leader s

ඉන්දියාවේ දිල්ලි නුවර ඉකුත් සතියේ සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කාශ්මීර පදිංචිකරුවකු අත්අඩංගුවට ගත් බව, ෆෙඩරල් ත්‍රස්ත විරෝධී ඒජන්සිය පවසයි.

 

දිල්ලි නුවරදී එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. එම පුද්ගලයා සහ පුපුරා ගිය කාර් රථයේ රියදුරු කුමන්ත්‍රණයට සම්බන්ධ බවට චෝදනා එල්ල වේ. පිපිරීමෙන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්ව, 20කට අධික පිරිසක්  තුවාල  ලැබූහ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ අමීර් රෂිඩ් අලි (Amir Rashid Ali) නම්, පුද්ගලයකු බව, ජාතික විමර්ශන ඒජන්සිය පවසයි. පුපුරා ගිය මෝටර් රථය, ඔහුගේ නමින් ලියාපදිංචි කර ඇතැයි, අනාවරණය විය.

amir

 

මරාගෙන මැරෙන බෝම්බකරු වූ, පුපුරා ගිය රථයේ රියදුරු උමාර් උන් නබි (Umar Un Nabi) සහ ඔහු, ඒ සම්බන්ධ කුමන්ත්‍රණයේ යෙදී තිබේ. නබි, දකුණු කාශ්මීරයේ පුල්වාමා (Pulwama) හි පදිංචිකරුවකි.

අලි නැමැත්තා දිල්ලියට පැමිණ ඇත්තේ, කාර් රථය මිලට ගැනීමේ කටයුතු පිණිසය. අනතුරුව, මෝටර් රථයේ සවි කර තිබූ පුපුරණ උපකරණයකින්ම එය පුපුරවා හැරීමට කටයුතු කර තිබේ.

නබි ට අයත් තවත් මෝටර් රථයක්ද, ඉදිරි විමර්ශන පිණිස අත්අඩංගුවට ගෙන ඇත. පිපිරීමෙන් තුවාල ලත් පුද්ගලයින් ඇතුළු 73 දෙනකුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර තිබේ.

amir34

 

කාර් රථ පිපිරීම, ත්‍රස්ත ක්‍රියාවක් බව ඉකුත් සතියේ ඉන්දීය රජය නිවේදනය කළේය. සිද්ධියට සම්බන්ධ සියලු පිරිස් වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බව ද රජය පැවසීය.

2011න් පසු, අධි ආරක්‍ෂිත දිල්ලියේ රතු චතුරශ්‍රය ආසන්නයේ වාර්තා වූ පළමු මහා පරිමාණ ත්‍රස්ත ප්‍රහාරය මෙයය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/17/2025

මුලාශ්‍රය :

India arrests Kashmir resident over Delhi car blast

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්