leader s

ඊශ්‍රායල සහ හමාස් නිලධාරීහු, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සාම සැලැස්මට අනුව ගාසා යුද්ධය අවසන් කිරීම පිණිස සාකච්ඡා කිරීමට ඊයේ (06)  ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් ( Sharm el-Sheikh ) නිකේතනයට පැමිණියහ.  


ගාසා යුද්ධය ආරම්භ වී අදට (07)  දෙවසරක් සම්පූර්ණ වේ.

මීට දෙවසරකට පෙර, එනම්, 2023, ඔක්තෝබර් 07 දා, ඊශ්‍රායල සිවිල් වැසියන් ඉලක්ක කර සිදු කළ ම්ලේච්ඡ හමාස් ප්‍රහාරයෙන් නිරායුධ පුද්ගලයින් 1200ක් ඝාතනය වූ අතර 251 දෙනකු හමාස් ප්‍රාණ ඇපයට පත්විය. දෙවන ලෝක සංග්‍රාමයේදී ආඥාදායක හිට්ලර් විසින් සිදු කළ ඉතිහාසගත යුදෙව් සමූලඝාතනයෙන් පසු, ඊශ්‍රායල වැසියන් මුහුණ දුන් අතිශය මාරාන්තික දිනය එයය. පසු දිනම ඊශ්‍රයලය ගාසා යුද්ධය ආරම්භ කළේය.

ebb15440 a261 11f0 92db 77261a15b9d2

 

එතැන්සිට ඇරඹි ඊශ්‍රායල - හමාස් ගැටුමින් මේ වන විට ගාසා තීරයේ 67,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති.

හමාස් භාරයේ ඉතිරි වූ ප්‍රාණ ඇපකරුවන් 48 දෙනාගෙන් මේ වන විට ජීවතුන් අතර ඇත්තේ  20 දෙනකු පමණක් බව එම සංවිධානය කියා සිටී.

ගාසා යුද්ධයට දෙවසර පිරෙන අද දින, අපර භාගයේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වීමට නියමිතය. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම එහි ප්‍රථම අදියර වුවත්, එම අවසන් වටයේ සාකච්ඡා අවම වශයෙන් දින කිහිපයක් හෝ සිදු වනු ඇතැයි විදෙස් දේශපාලන ආරංචි මාර්ග පවසයි. එබැවින්, හදිසි සටන් විරාමයක් පිණිස  ක්ෂණික එකඟතාවක් අපේක්ෂා කළ නොහැකි බව ඊජිප්තු නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

 

jh57895789759

දෙපාර්ශවය අතර අන්‍යොන්‍ය විශ්වාසය බිඳකුදු නොමැති පසු බිමක, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමෙන් අනතුරුව, ඊශ්‍රායල අරමුණ යළි යුද ප්‍රකාශ කිරීම විය හැකි බවට, හමාස් සංවිධානය නිසැක සැකයෙන් පසු වේ.

සටන් විරාම සාකච්ඡා සඳහා එක්වන ඊශ්‍රායල නියෝජිත පිරිස එරට මොද්සාඩ් (Mossad) සහ ෂින් බෙට් (Shin Bet) රාජ්‍ය ඔත්තු සේවා නිලධාරීන් ගෙන් ද සමන්විතය. අග්‍රාමාත්‍ය නෙතන්යාහු ගේ විදෙස් ප්‍රතිපත්ති උපදේශක ඔෆීර් ෆෝක් (Ophir Falk) සහ ප්‍රාණ ඇපකරුවන් පිලිබඳ සම්බන්ධීකාරක ගැල් හීර්ෂ් (Gal Hirsch) ද එම නියෝජිත පිරිස අතර වෙති.

ඊශ්‍රායල නියෝජිත පිරිසේ නායක, එරට උපායමාර්ගික කටයුතු පිලිබඳ අමාත්‍ය, රොන් ඩර්මර්  (Ron Dermer), සාකච්ඡා සඳහා සහභාගී වන්නේ, ඒ පිලිබඳ සමීප නිරීක්ෂණයෙන් අනතුරුව, මෙම සති අන්තය ආසන්නයේ බව ඊජිප්තුවේ සිටින ඊශ්‍රායල නිලධාරීහු සඳහන් කරති.  

 

GettyImages 2239025424
පිටුවහල් කරන ලද ගාසා නායක ඛලිල් අල්-හයියා (Khalil Al-Hayya) ගේ ප්‍රධානත්වයෙන් හමාස් නියෝජිත පිරිස එම සාකච්ඡා සඳහා  එක්වේ.

දෙපාර්ශ්වය සතුව දැනට ජීවතුන් අතර සිටින ප්‍රාණ ඇපකරුවන් සහ ජීවිතක්ෂයට පත් වූවන්ගේ සිරුරු හුවමාරු කරගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් පිලිබඳ පැහැදිලි නිර්වචන අවශ්‍ය බව හමාස් සංවිධානය අවධාරණය කර සිටී. එමෙන්ම, ඔවුහු  ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීම සහ තිරසර සටන් විරාමයක් පිලිබඳ සහතිකයක් ද ඉල්ලා සිටිති.  

ජනපති ට්‍රම්ප් ගේ සාම සැලැස්මේ එන හමාස් සංවිධානය නිරායුධකරණය පිලිබඳ ඊශ්‍රායල නියමයන්ට එම සංවිධානය එක හෙළා සිය විරෝධය පළ කර සිටී. ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් මුළුමනින්ම ඉවත් වීමෙන් අනතුරුව පලස්තීන රාජ්‍යයක් බිහි කෙරෙන තෙක්, අවි අත්  නොහරින බව ඔවුහු තරයේ  කියා සිටිති.



කෙසේ වෙතත්, පලස්තීන රාජ්‍යයක් යනු හුදු සිහින මාත්‍රයක් පමණක් බව අග්‍රාමාත්‍ය නෙතන්යාහු සපථ කර සිටී.

බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් රැසක්, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා  බව පසු ගිය මස, නිව් යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඒකමතිකව ප්‍රකාශයට පත් කළහ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/7/2025

මුලාශ්‍රය :

Gaza talks turn to key sticking points between Israel, Hamas

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්