leader s

සිරියාවේ අසාද් රජය, නීති විරෝධී සමූහ මිනී වළක් අස්ථාන කිරීමට දෙවසරක රහසිතගත මෙහෙයුමක් දියකර ඇති බවට තොරතුරු අනාවරණ වේ යැයි, රොයිටර්ස් පුවත් සේවය නවතම වාර්තාවකින් කියා සිටී.

සිරියාවේ කුප්‍රසිද්ධ සමූහ සුසාන කිහිපයක තිබූ  දහස් සංඛ්‍යාත පුද්ගල මළ සිරුරු, හුදෙකලා කාන්තාර ප්‍රදේශයක යළි වළ දැමූ බවට ඒ පිලිබඳ සිදු කළ විශේෂ විමර්ෂණයක දී අනාවරණයව ඇතැයි, එම පුවත් සේවය පවසයි.

සිරියාවේ හිටපු ජනපති, බෂාර් අල්-අසාද් ගේ හමුදාව විසින් එරට කුටේෆා (Qutayfah) හි පිහිටි සමූහ සුසානයක වූ  පුද්ගල දේහ කොටස් ධුමෙයිර් (Dhumair) නගරයෙන් පිටත පිහිටි කාන්තාරයක, දෙවන රහස් සමූහ සුසානයක් වෙත අස්ථාන කළ බවට තොරතුරු එතෙක් අනාවරණය වී නොතිබිණි.

 

asaad mg123
රොයිටර්ස් පුවත් සේවය ඒ පිලිබඳ සිදු කළ විශේෂ විමර්ශනයකදී, එම සිදුවීම සම්බන්ධයෙන් සෘජුව කරුණු දත් පුද්ගලයින් 13 දෙනකු හා සිදු කළ සම්මුඛ සාකච්ඡාවලදී මෙම තොරතුරු මුලින්ම  අනාවරණය කර ගත්  බව, එම පුවත් සේවය පවසයි. ඒ අනුව, අසාද් රජය, කුටේෆා සමූහ සුසානයේ වූ පුද්ගල මළ සිරුරු හා  කොටස් නව රහස් සමූහ සුසානයක් වෙත ප්‍රවාහනය කිරීමේ දෙවසරක මෙහෙයුමක් දියත් කර තිබූ බවට කරුණු අනාවරණය වී ඇත.

රොයිටර්ස් පුවත් සේවය මගින් ඊට සම්බන්ධ ලේඛන රැසක් සහ චන්ද්‍රිකා ඡායාරූප රැසක් ද සමීපව නිරීක්ෂණය කර තිබේ.

ජනපති අසාද් ගේ එම කූට මෙහෙයුම "භූමි විකාශන මෙහෙයුම" (Operation Move Earth) ලෙස නම් කර තිබූ බව ද එහිදී හෙළි  විය. එය, 2019 සිට 2022 තෙක් වූ දෙවසරක කාලය තුළ දියත් කර ක්‍රියාත්මක කරන ලද්දකි. ජනපති අසාද් විසින් සිය කෲර අපරාධ සහමුලින් සඟවා, යළි තම ප්‍රතිරූපය නංවාලීම පිණිස එම මෙහෙයුම සිදු කර තිබේ.

asaad 234234

 

රොයිටර්ස් පුවත් සේවය, සිය විමර්ශනය මගින් හෙළි කරගත් තොරතුරු රැසක් ඊයේ (14), වත්මන්  සිරියානු ජනපති, අහ්මෙඩ් අල්-ෂරා (Ahmed al-Sharaa) වෙත දැන්වීය. රජය, මෙතෙක් ඒ පිලිබඳ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. කෙසේවෙතත්, එම දෙවන සමූහ සුසානය ද අපරාධකරුවන් විසින් විනාශ කිරීමට යත්න දරතියි, අනුමානය මත, එහි පිහිටීම පිලිබඳ කිසිදු නිශ්චිත තොරතුරක් 'දැන්ම' අනාවරණය  කිරීමෙන් වැළකී සිටින බව එම පුවත් සේවය පවසයි.

ධුමෙයිර් හි කි.මී. 2 ක පමණ කාන්තාර වපසරියක, අගල් 32කින් යුත්  නව සමූහ සුසානය, සිරියානු සිවිල් යුද සමයේ සිදු කරන ලද මානව අපරාධ රැසක සුල මුල හෙළි කරනු ඇතැයි විශ්වාස කෙරේ.

අසාද් රජය, කුටේෆා හි පිහිටි මුල් සමූහ සුසානයේ පුද්ගල මළ සිරුරු වළ දැමීමේ මෙහෙයුම ආරම්භ කළේ, එරට සිවිල් යුද්ධය ඇරඹි  2012 වසරේ මුල් වකවානුවේදීය. ඒකාධිපති නායක අසාද් රජයේ සිර කඳවුරුවල ජීවිතක්ෂයට පත් හමුදා සෙබළුන් සහ තවත් සිරකරුවන් රැසකගේ මළ සිරුරු එහි තැන්පත්ව තිබිණ.

asad343

සිරියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයකු විසින් කුටේෆා සමූහ සුසානය පිලිබඳ කරුණු මුලින්ම අනාවරණය කෙරුණේ 2014 වසරේදීය. 2019 පෙබරවාරි මස සිට 2022 අප්‍රේල්  දක්වා වූ කාල සීමාව පුරා, සෑම සතියකම දින හතරක්,  රාත්‍රී කාලයේ, කැණීම් අපද්‍රවය සහ මානව සිරුරු කොටස් පිරවූ ට්‍රක් රථ අටකින්, කුටේෆා සිට ධුමෙයිර් දක්වා එම සමූහ සුසාන අස්ථාන මෙහෙයුම සිදු කර තිබේ.

asaadb56u

 

සිවිල් අරගලයකින් ඒකාධිපති අසාද් රජය ඉකුත් වසර අග බිඳ වැටීමත් සමග ජනපති බෂාර් අල්-අසාද් සහ ඔහුගේ සමීප සහචරයෝ රුසියාවට පලා ගියහ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/15/2025

මුලාශ්‍රය :

Exclusive: Assad government secretly moved mass grave to cover up killings, Reuters investigation finds

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්