leader s

හසීනා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වේ

හිටපු ස්වදේශ ආරක්ෂක කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කමල්ටත් මරණ දඬුවම

රජයේ සාක්ෂිකරුවෙකු වීම හේතුවෙන් හිටපු පොලිස්පති අබ්දුල්ලා අල් මනුන්ට වසර පහක සිර දඬුවමක්

ඩකා අගනුවර ඇතුළු රටපුරා ආරක්ෂාව තර කෙරේ

හසීනා ඇයට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කර කර


පසුගිය වසරේ රාජ්‍ය විරෝධී විරෝධතා මාරාන්තික ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කර තිබේ.

මනුෂ්‍යත්වයට එරෙහි විවිධ අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ හසීනාට එරෙහි මෙම නඩු විභාගය පැවැත්වුණේ ඇයගේ සහභාගීත්වයෙන් තොරවය.

ඇය දැනට බංග්ලාදේශයෙන් පිටුවහල්වී ඉන්දියාවේ රැකවරණය ලබයි.

haseena 1

ෂෙයික් හසීනා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුගේ අපරාධ ඔප්පු වී ඇති බව විනිශ්චය සභාව පැවසිය.

චෝදනා පහෙන් දෙකකට ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වු අතර තවත් චෝදනාවක් සම්බන්ධයෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වී ඇත.

මේ අතර, හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කමල්ට එරෙහි එක් චෝදනාවකට ඔහුට මරණ දඬුවම නියම විය.

රජයේ සාක්ෂිකරුවෙකු වීම හේතුවෙන් හිටපු පොලිස්පති අබ්දුල්ලා අල් මනුන්ට වසර පහක සිර දඬුවමක් නියම විය.
 
haseena 2
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන්ට අයත් රටේ සියලුම දේපළ අත්පත් කරගෙන රජයට පැවරීමට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව නියෝග කර ඇත.

විනිසුරු එම්ඩී. ගෝලම් මෝර්ටුසා මජුම්දර්ගේ නායකත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව-1 මෙම නියෝගය අද (නොවැම්බර් 17) ලබා දුන්නේය.

උපුටා ගැනීම් - බීබීසී  සිංහල

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්