ඉන්දුනීසියාවේ කඩා වැටුණු පාසල් ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් සුන්බුන් අතර සිරවී සිටින පාසල් සිසුන් සොයා අදත් (03) මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය. ගිලන්රථ 10ක් පමණ ඒ සඳහා යොදවා තිබේ.
ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි අල් ඛොසිනි (Al Khoziny) පිරිමි නේවාසික පාසලේ කොන්ක්‍රීට් කුළුණු කිහිපයක් ඇද වැටීමෙන්, එම පාසල් ගොඩනැගිල කඩා වැටුණේ ඉකුත් 30 වන දා ය.
එම අනතුරින් පාසල් ළමුන් 100කට ආසන්න සංඛ්‍යාවක් කොන්ක්‍රීට් සුන්බුන් වලට යටවිය. ඔවුන් සන්ධ්‍යා යාඥාවල නිරතව සිටින අවස්ථාවේ අනතුර සිදු විය.
අනතුරට පත් ළමුන් වයස අවුරුදු 13ත්, 19ත් අතර පසුවන බව ඉන්දුනීසියානු බලධාරීහු පැවසූහ.
ඊයේ (02) වන විට සුන්බුන් අතර සිරවූ මළ සිරුරු 05ක් සොයා ගැනිණි. මුදා ගත් 30කට අසන්න පිරිසක් වැඩිදුර රෝහල් ප්‍රතිකාර පිණිස යොමු කර තිබේ.
ඊයේ වන විටත් සුන්බුන් අතර සිරවී ඉතිරි කිසිවකු ජීවග්‍රහයෙන් සිටින බවට කිසිදු තොරතුරක් නැතැයි, ඉන්දුනීසියානු විපත් කළමනාකරණ නිලධාරීහු ප්‍රකාශ කළහ.
ඉන්දුනීසියාව ලොව විශාලතම මුස්ලිම් බහුතරයක් වෙසෙන රට ලෙස සැලකේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/03/2025
මුලාශ්‍රය :
Ambulances line up near collapsed Indonesian school building as search for trapped students continues
සබැඳි පුවත් :
ඉන්දුනීසියාවේ පාසලක් කඩා වැටී 91ක් අතුරුදන්







