතල හිමි වන්නේ. අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට. මේ සත්‍ය ස්වරූපය ජනතාව හමුවේ වසන් කිරීම ප්‍රධාන පක්ෂ කරන විශාල වරදක්. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල වගකීම ඇත්ත තත්ත්වය ජනතාවට අවබෝධ කර දීම," ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පවසන්නීය.

 

දෙකක් නැහැ; පොහොට්ටුවෙන් ගෝඨා !

ඒ අතර පොහොට්ටු පක්ෂයේ න්‍යයාචාර්යවරයකු වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත සිය FB පිටුවේ සටහනක් තබමින් පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව අවධාරණය කරයි. එසේම, එජාපයෙන් ඉදිරිපත්විය හැකි අපේක්ෂකයා කවරෙක්ද යන කාරණය සම්බන්ධයෙන් ඔහු විග්‍රහයක් කර තිබේ. ඔහුගේ FB සටහනේ මෙසේ සඳහන් වේ.

''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගෝස්තු 11 දා සුගතදාස ක්‍රීඩාංගනයේ දී තම ප්‍රථම පක්ෂ මහ සම්මේලනය පවත්වනු ලැබේ. එහිදී නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන තම අපේක්ෂකයා කවුරුත් ද යන්න ප්‍රකාශ කිරීමේ බලය මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබේ. ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් නොනිල මට්ටමින් ප්‍රකාශිතය.

ඒ අනුව තමන්ට මැතිවරණයට ඉදිරිපත් වීම 19 වැනි සංශෝධනයෙන් වළක්වා ඇති නිසා තමන් වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ කවුදැයි මහින්ද රාජපක්ෂ රට හමුවේ තබනු ඇත. එවිට පොදුජන පෙරමුණට, ඒකාබද්ධ විපක්ෂයට, රාජපක්ෂ පවුලට අපේෂකයෙක් තෝරා ගැනීමට නොහැකියැයි කටමැත දෙඩ වූ කිරිඇල්ලා ට උත්තරයක් ලැබෙනු ඇත.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා මෛත්‍රීයැයි පාරම්බාන දයාසිරිලාට උත්තරයක් ලැබෙනු ඇත. අපේ අපේෂකයා වෙන කවරෙක්දැයි ඉච්ඡාවට පත්ව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්දදායකයින් ට මහත් සැනසිල්ලක් වනු ඇත.

 

රනිල් තමාගේ වල තමාම කපා නොගනු ඇත:

රනිල් වික්‍රමසිංහට හැමදාම තිබුණු ප්‍රශ්නය රාජපක්ෂ ලා ඉදිරිපත් වන තාක් තමන්ට ජනාධිපතිවරණය ජය ගැනීමට බැරිය යන්නයි. ඒ නිසා මෙවර 18 සංශෝධනය මගින් ජනප්‍රිය රාජපක්ෂලාට මැතිවරණයට ඉදිරිපත් වීම නීතියෙන් වළක්වන ලදි.ඒ අනුව 2020 ජනාධිපතිවරයා තමායැයි සිහිනෙන් රජවිය. නමුත් දැන් තත්ත්වය වෙනස් වී තිබේ.

එ.ජා.ප. යේ උඩ ඉඳන් පහළට සජිත් ඉල්ලීමට පටන්ගෙන තිබේ. එහෙත් ජේ.ආර්. කළ වරද කරන්නට රනිල් සූදානම් නැත.ඔහු කල්පනා කරන ආකාරයට එ.ජා.ප. ය ප්‍රභූ පක්ෂයකි. එහි නායකත්වය පහළම කුලයක නිර්ධන පංති සම්භවයක් සහිත ටයි කෝට් නොපළදින ඉංග්‍රීසි කතා නොකරන බටහිර ජීවන ලීලාවක් නැති අයෙකුට පවරාදිය නොහැක.

ඒ සේරටමත් වඩා ආර්. ප්‍රේමදාසව ජනාධිපති තනතුරු දක්නා ගෙන ආ ජේ. ආර්ට. ජනාධිපති වූ ප්‍රේමදාස සැලකූ ආකාරය රනිල්ට හොඳටම මතක ඇත. ප්‍රේමදාස ජේ. ආර්.ට මැරෙන්නට හැරියේ නිකම්ම නිකම් කම්කරුවෙකු පරිද්දෙනි .ඒ නිසා රනිල් තමාගේ වල තමාම කපා නොගනු ඇත.

