ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන සිරගත කොට සිටින මුස්ලිම් නීතිඥවරයකුට ඇප දීමට විරුද්ධතාවක් නොමැති බව නීතිපතිවරයා තීරණය කර

තිබේ.

රිමාන්ඩ් භාරයට පත් කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව ලබන 28 වැනිදා පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව ඔහු සම්බන්ධයෙන් කෙරෙන ඇප ඉල්ලීමකට විරුද්ධ නොවීමට තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ජනවාරි 20 වැනි බ්‍රහස්පතින්දා  අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

 

නීතිපති දෙපාර්තමේන්තුව එම දැනුම් දීම කර ඇත්තේ මහත් ගර්හාවට පාත්‍රවී ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කරන්නට යන බව ජනාධිපති වරයා පාර්ලිමේන්තුවට දැනුම් දී දෙදිනක් ගතවූ දවසේය.

 

තමන් ඇප මත මුදා හරින ලෙස ඉන්නා නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රතිශෝධන පෙත්සමක් බ්‍රහස්පතින්දා අභියාචන අධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා එම දැනුම් දීම සිදුකර තිබේ.

 නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා ඇත්තේ නීතිඥ හිස්බුල්ලාට එරෙහි නඩු විභාගය ලබන 28 වැනිදා පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන බවය.

 එම නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එයට විරුද්ධ නොවීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා තිබේ.

 ඒ අනුව මෙම ප්‍රතිශෝධන පෙත්සම පෙබරවාරි මස 09 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළ අභියාචනාධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා  කරන ලෙසත් දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දී ඇත.

 පෙත්සම්කාර නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් පරිදි පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ශානක කුරේ සහ නිරාන් අන්කටෙල්ය.


චෝදනා ඔප්පු කෙරෙන සාක්ෂි මේතාක් ඉදිරිපත් කර නැත:


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවකු සමඟ සබඳතා පැවැත්වු බවට චෝදනා කරමින් නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර මද්‍රසා පාසලක දේශනයක් පැවැත්වූ බවටත් මේ වන විට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ඒ චෝදනා ඔප්පු කෙරෙන සාක්ෂි මේතාක් අධිකරණය හමුවට ඉදිරිපත් වී නැත.

මාස 20කට ආසන්න කලක් වද දෙමින් සිරකොට ගෙන සිට ගිය සතියේ උසාවියෙන් ඇප පිට මුදා හරින ලද මුස්ලිම් කිවියර අහ්නාෆ් ජසීම් විසින් හෙළි කර ඇති පරිදි ඔහු හා නීතිඥ හෙජාස් අතර සම්බන්ධයක් ඇතැයි ප්‍රකාශ කරවා ගැනීමට ත්‍රස්ත මර්දන පොලිසිය අසාර්ථක උත්සාහයක යෙදී ඇත.



සබැඳි පුවත් :


රඳවාගෙන සිටින හිජාස් හිස්බුල්ලා සමග කතා කරන්න නීතීඥවරුන්ට අවසර

කවුද මේ නීතිඥ හිජාස්?

යාළුවන්ට අමතක වූ හිජාස් හිස්බුල්ලා - රජිත් කීර්ති තෙන්නකෝන්

පිල්ලෙයාන්ට සහ නීතීඥ හිස්බුල්ලාට “එක රටක් - එක නීතියක්” වැඩකරන හැටි ගැන ප්‍රශ්න

කොරෝනා වසංගතය: ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා

කවුද මේ නීතිඥ හිජාස්?- ඔහු සමග අත්අඩංගුවට ගත් පරිගණකයේ දත්ත වෙනස් කිරීමේ සුදානමක්!

හෙජාස් හිස්බුල්ලා: සුළු ජාතීන් වෙනුවෙන් පෙනී සිටීම නිසා රාජකීය දඬුවමක්

 වෘත්තීය සගයෙකුට එරෙහි සිංහල බලපෑම නිසා නීතිඥ සංගමය බෙදෙන ලකුණු

නීතිඥ හිජාස්ගේ හේබියස් කෝපුස් පෙත්සම : විනිසුරුවරුන් බය කරන්න මඩ මාධ්‍ය මෙහෙයුමක් !

නීතිඥ හෙජාස්ට විරුද්ධව සාක්ෂි දීමට වද දුන් තුන් දෙනකුගේ නම් උසාවියේ



එලවීමෙන් තොර විසඳුමක් නැත! | මොණරවිලගේ ලියමන |



ජනපතිගේ අලුත් turn එක බැසිල්ගෙන් පටන් ගනී ! Gossip



கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!




සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



225ටම ඇමතිකම්! | වියත්කතා

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්