leader s

ඊශ්‍රායලය සමග, ගාසා සටන් විරාමය පිලිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට, පිටුවහල් කරන ලද  ගාසා හමාස් නායක ඛලිල් අල්-හයියා ( Khalil Al-Hayya) ගේ නායකත්වයෙන් යුත් හමාස් නිලධාරීහු පිරිසක් ඊයේ (05)  ඊජිප්තුව වෙත පැමිණියහ.

ඔවුහු එක්සත් ජනපද සහ කටාර් නියෝජිතයන් හමුවීමට නියමිතය.  

ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම එහි ප්‍රථම අදියර වේ. පසුගිය මස කටාර් රාජ්‍යයේ, දෝහා අගනුවරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා  
ගැනීමට සමත් වූ හයියා, ඉන් අනතුරුව ඊජිප්තුව වෙත පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ.

 

4593299 908861959ඛලිල් අල්-හයියා

එම සාකච්ඡා පිණිස ඊශ්‍රායලයේ උපායමාර්ගික කටයුතු පිලිබඳ අමාත්‍ය, රොන් ඩර්මර්  (Ron Dermer) ගේ නායකත්වයෙන් යුත් විශේෂ දූත පිරිසක් අද (06) ඊජිප්තුව බලා පිටත් වේ. රතු මුහුදේ  ෂාර්ම් එල්-ෂෙයික් ( Sharm el-Sheikh ) නිකේතනයේදී ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම පිළිබද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

සටන් විරාමය පිලිබඳ මූලික අදියරේ තාක්ෂණික සාකච්ඡා ඇරඹි වහා, ගැටලුවේ බරපතල බව පිලිබඳ හමාස් සංවිධානයට නියත වශයෙන් අවබෝධයක් තිබේද, නැද්ද යන්න පිලිබඳ ප්‍රකාශ කළ හැකි යැයි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) මාධ්‍ය හමුවේ පැවසීය.

හමාස් සංවිධානයේ රැඳවුම් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් පිරිසෙන් මේ වන විට ජීවතුන් අතර සිටින්නේ 20 දෙනකු පමණක් බව මීට පෙර වාර්තා විය. සිය  භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම සංවිධානය පවසයි.

 



සටන් විරාමයේ පළමු අදියර මෙම සතියේ ක්‍රියාවට නංවා සාර්ථකව අවසන් කළ යුතු බව ජනපති ට්‍රම්ප් අවධාරණය කරයි. එම පළමු අදියර යටතේ හමාස් භාරයේ පසුවන සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළයුතු වේ. ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදා භාරයේ සිටින පලස්තීන සිරකරුවන් මුදා හැරෙනු ඇත.

දෙවසරක ගාසා යුද්ධය තිරසරව නතර කිරීම  පිණිස, ජනපති ට්‍රම්ප් විසින්, කරුණු 20කින් යුත් සාම සැලැස්මක් ඉදිරිපත් කර තිබේ. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය කොන්දේසි සහිතව ඊට එකඟත්වය ප්‍රකාශ කර ඇත.

එහි සඳහන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ කොන්දේසියට සිකුරාදා (03) හමාස් සංවිධානය  කැමැත්ත ප්‍රකාශ කළ  අතර, අවි බිම තැබීම පිලිබඳ කරුණු තරයේ ප්‍රතික්ෂේප කළේය.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිලිබඳ නිශ්චිත දින වකවානු තවමත් ප්‍රකාශ කළ නොහැකි බව පවසන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රුබියෝ, කෙසේ වෙතත්, ඊට සති හෝ දින ගණනක් ලබා දිය නොහැකි බව කියා සිටියේය. එය වහ වහා සිදු කළ යුතු බව ඔහු තරයේ කියා සිටී.

 



කෙසේ වෙතත්, ඊයේ (05) ද ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ දැවැන්ත සන්නද්ධ මෙහෙයුමක  නිරත විය. ඊශ්‍රායලය, ගුවනින් සහ යුද ටැංකි මගින් එල්ල කළ බෝම්බ ප්‍රහාර හේතුකොට 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

2023, ඔක්තෝබර් 07 දා, ඊශ්‍රායල සිවිල් වැසියන් එල්ල කර සිදු කළ ම්ලේච්ඡ හමාස් ප්‍රහාරයෙන් පසු දිනම ඊශ්‍රයලය ගාසා යුද්ධය ආරම්භ කළේය. එම හමාස් ප්‍රහාරයෙන් නිරායුධ සිවිල් වැසියන් 1200ක් ඝාතනය වූ අතර 251 දෙනකු හමාස් ප්‍රාණ ඇපයට පත්විය.

එතැන්සිට ඇරඹි ඊශ්‍රායල - හමාස් ගැටුමින් මේ වන විට ගාසා තීරයේ 67,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති.

b56u56856856
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/6/2025

Hamas readies for Gaza talks that US hopes will halt war, free hostages

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්