එසේ නම් තම උවමනාව සහ පක්ෂය තුලින් මතුව ඇති උවමනා රනිල් කලමණාකරණය කර ගන්නේ කෙසේද? දැනට ඔහු ඒ සඳහා යොදාගෙන ඇති උපාය නම් කරූ ජයසූරිය බව ප්‍රචාරය කරවීමය. එවිට සජිත් ඉල්ලන අයට පසු බසින්නට සිදුවන ඇත. ඒ කරූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙක් සිංහල බෞද්ධයෙක් සහ මේ දිනවල පාර්ලිමේන්තුවේ වීරයා වී සිටින නිසාය .

candidate

ඒ අතරතුරම රනිල් තව කීප දෙනෙකුටම අපේක්ෂකත්වය ලබාදීමට පොරොන්දු වී ඇති බවද ප්‍රචාරය වෙයි. ඒ ධම්මික පෙරේරා චම්පික රණවක සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්නය.

ඒ අනුව රනිල් විසින් ම අපේක්ෂකත්ව ප්‍රශ්නය උභතෝකෝටිකයක් බවට පත්කර තිබේ. එය කලමණාකරණය කිරීම සඳහා ඔහු භාවිත කරන උපාය මාර්ගය ඉදිරිපත් විය යුත්තේ රනිල් ම බවට අලුත් ඉල්ලීම් වටයක් ක්‍රියාත්මක කිරීමය.

කිරිඇල්ල වැනි අය දැන් ඒ ප්‍රචාරක ව්‍යාපාරය භාරගෙන ඇත. සැබවින්ම ඒ සඳහා හොඳ පදනමක් සහ අයිතියක් රනිල්ට තිබේ. ඒ ඔහු පක්ෂ නායකයා සහ වර්තමාන අගමැතිවරයා ද වන බැවිනි.

එම නිසා අද එ.ජා.ප යේ කවුරු මොනවා කීවත් එය අභියෝගයට ලක් කිරීම අපොහොසත් වනු ඇත.ඒ නිසා අගෝස්තු 11 සිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වන තෙක් හෝ ඊට ආසන්න කාලය තෙක් එ.ජා.ප. ප්‍රචාරණ අංශ ඒ කැම්පේන් එක කරනු ඇත.

එහෙත් රනිල් නම් එන්නේ අපේ සහය නැතැයි 2015 දී මෙන්ම මෙවරද ජනාධිපතිවරණය ආසන්න වෙත්ම මුස්ලිම් පක්ෂ හා තමිල පක්ෂ ප්‍රකාශ කරනු ඇත.ඒ මහින්ද ගේ අපේක්ෂකයා සමඟ හැරෙන්නටවත් රනිල්ට නොහැකි වන නිසාය. අනෙක් අතින් බැසිල් රාජපක්ෂ ගේ දැවැන්ත සංවිධාන ශක්තිය සහ කැම්පේන්කරණය නිසාය.

 

පක්ෂ නායකත්වය ඔට්ටු තබන්නට රනිල් සුදානම් නැහැ :

රනිල්ටත් උවමනා මෙට්රික් එක එතැනට ගෙනෙන්නටය.ඒ මහින්දගේ අපේක්ෂකයාට පරාජය වී පක්ෂ නායකත්වය ඔට්ටු තබන්නට ඔහු කිසිසේත් සූදානම් නොමැති බැවිනි. ඒ තමාට අපේෂකත්වය ලබා ගැනීම සඳහා පසුපෙළ එකඟකර ගැනීමට මෙම පොරොන්දුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී දීමට රනිල් ට කලින්ම සිදුවන බැවිනි .

අනෙක් අතින් පක්ෂයේ නායකයෙකුට අපේක්ෂකවය දී ඔහු යම් විදිහකින් ජයග්‍රහණය කළ හොත් ඒත ඔහුට පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වය අහිමි වනු ඇත. මේ නිසා රනිල්ට මෙවරත් ඇති එකම තුරුම්පුව 2010 සහ 2015 දී කළ පරිදි පක්ෂයෙන් පිට අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමය. ඒ යටතේ රාජිත ඉබේම නුසුදුස්සෙක් වනු ඇත. එවිට රනිල්ට ඉතිරිවන තුන නම් සරත් ෆොන්සේකා චම්පික රණවක හා ධම්මික පෙරේරාය.

