ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්මේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇතුළු සමහර කොන්දේසිවලට එකඟ වන බව හමාස් සංවිධානය ප්‍රකාශ කරයි.
නමුත් නිරායුධකරණය වැනි කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට උත්සාහ කරන බව හමාස් සංවිධානය සිකුරාදා පැවසීය.
ට්‍රම්ප් අවසාන නිවේදනය නිකුත් කරයි
ගාසා තීරය සඳහා ඇමරිකානු සාම සැලැස්ම පිළිගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන දිනයක් ලබා දී තිබේ.
සිය Truth සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් එළඹෙන ඉරිදා ග්‍රිනිජ් මධ්‍ය වේලාවෙන් 22.00 පැයට, එනම් වොෂින්ටන් වේලාවෙන් 18.00 පැය වන විට එකඟතාවයකට පැමිණිය යුතු බව ඔහු අවධාරණය කර සිටී.
මෙම සැලැස්ම මගින් වහාම සටන් නවත්වා හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72ක් ඇතුළත නිදහස් කිරීම යෝජනා කර තිබේ. ඒ අනුව ගාසා වැසියන් සිය ගණනක් හුවමාරු කර ගැනීමටද නියමිතය.
කෙසේ නමුත් මෙම අවසාන අවස්ථාවෙහි ගිවිසුමට එළැඹීමට නොහැකි වුවහොත් හමාස් සංවිධානයට එරෙහිව ගත හැකි දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන බවත් ට්‍රම්ප් විසින් සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මුලාශය :
Hamas agrees to parts of Trump's Gaza plan, seeks more talks
Hamas announces it agrees to ‘immediately’ enter negotiations for release of all hostages under Trump’s Gaza proposal







