leader s

ග්‍රීසියේ අද (14) දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කෙරිණි. යෝජිත කම්කරු ප්‍රතිසංස්කරණවලට එරෙහිව එම වැඩ වර්ජනය ක්‍රියාත්මකය. වැඩ වර්ජනය හේතුවෙන් ග්‍රීක නෞකා සහ දුම්රිය සේවා සියල්ල අකර්මන්‍යව පවතී.


යෝජිත කම්කරු ප්‍රතිසංස්කරණ යටතේ පුද්ගලික අංශ සේවකයින් ද නියමිත දෛනික සේවා පැය ඉක්මවා සේවයේ යෙදවීම බලාත්මක කෙරේ.

රාජ්‍ය සහ පුද්ගලික අංශ වෘත්තීය සමිති එක්ව එක් මසක් තුළ එරට දෙවන වරටත් සංවිධානය කෙරෙන සුවිසල්ම වැඩ වර්ජනය මෙය වේ.

gree23423

 

යෝජිත කම්කරු පනත මෙම සතියේ එරට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතය.

අද වැඩ වර්ජනයට එරට රෝහල් වෛද්‍යවරු සහ රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවේදීහු ද  ද එක්ව සිටිති. සියලු විරෝධතා කරුවෝ  මධ්‍යහ්නය වන විට  ග්‍රීක පාර්ලිමේන්තුව වෙත පෙළපාලියෙන් ගමන් කිරීමට සූදානම් ව සිටිති.

නව කම්කරු ප්‍රතිසංස්කරණ යටතේ හාම්පුතුන්ට සිය සේවකයින්, නියමිත දෛනික රාජකාරි පැය ඉක්මවා අනිවාර්ය සේවයේ යෙදවීමට  සහ කෙටිකාලීන කුලී පදනම මත සේවකයින් අනුයුක්ත කිරීමට ද අවසර හිමි වේ. එමෙන්ම, පුද්ගලික අංශයේ වාර්ෂික සේවක නිවාඩු ද නව පනතින් සංශෝධනය කෙරේ.

gree934534

 

රට තුළ වඩාත් ඵලදායී සහ නම්‍යශීලී සේවක වෙළඳපොළක් බිහි කිරීමේ අරමුණින් නව පනත ඉදිරිපත් කෙරෙන බව ග්‍රීක රජය පවසයි. එමෙන්ම, නව පනත, අතිකාල සේවයේ යෙදීම ප්‍රතික්ෂේප කරන සේවකයින් සේවයෙන් පහකිරීමේ අවදානමින් ආරක්ෂා කරන බව ද රජය කියයි.

එහෙත්, නව පනත මගින් කම්කරු අයිතීන් උල්ලංඝනය කෙරෙන බව වෘත්තීය සමිති චෝදනා කරති. යුරෝපා සංගමයට අයත් අනෙකුත් රටවලට සාපේක්ෂව ග්‍රීසියේ පුද්ගල වේතන පහල අගයක පවතී.



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/14/2025

මුලාශ්‍රය :

Greek strike against labour reforms disrupts transport, services

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්