 

ෆොන්සේකාට ඇති සුදුසුකම !

SF Gota

සරත් ෆොන්සේකා ට ඇති වාසිය නම් මහින්දගේ අපේක්ෂකයාට මෙන්ම ඔහුටත් ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටන සඳහා ඇති සම අයිතියයි. නමුත් ඔහු 2010 ලබාගත් දැවැන්ත පරාජය, 2015 මහමැතිවරණයේදී ලබාගත් අති දැවැන්ත පරාජය, ඔහුගේ දේශපාලන හැසිරීම නිසා පිරිහී ඇති ජනප්‍රියතාව ඊටත් වඩා ඔහු කෙරෙහි විශ්වාසය තැබීමට ඇති නොහැකියාව නිසා ඔහුට ඇත්තේ අඩු අවස්ථාවකි.

චම්පික රණවකට ඊට වඩා ලොකු අවස්ථාවක් තිබේ. ඔහුට ඇති සිංහල ජාතිකත්ව උරුමය උගත්කම සිවිල් සංවිධානගත සාමාජිකයින් සහ ඉහළ මැද පංතිය ට ඇති ආකර්ෂණය සහ බණ්ඩාරනායක පෙනුම ආදිය ඊට හේතුවයි

නමුත් මෙවර රනිල්ගේ ඉහළ ම තෝරා ගැනීම ධම්මික පෙරේරා විය හැකිය . ඊට හේතුව මහින්ද ගේ අපේක්ෂකයා මෙන්ම ඔහු ද දේශපාලන පොරපිටියට අළුත් මුහුණක් වීමයි. දෙවනුව ගෝඨාභය මෙන් අළුත් විදිහට හිතන අදේශපාලනික හා සැලසුම් සහිතව අයෙකු බවට ගොඩනඟා ගෙන ඇති ප්‍රතිරූපයයි. ඒ සමඟම රනිල් ට මැතිවරණය සඳහා එකතු වන මුදල් සම්භාරය තියා ගන්නට හැර තම මැතිවරණයට තනියම වුවත් වියදම් කිරීමට තරම් ඔහු පොහොසත් වීමයි.

ඒ කෙසේ වුවත් රනිල්ගේ තුනෙන් කවුරු ආවත් පක්ෂයේ සැලකිය යුතු කොටසක් මැතිවරණය මඟ හරිනු ඇත.''

(https://www.facebook.com/100008121217727/posts/2394334877513863?s=100004537952219&sfns=mo)

 

සබැඳි පුවත් :

රනිල් ධම්මිකට දීපු ලනුව ඇමතිවරු තුනකටත් දීලා !

මංගල, ධම්මික 'හයර්' කිරීමේ රනිල්ගේ ව්‍යාපෘතිය 'බ්ලාස්ට්' කරයි !

'රනිල්ගේ ආශීර්වාදයෙන් සජිත් ජනපති කරනවා' - මංගල (VIDEO)

රනිල්ගේ අලුත්ම 'ගේම' - 'ධම්මික පෙන්නා එජාපය බියගැන්වීම'

UNP අපේක්ෂකයා : "ධම්මික නොවේ" - ඇමති අජිත් රහසක් කියයි

UNP ජනාධිපති අපේක්ෂක: මංගල ඇයි කලබල? - ධම්මික පෙරේරා විමසයි

එජාප අපේක්ෂකයා ධම්මික ද ? : ඇත්ත-නැත්ත මංගල කියයි (වීඩියෝ)

'මම ජනාධිපතිවරණයට එනවා'' - ධම්මික පක්ෂ නායකයින්ට දැනුම් දේ !

එජාප පසුපෙලින් වෙඩි මුරයක්! - ජනපති අපේක්ෂකයා රනිල් ද? සජිත් ද?

''පොදු අපේක්ෂක කතා බොරු. යූ.එන්.පී. අපේක්ෂකයා පක්ෂයෙන්මයි''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image