එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී තිබේ.
වසර 1, 400කට පසු එම තනතුරට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව වූයේ 63 හැවිරිදි සේරා මුලාලේ (Sarah Mullally) බිෂොප්වරිය වේ.
බ්‍රිතාන්‍ය රාජාභිෂේකයක් සිදුවන අවස්ථාවල කිරුළ පැළඳවීම වැනි භාරදූර්ය කාර්යන් සිදු කරන කැන්ටබරි අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම, ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකෙයි.
එමෙන්ම ගෝලීය ඇන්ග්ලිකන් කතෝලිකයින්ගේ ආධ්‍යාත්මික නායකයා වන්නේ ද කැන්ටබරියේ අගරදගුරුවරයාය.
| adaderana
මුලාශ්‍ර :
Sarah Mullally named as new Archbishop of Canterbury
Woman named as new Archbishop of Canterbury in historic first







