leader s

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය විසින් අත්සන් තැබුණු ගිවිසුම ශක්තිමත්, කල්පවතින සහ තිරසර සාමය උදෙසා තැබූ සාර්ථක මුල් පියවරක් බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

කෙසේ වෙතත්, දෙපාර්ශ්වය අතර ඊජිප්තුවේදී පැවති  වක්‍ර සාකච්ඡා වලින් අනතුරුව  අත්සන් කෙරුණු එම  අවබෝධතා ගිවිසුම, සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම, දෙපස භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් නිදහස් කිරීම සහ  ඊශ්‍රායල හමුදා අදියර වශයෙන් ගාසා තීරයෙන් ඉවත් වීම වැනි මූලික කරුණු කිහිපයකට සීමා වේ.

 

ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් මුළුමනින් ඉවත්වීම, හමාස් සංවිධානය නිරායුධකරණය, එම අදියරෙන් අනතුරුව ගාසා තීරයේ යළි යුද්ධයක් පැන නොනැගීමට වගවීම සහ එවැනි වගකීමක් පිලිබඳ සහතිකයක් ලබා දෙන්නේ කවුරුන්ද වැනි කරුණු රැසක් පිලිබඳ සාකච්ඡා පසුවට කල් තබා ඇත.

ජනපති ට්‍රම්ප් විසින් හඳුන්වාදුන්,  කරුණු 20කින් යුත් ගාසා සාම යෝජනාවලියට ඉකුත් සිකුරාදා  (03), හමාස් සංවිධානය කොන්දේසි සහිතව එකඟ වීමත් සමග,  ගාසා තීරයේ බෝම්බ හෙළීම වහා නතර කරන ලෙස ජනපති ට්‍රම්ප්, ඊශ්‍රායලට දැනුම් දුන්නේය. එහෙත්, ඊශ්‍රායලය මෙතෙක් ඊට අවනතව නැත. විශේෂයෙන්,  ගාසා නගරය ඉලක්ක කර එල්ල කෙරෙන ඊශ්‍රායල ගුවන් සහ භූමි ප්‍රහාර මධ්‍යයේ තව දුරටත් පලස්තීනුවන් ඝාතනය වෙමින් සිටී.

 

v6u5u6

සාම සැලැස්මට දෙපාර්ශ්වය  එකඟ වූ බව ජනපති ට්‍රම්ප් විසින් නිවේදනය කිරීමෙන් පසු,  ගාසා තීරයේ අඛණ්ඩ ප්‍රහාර, 'වරින් වර' මුහුණුවරක් ගෙන තිබේ. හමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් සහ ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන සිරකරුවන් නිදහස් කිරීම පිලිබඳ නිවේදන නිකුත්වීමත් සමග, ප්‍රීති ප්‍රමෝදයට  පත් ඊශ්‍රායල වැසියෝ සතුට සැමරීමට ටෙල් අවිව් අගනුවර  ප්‍රාණ ඇපකරු චතුරශ්‍රයට එක් වූහ. ගාසා තීරයේද, විනාශවී ගිය කොන්ක්‍රීට් ගොඩනැගිලිවල සුන්බුන් මත නැගි පලස්තීනුවෝ, වෙඩි සහ පිපිරුම් හඬ මධ්‍යයේ සිය සතුට ප්‍රකාශ කළහ.

මීට පෙර ගාසා තීරයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් සාම ගිවිසුම් මෙන් නොව, මෙවර සාම යෝජනාවලිය මගින්, අවසන් විසඳුමක් සම්බන්ධයෙන් නියමිත දින වකවානු හෝ කල් ඉකුත්වීම්  ඉදිරිපත් කර නොමැත. සාකච්ඡා අතරමග අසාර්ථක වුවහොත්,  යළි ගැටුම් ඇරඹීම පිණිස වන අවසන් කාලසීමා නීර්ණයෙන්  තොරව, මෙවර සාම යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධාන රජයේ මූලධර්මවාදී සහ ජාතිකවාදී දැඩි මතධාරීහු, යුද්ධය තව දුරටත් පවත්වාගෙන යායුතු බවට දිගින් දිගටම බලපෑම් එල්ල කරති. ප්‍රාණ ඇපකරුවන් සියළු දෙනා මුදා ගැනීමන් අනතුරුව, හමාස් සංහාරය යළි ආරම්භ කළ යුතු බව ඊශ්‍රායල මුදල් අමාත්‍ය, බෙසලෙල් ස්මොට්‍රිච් (Bezalel Smotrich) කියා සිටී.

 

ap25017434823414
කෙසේ වෙතත්, ජනපති ට්‍රම්ප් මෙවර, සිය ගිවිසුම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාචික උපදෙස් පමණක් නිකුත් කරමින්, දෙපසේම ගිනි පාගා ගැනීමෙන් වැළකී සිටිනු පෙනේ. ඔහුගේ නව ප්‍රයත්නය, යුද්ධය යළි අවුළා ගැනීමට ඊශ්‍රායලයේ  උත්සාහය ව්‍යර්ථ කිරීමත්, සිය සාම යෝජනාවලිය කඩිනම් කිරීමට හමාස් සංවිධානයට බල කිරීමත්ය. එහෙත්, එම මූලික කරුණු යුගල මත පවා අත්‍යන්තයෙන් ධනාත්මක වීම අන්තරායකර බව ට්‍රම්ප් හොඳින් දන්නේය. යුද්ධය නවත්වන ලෙස බැරෑරුම්ව,  'කට උල් කර'  පැවසුවද, ඔහුගේ වාග් විලාශය, ගාසා ගැටලුව සම්බන්ධයෙන් ඔහුගේ අභිලාශය මොනවට පැහැදිලි කරයි.

