ගාසා තීරයේ ජාත්‍යන්තර ස්ථායිකරණ බලකායක් පිහිටුවීමේ අරමුණින්, එක්සත් ජනපද සහායයෙන් ගෙනා යෝජනාවක් ඊයේ (18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සම්මත විය.
හමාස් සංවිධානය එය තරයේ ප්‍රතික්ෂේප කර සිටී.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සැලසුම පලස්තීන ජනතාවගේ අයිතීන් සහ ඉල්ලීම් සපුරාලීමට කිසිසේත් සමත් නොවන බව එම සංවිධානය කියයි. එමගින්, ගාසා තීරයේ පාලනය, පලස්තීන ජනතාව සහ ප්‍රතිරෝධී කණ්ඩායම් හි විරෝධයට ලක්වූ ජාත්‍යන්තර භාරකාරත්වයක් අත පත් වන බව ඔවුහු දන්වා සිටිති.
ගාසා තීයේ පාලනය පිණිස ස්ථාපිත කෙරෙන එවැනි බලකායක කාර්ය භාරය ප්‍රශ්න සහගත බව එම සංවිධානය පවසයි.
එම කාර්යයන් අතරට අයත්, හමාස් සංවිධානය නිරායුධකරණය වැනි කටයුතු ස්වාධීන ක්‍රියා නොව, ඊශ්‍රායලය විසින් සිදු කර ඇති බලෙන් අත්පත් කරගැනීම් පිණිස සහාය දැක්වීමක් බව ඔවුහු පවසති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/18/2025
මුලාශ්‍රය :
UN Security Council adopts US resolution on Trump's Gaza plan
සබැඳි පුවත් :
ගාසා තීරයට 'ජාත්‍යන්තර හමුදා බලකායක්' යෙදවීමට UN අනුමැතිය







