ඉතාලිය පුරා වෘත්තීය සමිති රැසක් හෙට (3) එරට වැඩ වර්ජනයක් කැඳවා තිබේ. පලස්තීන සහායට මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරන සිවිල් යාත්‍රාවලට ඊශ්‍රායල හමුදා බාධා කිරීමට එරෙහිව එම විරෝධතා සංවිධානය කර තිබේ.
ඊශ්‍රායල හමුදා එම යාත්‍රා නතර කළ බවට ඊයේ (01) තොරතුරු වාර්තා වීමත් සමග නගර කිහිපයක විරෝධතා මතු විය.
ඉතාලියේ නේපල්ස් (Naples) නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට ඇතුළු වූ විරෝධතාකරුවෝ දුම්රිය නතර කිරීමට කටයුතු කළහ. විරෝධතාකරුවන් පිරිසක් රෝමයේ ටර්මිනල් (Termini) දුම්රිය ස්ථානයට ඇතුළු වීමට දැරූ උත්සාහය පොලීසිය මැදිහත්වී ව්‍යර්ථ කෙරිණි.

පලස්තීනයට සහාය පිණිස මීට පෙර, සැප්තැම්බර 22 එරට මිලාන් (Milan) හි කැඳවා තිබූ වැඩ වර්ජනයක් භීෂණකාරී තත්ත්වයක් තෙක් ඇදී ගිය බව ද වාර්තා වේ.
ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය පිණිස ඉතාලි ජාතිකයින් රැගත් යාත්‍රා ඇණි රැසක් මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක්, පලස්තීනයට සිය ප්‍රසාදය පළ කරමින් එහි ගමන් කරති.

ඊට අමතරව ගාසා වාසීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෛද්‍යාධාර ද එහි රැගෙන යමින් පවතී.
ඊශ්‍රායල හමුදා එම යාත්‍රා බලහත්කාරයෙන් නතර කිරීමට පියවර ගත්හ. එහි සිටි ජාත්‍යන්තර මගීන් ආරක්ෂිතව ඊශ්‍රායල වරායක් වෙත යොමු කිරීමට කටයුතු කළ බව ඊශ්‍රායල හමුදා පැවසූහ. එම යාත්‍රාවල ගමන් ගන්නා ජාත්‍යන්තර සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් භීෂණය ක්‍රියාත්මක නොකරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා මීට පෙර සහතික වූ බව ඉතාලි විදේශ අමාත්‍ය ඇන්තෝනියෝ ටජානි (Antonio Tajani ) පැවසීය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/2/2025
මුලාශ්‍රය :
Strike called in Italy, protests flare over interception of Gaza aid ships







