ගාසා තීරයේ බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීම පිණිස එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාවක් එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.
ගාසා බටහිර ඉවුර ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටී. එය ඊශ්‍රායලයට ඈඳා ගැනීමට ඉදිරිපත් කළ පනතක් බදාදා (22) එරට පාර්ලිමේන්තුවේදී මූලිකව සම්මත විය.
පලස්තීන ජනතාව ද ගාසා තීරයේ අනාගත ස්වාධීන රාජ්‍යයක, බටහිර ඉවුරේ ස්වාධිපත්‍යය ඉල්ලා සිටිති.
මේ මොහොතේ, ඊශ්‍රායලයට "ඒ සෙල්ලමට" ඉඩ නොදෙන බව ජනපති ට්‍රම්ප් ඊයේ (23) පැවසීය.

බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීමේ යෝජනාව සම්මත කිරීම, මුළුමනින්ම දේශපාලනික පිම්මක් බවත්, එය අතිශය අඥාන ක්‍රියාවක් බවත්, එක්සත් ජනපද උප ජනපති, ජේ ඩී වෑන්ස් (JD Vance) ද අවධාරණය කර සිටී.
බටහිර ඉවුරේ සිය දහස් සංඛ්‍යාත යුදෙව් ජනයා වාසය කරති. එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන්නක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ජාත්‍යන්තරයේ ඇතැම් කොටස්වල මතයයි.
බයිබලයට හා ඓතිහාසික කරුණු අනුව, බටහිර ඉවුර තමන් සතු බව, ඊශ්‍රායලය පවසයි. එහි ඊශ්‍රායල ජනාවාස පිහිටීම පිලිබඳ ජාත්‍යන්තර විරෝධය හා එය පලස්තීන රාජ්‍යයේ කොටසක් ලෙස පිළිගැනීම එරට ඉඳුරා ප්‍රතික්ෂේප කර සිටී.

බටහිර ඉවුරේ මෙම ගැටලුව දශක ගණනාවක් තිස්සේ මැද පෙරදිග සාමයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ.
එය ඊශ්‍රායලය වෙත ඈඳා ගැනීම පිණිස, බදාදා සම්මත කළ පනත දැඩි ලෙස හෙලා දකිමින්, සෞදි අරාබිය, ඉන්දුනීසියාව, තුර්කිය ඇතුළු තවත් බහුතර මුස්ලිම් රාජ්‍ය 13ක් විසින්, ප්‍රකාශ නිකුත් කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/24/2025
මුලාශ්‍රය :
Trump dismisses bid by some Israeli lawmakers to annex West Bank