අගමැති නෙතන්යාහු සමග සිට, පසුගිය සිකුරාදා (03) ජනපති ට්‍රම්ප් සිය සැලැස්ම  නිවේදනය කළේ, හමාස් සංවිධානයට, එය "කැමති නං පිළිගනු - නැත්නං ඉවත්වනු" යන තේරීම පමණක් ඉතිරි කරමිනි. ඊට සමගාමී හෝ පටහැනි අන් කිසිදු විකල්පයක් එහි  නැත.  ගැටලුව විසඳීමට ඉන් ඔබ්බට ඇත්තේ පැය ද, දෙකද, දින, සති හෝ මාස කීයද යන්න, ඔහු හා නෙතන්යාහු ඒ  විටත් තීරණය කර අවසන් ය.  

ඊට කොන්දේසි සහිතව හෝ එකඟවීමට හමාස් සංවිධානයට සිදු වූයේ එබැවිණි. හමාස් සිය තීරණය  නිකුත් කිරීමත් සමගම, ගාසා තීරයේ ප්‍රහාර වහා නවත්වන ලෙස ට්‍රම්ප් ඊශ්‍රායලයට දැන්වීය.

 

hm7467

එමන්ම, ඊජිප්තු සාකච්ඡා අතරතුර  මූලික ගිවිසුම්ගතවීම්  ප්‍රමාද වන විට, "කිසිවකු කවදාවත් නොදුටු අපායක් මිහිපිට පෙන්වන" බවට, ඔහු හමාස් සංවිධානයට තර්ජනය කළේය. ඒ අනුව, මෙම ගැටලුව සම්බන්ධයෙන්  ඊළඟ කඩුල්ල බිඳ නොවැටෙන තැනට 'ගැරන්ටියක්'  ලබා දෙන්නේ කවුද, ඒ කෙසේද, නොඑසේව සිදු වන්නේ කුමක්ද යන තීරණ මත ඔහු සිය පැහැදිලි මුද්‍රාව තබා තිබේ.    

ගාසා තීරයේ නව සටන් විරාමයක්  පිලිබඳ, ඊශ්‍රායල සන්ධාන රජයේ තීරණය දැනුම් දුන් වහා එය ක්‍රියාත්මක කරන බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. ඒ උදෙසා ඊයේ (09) එය ආරක්ෂක  කැබිනට්ටුව හමුවේ සාකච්ඡා කිරීමට නියමිත විය.

රජයේ තීරණය දැනුම් දීමට නම්, කැබිනට්ටුව එය අනුමත කළ යුතුය. එම  තීරණයෙන් අනතුරුව පැය 24ක කාලයක් ඉකුත් වීමට මත්තෙන්,  සටන් විරාමය ඇරඹීමට කටයුතු කෙරේ. එතැන් සිට පැය 72ක් තුළ, ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සියළු දෙනා නිදහස් කළ යුතුය.

 



සටන් විරාමය ආරම්භ වීමත් සමග ගාසා තීරයට මානුෂීය ආධාර ගලා ඒම ද ආරම්භ කෙරේ. ඒ වෙනුවෙන් ගාසා තීරයේ සියළු මානුෂීය ආධාර කණ්ඩායම් පූර්ණ වශයෙන් කැඳවා ඇතැයි,   එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්,  අන්තෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) පවසයි.  ඕනෑම මොහොතක එම මෙහෙයුම සාර්ථකව දියත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි සූදානමක ඇතැයි ද  ඔහු කියා සිටී.

යුරෝපීය රටවල අමාත්‍යවරුන් සහ අරාබි රටවල ඉහළ පෙළ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ, ප්‍රංශයේ පැරිස් නුවර පැවති විශේෂ හමුවක දී, ගාසා තීරයේ අනාගතය පිළිබඳවද සාකච්ඡා කෙරිණි. අනාගත ගාසා තීරයේ රාජ්‍ය පාලනය, ආධාර, ප්‍රතිසංස්කරණ සහ නිරායුධකරණය වැනි කරුණු ඊට ඇතුළත් විය. ජනපති ට්‍රම්ප්ගේ අභිලාශය නම්, ජාත්‍යන්තර ස්ථාවරකරණ බලකායක් මගින් එම පියවර ක්‍රියාත්මක කිරීමය.

වැඩි දුර සාකච්ඡා පිණිස ඊශ්‍රායල ජනපති ඉසාක් හර්සොග් (Isaac Herzog) ඉරිදා (11) ජෙරුසෙලමට පැමිණීමට නියමිතය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/10/2025

මුලාශ්‍රය :

Gaza war: How close is it to ending?

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්