ගාසා තීරයට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ ජාත්‍යන්තර සමාජ ක්‍රියාකාරීන් ප්‍රවාහනය කරමින් තිබූ සිවිල් යාත්‍රා 40ක් පමණ ඊයේ (02) ඊශ්‍රායල හමුදා භාරයට ගැනිණි.
ජාත්‍යන්තර සමාජ ක්‍රියාකාරීන් 450ක පමණ පිරිසක් ද සිය රැඳවුම් භාරයේ තබා ගැනීමට එම හමුදා පියවර ගත්හ.
ඊශ්‍රායලයට එරෙහි ජාත්‍යන්තර විරෝධය තවදුරටත් උත්සන්න වෙමින් පවතී.
ඊශ්‍රායල හමුදා භාරයට පත් යාත්‍රාවන්හි සිටි සිවිල් ක්‍රියාකාරීන් විසින් එම සිදුවීම් එහි සිට සජීව ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමට කටයුතු කළහ.
සන්නද්ධ නාවුක ඇඳුමින් සැරසුණු, අවි ගත් ඊශ්‍රායල භටයින් එම යාත්‍රා වෙත ඇතුළු වන ආකාරය සහ ආරක්ෂක කබා පැළඳ සිටි මගීන් දෑත් ඔසවා යටත් වන ආකරය එම දර්ශන ඔස්සේ විකාශය විය. ජාත්‍යන්තර කීර්තියට පත් සිවිල් ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් (Greta Thunberg) ද එහි වූ බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.
මේ අතර, පලස්තීනයට පක්ෂපාතීත්ත්වය දක්වා යුරෝපය පුරා රටවල් රැසක සහ කරච්චි (Karachi), බුවනොස් අයර්ස් (Buenos Aires ) හා මෙක්සිකෝ (Mexico) නගරවල මහජන උද්ඝෝෂණ හට ගෙන තිබේ. ස්වේච්ඡා සමාජ ක්‍රියාකාරීන් රැගත් යාත්‍රා රැසක් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වීමට විරෝධය පා උද්ඝෝෂකයෝ වැඩවර්ජන ඇතුළු විරෝධතා ව්‍යාපාර රැසකට එක්ව සිටියහ. ඊශ්‍රායල ක්‍රියාවට විරෝධය පා අද (03) ඉතාලිය පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මකය.
ඊශ්‍රායල හමුදා භාරයට පත් සිවිල් ක්‍රියාකාරීන් 450 දෙනකු අතුරින් පිරිසක් විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට යොමු කිරීමට එම හමුදා ක්‍රියා කළ බව එක්ස් (X) පණිවුඩයක් තබමින් එම සිවිල් යාත්‍රා සමූහයට අයත් ග්ලෝබල් සුමුද් (Global Sumud Flotilla) නැව් මුළුවේ සංවිධායකයෝ පැවසූහ.
ඊශ්‍රායල රැඳවුම් භාරයට පත් එම යාත්‍රා සමූහයේ සිටි මගීන්, ලබන සඳුදා (06) හෝ අඟහරුවාදා (07) වන විට විශේෂ ගුවන්යානා මගින් යුරෝපීය ගමනාන්ත වෙත පිටුවහල් කිරීමට ඊශ්‍රායල රජය පියවර ගනු ඇතැයි, ඉතාලි විදේශ අමාත්‍ය අන්තෝනියෝ ටජානි (Antonio Tajani ) පැවසීය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/29/2025
මුලාශ්‍රය :
Israeli military stops nearly all boats in aid flotilla, sparking global protests







