leader s

ගාසා තීරයට "ජාත්‍යන්තර හමුදා බලකායක්" යෙදවීම පිළිබඳව අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබේ.


මෙරට වේලාවෙන් අද (18) අලුයම 03.30ට පමණ කවුන්සිල සාමාජිකයින් ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඡන්දය භාවිත කරන ලදි. සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ආරක්ෂා කවුන්සිලයේ සාමාජිකයින් 13 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබේ.

 

AFP 20251117 2246647015 v1 HighRes UnitedNationsSecurityCouncilMeetsToConsiderT e1763417687418

රුසියාව සහ චීනය ඡන්දය දීමෙන් වැළකී සිටි බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

ඒ අනුව, ගාසා තීරයේ "I.S.F" හෙවත් ජාත්‍යන්තර ස්ථායිකරණ බලකායක් ස්ථාපනය කිරීමට නියමිත වේ.

මේ වන විටත් රටවල් ගණනාවක් ඒ වෙනුවෙන් සිය හමුදා සාමාජිකයින් යෙදවීමට කැමැත්ත පළ කර ඇති බව පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ය.

 



ගාසා තීරයේ අන්තර්වාර පාලන අධිකාරියක් පිහිටුවීම සාම සැලැස්මේ තවත් කරුණක් වේ. ගාසා තීරයේ ප්‍රතිසංස්කරණය සහ ආර්ථික ප්‍රකෘතිය අධීක්ෂණය කිරීම එම පාලන අධිකාරියේ අරමුණ බව විදෙස් වාර්තා වල සඳහන් ය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ මැදිහත්වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානයට කරුණු 20ක සාම සැලැස්මක් ඉදිරිපත් කෙරුණි. දෙපාර්ශවය ඊට මුලින් ප්‍රතිරෝධයක් දැක්වුවද, පසුව ඔක්තෝබර් මාසයේදී ඊට එකඟ වුණි.

හමාස් සංවිධානය ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් සහ අනෙක් ප්‍රාණ ඇපකරුවන්ගේ මල සිරුරු ඊශ්‍රායලයට භාර දීම ඇරඹුණේ ඉන් අනතුරුවය. ඊශ්‍රායලයද, ඔවුන් භාරයේ සිටි පලස්තීන සිරකරුවන් සිය ගණනක් නිදහස් කිරීමට කටයුතු කරන ලදි.

 

wv4v4ubn
සටන් විරාමයක් පැවතියද, ගාසා තීරයේ දේශ සීමා ඇතුළු ගැටළු ගණනාවක් හේතුවෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර තවදුරටත් ගැටුම් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙනු ලබයි. සාම සැලැස්ම සාර්ථක වීමට නම්, හමාස් සංවිධානය ආයුධ බිම තැබීමට එකඟ විය යුතු අතර, ඊශ්‍රායලය පලස්තීනයේ ස්වාධීනත්වය පිළිගත යුතුය.

(aruna)

UN approves U.S. plan authorizing an international stabilization force in Gaza

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්